(ඩයනා උදයංගනී)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලීසිය අතින් වරදක් වී ඇද්ද යන්න සොයාබලා දෙසතියක් තුළ වාර්තාවක් ලබාදෙන්නැයි තමන් පොලිස්පතිවරයාට දැනුම්දුන් බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
අද (25) පාර්ලිමේන්තුවේදී විදේශ විනිමය පාලන පනත පිළිබඳ විවාදය පැවැත්වෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සභාගැබට පැමිණ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට රටට වද දෙන අය අල්ලගත්තම මොකද?
කෙනෙක් අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී, සිවිල් ඇඳුමින් සැරසී තමන් කවරෙක්දැයි නොදන්වා, යමෙක් අත්අඩංගුවට ගැනීමට තැත් කිරීම පොලිසිය අතින් සිදුවුණු වරදක් ලෙසයි මා දකින්නේ.
සාගල මහත්තයෝ. පොලිසිය ගැන හොයන්න ඉස්සෙල්ලා ඔබ තුමාලාව බලයට පත් කරපු මහජනතාවට පාරක බැහැල යන්න බැරි කරන විරෝධතා ඉවත් කරන්න. නැත්නම ඔබතුමාලට නැවත ජන්දය ගන්න බැරිවෙයි.
අඩුපාඩු නැති විදියට වැඩකරන්න.
කුමාර් රටට හරියට වැඩක් කරන්නේ කවුද කියලා හරියටම බලලා කතා කරන්න...