( දිපා අදිකාරි)
රුපියල් එක් කෝටි පහලොස් ලක්ෂයක් වටිනා මැණික් ගල් හතරක් සිය සපත්තුවේ සහ ඇඳුම් සාක්කුවේ සඟවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ප්‍රංශ ජාකිකයකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදි රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ළඟ තිබී පුෂපරාග ගල් තුනක් සහ එක් නිල් මැණිකක් සොයාගත් බවත් ඊට අමතරව විදේශීය දුම් වැටි 61 ක් සහ විදේශීය මත් පැන් බෝතල් 9 ක් සොයාගත් බවත් ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් බවත් රේගුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රංශ ජාතික යාළුවා සපත්තු දමල තියෙන්නේ මැණික් ගල් හංගලා නිසා, ඇවිදින්න ඇත්තේ නොන්ඩි ගහමින් වෙන්න ඇති ! ඒකයි රේගු නිලධාරීන්ට සැක හිතිලා අල්ලා ගන්න ඇත්තේ. මේ කෙනා එස්කිමෝවරුන්ට ශීතකරණ විකුනනවා වගේ වැඩක් ද කරන්න ගියේ ? ශ්‍රී ලංකාව මැණික් ගල් අපනයන කරන රටක් බව සමහරවිට මෙයා නොදැන ඉන්න ඇති. එහෙමත් නැත්නම් පොඩි බිස්නස් එකක් කරන්න ගෙනාවද දන්නෙත් නැහැ !