(හර්ෂණ තුෂාර සිල්වා)
පොරොන්දු වූ පරිදි වත්මන් ආණ්ඩුවට ප්‍රතිසංස්කරණ සිදු කරමින් සංහිඳියා ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යෑමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයකට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද (21) පැවැසීය.
බොහෝ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් කනගාටුවක් තිබෙන බවද ඒ මහතා කීය.
තෙදින නිල සංචාරය අවසානයේදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම්වරයා ඒ බව කීය.
එහිදි අදහස් තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා මෙසේ ද කීය.
“මෙය මගේ දෙවැනි නිල සංචාරය. මුල පිරීම් සහ පොරොන්දු ඉටු නොවීම සම්බන්ධයෙන් කනගාටුවක් තිබෙනවා. කඩිනමින් ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි. පොරොන්දු කඩිනමින් ඉටු කළ යුතුයි. ප්‍රමාදය සම්බන්ධයෙන් කනගාටුවක් තිබුණත්, එම පොරොන්දු සහ ප්‍රතිසංස්කරණ ඉටු කිරීම තරමක් දුෂ්කර කාර්යයක්. එසේ නමුත් ඒ දේවල් කඩිනමින් සිදුවිය යුතුයි. එසේ නොකළහොත් ශ්‍රී ලංකාව හමුවේ සැලකිය යුතු අවදානමක් තිබෙනවා.
“පීඩාවට පත්වූ පුද්ගලයන්ගේ දුක් අඳෝනාවලට විසඳුම් සෙවිය යුතුයි. ධ්රැවීකරණයක් සහ කැබැලිවලට වෙන් ව ගිය බවක් දක්නට ලැබෙනවා. අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වෙනවා. මේවා සියල්ල ලේසි පහසු දේවල් නෙමෙයි. එසේ නොවුණත් ප්‍රතිසංස්කරණ කඩිනමින් කළ යුතුයි. ප්‍රමාදවීම කියන්නේ තව තවත් අර්බුදයකට යෑමක්. ආණ්ඩුව අභියෝග සහ දුෂ්කරතා හඳුනාගත යුතුයි. මේ ප්‍රමාදය සහ නිර්දේශ ක්‍රියාත්මක නොවීම, ප්‍රතිසංස්කරණ සිදු නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව හඳුනාගෙන ඇති බවට විශ්වාසයක් අපට තිබෙනවා.“
“පශ්චාත් යුද සමයෙන් පසු තිරසර සාමයක්, ජාතීන් අතර සමඟියක් අත්පත් කරගත් රටක් බවට පත්වෙමින් ශ්‍රී ලංකාව ලෝකයට ආදර්ශයක් විය යුතුයි. ශ්‍රී ලංකාව කළ යුත්තේ එක්සත් ජාතීන් පිනවීම නෙමෙයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය කුමක්දැයි තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාවයි. එසේ වුවත් ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකියි. "
“මම රටින් යන්නේ විශ්වාසයක් ඇතිවයි. ආණ්ඩුව අර්බුද සහ අභියෝග හඳුනාගෙන ඇති බවට විශ්වාසයක් තිබෙනවා. මුල පිරීම්, ප්‍රතිසංස්කරණ සහ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඕනෑවට වඩා අපිට බලපෑම් කරනවා වගේ... හිතන් ඉන්නේ අපි තාමත් සුද්දට යටත් රාජ්‍යයක් කියලා.
බ්රවුන්රිග් ආණ්ඩුකාර උතුමාණන් සිහිපත් වුණා
ලංකා මාතාවට ආදරය කරන පුරවැසියන් වන අප හට ඉතාම පහසුවෙන් තේරුම්යන්නේ බළලා මල්ලෙන් ප්‍රසිද්දියේම එලියට එන බවය.
ඇමති මංගල ජිනිවවලදී කිවුවදෙවල් කරනත් එපඊ, මේ ආණ්ඩුව ජාතියන්තරයි ලංකවෛඑ රවටලා තියෙන්නේ
කව්ද පොරොන්දු උනේ? මොනවද පොරොන්දු උනේ? යහපාලන ආණ්ඩුව සගවන සත්‍ය එළිවෙලා වගේ!
ලැජ්ජයි අපි ගැනම
උතුරු නගෙනහිර ප්‍රදේශවල ජනමත විචාරණයක් පවත්වා ඔවුන්ට ෆෙඩරල් පාලන බලතල ලබාදිය යුතුයි.
ඊලම සහ ඔටු ලන්ත දෙන බව පොරොන්දු වී සිංහලයාට කොකා පෙන්වූ .,පිට කොන්දක් නැති යහ ප්[ආලුවන්ට් දැන් ඉතින් පොරොන්දු වූ දෙය දීමට සිදුවී ඇත.. මට මතක් වෙනවා. සෝබිත හාමුදුරුවොත් අඩි 6 ක් උසැති දුටු ගැමුණු මහා රජ තුමාගේ පිළිරුව රැගෙන එදා සිංහලයට වින කිරීම පටන ගත් ද්‍රෝහී ජේ. අාර්. යුගයේ සිංහල බල මණ්ඩල පෙරහරේ අනුරාධ පුරයට ගිය හැටි. සිංහලයට වින කරන ,කරවන හැම එකෙකුම පවුල් පිටින් වඅනසේවා.
ශ්‍රීලංකාව යනු ස්වාධීන රජයක් මේ රටේ ඇති කලයුතු යම් වෙනසක් හෝ පාලනයක් ක්‍රමයක් ඇත්නම් එය කළ හැක්කේ ප්රජත්රන්ත්රික රටක් වශයෙන් රටේ ජනතාවගේ කැමැත්ත අනුවමිස එක එකාගේ උවමනාවන් වලට නොවේ ඔය කියන කෙනා තමයි කොස්වෝව දෙකඩ කිරීම සදහා කටයුතු කලේ ශ්‍රී ලංකාවේ ජනගහන ගණත්වය අනුව ලංකාවේ මුළු ජනගහනයෙන් 80% ඉන්නේ සිංහල ජාතීන් දමිල ජාතීන්12% හා මුළු බිම්ප්රමාණයෙන් 13%ක උතුරේ සියලු ජාතීන් ජීවත්වේ එයින්1 කණ්ඩායමකට අවැසි පරිදි රටපාලනය කිරීමට හෝ නීති සැකසීමට පුළුවන් කම නැත දමිල ජතියට මුවුබිම්ක් ඇති කරගැනීම අවශ්‍යනම් එය කරගත හැකි වන්නේ ඉන්දියාවෙන් මිස ලංකාවෙන් නොවේ මන්ද ඔවුන් සියල්ලගේම උපන් බිම ඉන්දියාව නිසාවෙනි යම් නුගත් හා අසීලාචාර දේසපලකයන්ගේ ක්‍රියා කලාපයන් නිසා හටගත් මේ අවුල අද වියසනයක් බවට පත්වී ඇත රටේ කිසිම පළාතකට නොමැති බලතල ඔවුන්ට ලබාදීම කිසි විටක කල නොහැකි උතුරු පළාතේ ජීවත් වූ මුස්ලිම් හා සිංහල ජනතාවට ඔවුන්ගේ උරුමයන් වහාම ලබාදීමට රජය කටයුතු කල යුතුය මුළු ශ්‍රීලංකාව පුරාම දමිල හා අනෙක් ජාතීන් නිදහසේ ජීවත් වන්නේ නම් ඒ නිදහස අනෙක් ජාතීන්ටද ලැබිය යුතුයි දැන් උතුර දමිල ජනතාවට සීමා කිරීමට වෙරදරයි
ලංකාව අවදානමේ යනු සම්බාධක දමන බවට තර්ජනය කිරීමයි. විකල්ප බලශක්තීන් කෙරෙහි යොමුව, ආහාර සහ අනෙකුත් දේශීය නිෂ්පාදන වලින් රට ස්වයංපෝෂිත කර ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් වීමට කාලය එළඹ ඇත.
ඔව්, මුළු රටම ඉල්ලනවා. දුප්පත් මිනිස්සු කොහොමද මේවා තියෙද්දී ඉගෙන ගන්නේ..?
ඒ දවස් වල නම් කිව්වේ ජාත්‍යන්තරයට කිසිම දෙයක් පොරොන්දු වෙලා නැහැ කියල නේද? ඔය දැන් එන්නේ පේලියට!! මේ අයට ඕනෑ වුණේ රට පාවල දීලා හරි බලය ගන්නයි.