ලක්ෂම්බර්ග්හිදීය (රොයිටර්)
අසාදු ලේඛන ගත කර ඇති ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය ඉවත් කිරීමට යුරෝපා සංගමයේ ඉහළ අධිකරණයක් අද (25) කටයුතු කළේය.
2009 වසරේදී ලද පරාජයෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානයට ප්‍රහාර දියත් කිරීමේ හැකියාවක් තිබෙන බවට කිසිදු සාක්ෂියක් යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර නැතැයි ද එම අධිකරණය සඳහන් කරයි.
එම නිසා එල්.ටී.ටී.ඊ සංවිධානයේ අරමුදල් අත්හිටුවීම නවතා දැමීමට කටයුතු කරන බව අධිකරණය ප්‍රකාශ කර ඇත.
වසර 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුව නිර්මාණය කරන ලදි. ඉකුත් ජනවාරි මාසයේදී එම ලැයිස්තුව අවසන්වරට යාවත්කාලීන කරන ලදි. එහිදි පුද්ගලයන් 13 දෙනකු සහ සංවිධාන 22ක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස අසාදු ලේඛනගත කරදු ලැබීය.
එල්.ටී.ටී.ඊ සංවිධානය 2006 වසරේදී මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිඳියාව වැඩකරනවා වගෙයි.
හොඳම හිටපු මුදල් ඇමති, හොඳම විදේශ ඇමති වෙයි වගේ!
නොදන්න මෝඩ ප්‍රතිචාර එමටයි.යහපලානයවත් සංහිඳියාව කියන එකවත් මේ කිසිම දෙයක් (තහනම ඉවතට කියන එකට අදාල නෑ)එල්ටීටීඊ කාලයක් යුරෝපය තුල ප්රබලව ක්‍රියාත්මක උනත් දැන් උනුත් මේ රටවල ව්‍යාපාර රැකියා දරු මල්ලන් සමගින් වෙනත් විකල්පයන් සමගින් යුරෝපයේ ජනප්රවයට එකතු වෙමින් සිටි.මේ රටවලට ඔය එක එකාට ඕන විදිහට වැඩ කරන්නේ නැත.. දැඟලුවොත් බෙහෙත් ලැබෙනු ඇත..
මේකෙන් කියෙන්නේ LTTE එකට සල්ලි එකතු කරන්න පුළුවන් කියල නේද? නොදන්න නිසයි අහන්නේ
මේ වෙනකම් ආණ්ඩුවෙන් කිසිම විරෝධයක් දක්වලා නැහැ? විදේශ අැමැතිතුමාට කොටි යුරෝපයෙන් නිවාසයක් වත් දුන්නද දන්නේ නැහැ... කිසිම සද්දයක් නැතුව ඉන්නේ?
ගයාන් මෙන්න ඔබගේ ප්‍රශ්නයට පිළිතුර... තහනම ඉවත් කළාම.. කොටි සංවිධානය යුරෝපය තුල නීත්‍යානුකුල සංවිධානයක් වෙනවා. එහෙම වුණාම කොටි සංවිධානයට යුරෝපය තුල මුදල් එකතු කිරීමට, බැංකු ගිණුම් පවත්වාගෙන යාමට, කොටි ධජය ප්‍රදර්ශනය කිරීමට, රැස්වීම් පැවැත්වීමට නීතියෙන් කිසිම බාධාවක් නැහැ. විමතියට කරණය නම් මේ දක්වා රජයෙන් මෙයට විරුධත්වය දක්වලා අඩුම තරමෙන් මාධ්‍ය ප්රකාශනයක්වත් කරලා නැහැ. අඩුම තරමේ ජනාධිපතිතුමාවත් තවම මේක දැකලා නැහැ.