(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
රට වෙනුවෙන් අපක්ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කිරීමට තමන්ට අවශ්‍ය වී ඇතැයි බැඳුම්කර කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද(26) කොමිසම හමුවේ පැවසීය.
සාක්කියක් ලබා ගැනීම සඳහා කොමිසමට කැඳවා තිබු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීම අතවශ්‍ය කරුණක් බව පෙන්වා දෙමින් කොමිසමට නොපැමිණීම හේතුවෙන් ඇතිවු සංවාදයේදී අදහස් දක්වමින් කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා එසේ පැවසීය.
අපක්ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා තමන්ට නිසි සාක්කි අවශ්‍ය බවද විනිසුරු කීවේය.
‘‘රට වෙනුවෙන් අපක්ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කිරීමටයි අපිට අවශ්‍ය වී තියෙන්නේ. ඒ නිසා සාක්කිකරුවන් නිසි ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්න. මෙම වාර්තාව පිළියෙළ කිරීමට අපිට ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයි‘‘ යැයි ද විනිසුරුවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප ඔබතුමාගේ අදහසට ගරු කරමු.
අපි දන්නෙ නෑහෑ කොමිසමට තිබෙන බලතල සහ වපසරිය කොතරම්ද කියලා. කොහොම උනත් මහත්තයෝ ඔබතුමාලා වැරදිකරුවන්ව හදුනාගෙන, ඔවුන් එක් එක් පුද්ගලයන් මේ රටේ රාජ්‍ය මුදල් සහ දේපල කොයි තරම් ප්‍රමානයක් තම තමන්ගේ සහ ඔවුන්ගේ දරු පවුල, නෑ හිත මිතුරන් සමග බෙදාගෙන තිබෙනවද? ඔවුන්ට මේ රටේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලබා දියහැකි උපරිම දඩුවම් මොනවාද කියලත් නිර්දේශ කරන්න. ඒ විතරක් නෙමෙයි. 100% ක් මේ රටේ පෞද්ගලික අංශයේ සේවක මහත්ම මහත්මින්ගේ වෑටුප් සහ සේවා යෝජකයන්ගේ දායකත්වයෙන් ගොඩනන්වා ඈති සේවක අර්ථසාධක අරමුදල සහ බාර අරමුදලේ මුදල්ක වංචා කල සහ කිරීමට සහයෝගය දුන් සියලු දෙනාටත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලබා දියහෑකි උපරිම දඩුවම් මොනවාද කියලත් නිර්දේශ කරන්න. ඒ සියලු දේපල සහ මුදල් නෑවත අයකර ගෑනීමට අවශ්‍ය ක්රියමාර්ගත් නිර්දේශ කරන්න.