(ඉන්දිකා රාමනායක)
කොළඹ පුරහල අසල පැවැත්වූ සත්‍යග්‍රහයට ඊයේ(23) පොලිසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් අද(24) දහවල් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු නැවතත් එම ස්ථානයේ විරෝධතාවක නිරත වෙමින් සිටිති.
සිසුන් පිරිස කණ්ඩායම් වශයෙන් පුරහල ආසන්නයට පැමිණි අතර ඔවුහු පොලිසිය කළ පහරදීමට විරෝධය පාති.
මේ හේතුව නිසා පුරහල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආසන්නයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද රඳවනු ලැබ සිටී.
(ඡායාරූප ඉෂාන් සංජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වින කරන අය පලවා හරිනු....
ගුටිකනු මිසක ඇද ඇද කුණු, කහල ගොඩ මැටිගුලි වලට කල නොහැකිය. මෙවැනි දේවලට ඉඩ නොදිය යුතුය.
දරුවනේ ඔබලාට තුනුරුවන්ගේ සරණ, දෙවියන්ගේ පිහිට ලැබේවා..!! යහපාලනය, මෙම සයිටම් ප්රශ්නය තුලින්ම වලපල්ලටම යනවා වගෙයි. එ්කට දත් දොස්තරතුමා වගකීම බාරගත යුතුය. දරුවනේ!!! ඔබලාට ජය ශ්‍රී ජයවේවා!!!
ඉවත්කර දමන්න. අපිට අපේ රස්සාවලට යන්න ඕනේ අපේ ව්‍යාපාර කටයුතු කරගන්න ඕනේ... දැන් මාස ගණනාවක් ඉවසලා හිටියා හොඳටම ඇති.... කොළඹ තිබෙන වාහන තදබදය හින්දා අපි පාරවල් වල දුක් විඳිනවා... මදිවට එනවා තව කරදර කරන්න. අපිට ඔය සයිටම් තිබුණත් කමක් නැහැ. නොතිබුණත් කමක් නැහැ. අපි ලෙඩක්, දුකක් වුණහම සල්ලි දීලා ඕනේ බෙහෙත් ගන්න. අපේ කාලය කන මේ අයව එලවලා දමන්න බැරිනම් බලධාරින් අර ගෝඨාභය මහත්තයා වැනි හොඳින් හෝ නරකින් කරන්න පුළුවන් පුද්ගලයෙකුට දීලා ගෙදර යන්න.
සිරිසේන මහත්තයෝ, රනිල් මහත්තයෝ අදම මේ සයිටම් ගැටළුව විසඳන්න. තවත් කල් ඇරියොත් අසරණ ළමයි කීප දෙනෙක් වල පල්ලට ගිහිනුයි මේක ඉවර වෙන්නේ... හරියට මීතොටමුල්ල කුණුකන්ද වගේ... ප්‍රමාද වුණොත් පරදියි.
මේ අයට කරන්න ඕනෑ දේ ජනතාවට බාර කරමු. නැවතත් නඩු පැවතිය යුතුයි.
වෙනත් රටවල පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙන ගෙන එන අයට ලංකාවේදී විභාගයක් තියලා වෛද්‍යවරුන් හැටියට බඳවා ගන්නට හේතුව මොකක්ද? ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අඩුපාඩු සල්ලි වලින් වෛද්‍ය උපාධිය ගන්න අයට විරුද්ධ නම්.... පිටරට පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙනගෙන එන අය හොඳ වෙන්නේ කොහොමද?
වන් ශ්‍රී ලංකන් මහත්තයෝ, දුප්පත් රෝගීන් විකුණගෙන කන්න හදන්න එපා. 88-89 වසරවල ඔයගොල්ලො කරපුවා අපිට තවම මතකයි.
වෛද්‍ය ශිෂ්‍යයින් මෙතන ඉඳලා කොහොමද වෛද්‍යවරු වෙන්නේ?මේ දරුවන්ට සයිටම් සිසුන්ට තරම්වත් දැනුමක් ලැබෙයිද? නිසි පුහුණුව හා පැමිණීම නැතුව මේ අය වෛද්‍යවරු කරන්න පුළුවන්ද වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වුණ පලියට. අනුන්ගේ ලණුකන්න එපා දරුවනේ....
මේ අයට කඳුළු ගෑස්, වතුර හා බැටන් ප්‍රහාර දීලා ඉවත් කර දමන්න!
මෙම උද්ඝෝෂණය දික් ගැස්සෙනවා වැඩියි. පන්තිවලට එන්නැති සිසුන්ගේ පන්ති තහනම් කල යුතුයි. වැඩට නොඑන දොස්තරවරු සේවය අත් හැරියා සේ සැලකිය යුතුයි.
මේවා උද්ඝෝෂණ නොවෙයි කුහකෝද්ඝෝෂණ... තමන්ට නොලැබුනු දෙයක් ඉල්ලනවා නම් කමක් නෑ. මේ කරන්නේ අනික් ළමයින්ට වල කපන්නැයි කියන ඒවා.. ආණ්ඩුව කාගෙ කාගෙත් ප්‍රමිතිය ඉහළ දාන්න වැඩ කරලනේ තියෙන්නේ.. රට විනාස නොකර ගිහිල්ල ඉගෙන ගන්න ළමයිනේ. අනාථ දේශපාලකයන්ගේ අතකොළු නොවී...
සයිටම් වෙනුවෙන් කොච්චරක් දෙනා පෙනී සිටිනවා ද? සයිටම් මුදලාලිගේ ණය අපට ගෙවන්න වෙනවා... ඒක සාධාරණද? ආණ්ඩුව සයිටම් එකත් එක්ක ගැහුව ගිවිසුම හෙලිදරව් නොකරන්නේ ඇයි?
කෙනෙකුට ජය පතන එක, ආශිර්වාද කරන එකත් මානසික රෝගයක්ද? අදමයි ඇහුවේ. කථාවක් තියෙනවා මානසික රෝගියෙක්ට පෙනෙන්නේ අනිත් හැමෝම මානසික රෝගීන් කියලලු.
කොල්ලෝ ඕගොල්ලෝ ඔය විදියට පාරවල් ගානේ රස්තියාදු වෙලා උපාධිය ගන්නේ කොහොමද? තාත්තේ ඕක එතරම් කජ්ජක් නෙමේ. ලෝකේ වටේ රවුමක් ගියාම නිකන් අරන් එන්න පුළුවනි.
අපිත් හිතුවේ ජනතා විමුක්ති පෙරමුණ රටටත් ජනතාවටත් ආදරේ කරන පක්ෂයක් කියල.
මෙම රුපරාමු වලින් පේනවනේද කලදුටු කල වල ඉහින අය. අහිංසක සිසුන් ගේ අධ්‍යාපනය කඩාකප්පල්කර තමුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට මානබලන මෙවැනි පුද්ගලයින්ට නිතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි .......
ඔයාලගෙ දරුවන්ට ලක්ස 150 ගානේ හොයල තියන්න.
රූකඩ නටවන අයත් ඔය ඉන්නෙ.
මට ඔය තුන්වෙනි පොටෝ එකේ ඉන්න එක්කෙනා පේන්න බැහැ කතා කරන්න දන්නේ නැහැ.
සයිටම් වෙද උපාධි පිරිනැමීමේ ආයතනය මගින් මේ රටේ නිදහස් අධ්‍යාපනයට ඉදිරියේදී එල්ල වන අති බියකරු අවදානම ගැන අප රටේ බහුතරයක් ජනතාවට තේරුමක් නැත . මේ රටේ පාලකයින් සැරසෙන්නේ ඉදිරියේදී වෛද්‍ය අධ්‍යාපනයත්, දේශපාලනය මෙන් පියාගෙන් පුතාට හෝ දියනියට පැවරීමේ ක්‍රමවේදයකට අනුගත කිරීමටයි. දැනට තම පවුලෙන් පිටස්තර කෙනෙකුට ආසන සංවිධායක කමක් ගැනීමට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු වීමට කිසිම දේශපාලනය පවුලක් ලේසියෙන් ඉඩ දෙන්නේ නැත . එසේ ආවත් මුල් අවදියේදීම මැර හෝ සල්ලි බලයෙන් නවකයා මර්දනයට හෝ මරනයට පත්වනු අැත. දැන් පාලකයින් උත්සාහ ගන්නේ එම නීතියම වෛද්‍ය වෘත්තිය සදහාත් ස්තාපනය කොට අඩු සුදුසුකම් අැති තම දරුවන් වෛද්‍යවරුන් කොට මෙතෙක් කලක් තම පවුලට නොතිබූ වංශවත් බව මුදල් බලයෙන් හෝ ලබා ගැනීමටය. ඒ සදහා වන බර පැන කොන්ත්‍රාත් කරුවෙක් හෝ පාතාලයෙන් දරනු අැත. ඉදිරියේදී තම ඉඩ කඩම් උගස් කර හෝ සාමාන්‍ය පවුලක ලමයෙකුට සයිටම් ආයතනය වැනි ආයතන වලට අැතුලු වීමට නොහැකි වනු අැත. ඒවාට දේශපාලන, පාතාල, සල්ලිකාර පවුල් අතරම තරගයක් පවතිනු අැත. මීට අමතරව ඉහල ලකුනු,ගෞරව උපාදි,පත්වීම් සදහා හොද රෝහල් ආදියද මෙම අයගේ දරුවන්ට සීමා වනු අැත