(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුගලින් නිමවන ලද වසර 300ක් පමණ පැරණි විශාල ප්‍රමාණයේ ගණ දෙවි ප්‍රතිමාවක් රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීමට උත්සාහ කළ අයකු නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්තේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
අඟල් 19ක් උස අඟල් 19ක් පළල කළුගලින් නිමවූ ප්‍රතිමාව විකිණීමට ගැණුම්කරුවකු සොයන බවට පොලිසියට ලද රහසිගත තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අදාළ ප්‍රතිමාව සොරාගත්තාද නැත්නම් නිධානයකින් ගොඩ ගත්තාද යන්න සම්බන්ධයෙන් හා මීට තවත් පුද්ගලයින් සම්බන්ධදැයි සෙවීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද මේ කළු ගල් කිලෝ 100 කට ලක්ෂ 60ක් දෙන්නේ.
මොකක්ද මේ පුද්ගලයාගේ තියෙන වටිනාකම?