යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් මහතාට ඊයේ(22) සවස නල්ලූර් ප්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරය හෙළා දකින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම ප්‍රහාරයේ දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ අභාවය පිළිබඳ සිය බලවත් කනගාටුව ද පළ කරන බව ජනපති කියයි.
මෙම සිදුවීම සමග විනිසුරුවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානය යොමු කළ ජනපති සියලූ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ ය.
එමෙන්ම විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මෙම සිදුවීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ද ජනපති පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේය.
පොලිස් සැරයන්වරයාගේ අභාවය පිළිබඳ ඔහුගේ පවුලේ ඥාතීන්ට සිය බලවත් කනගාටුව පළකළ ජනපති තම රාජකාරිය නිසිලෙස ඉටුකරන මෙවන් නිලධාරින් සමස්ථ රාජ්‍ය සේවයටත්, පොලිස් දෙපාර්තමේන්තුවටත් ආදර්ශයක් බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණ නිලධාරියාගේ දරු පවුලට සාධාරණ වන්දියක් දෙන්න. ඒත් ඒ පවුලේ පියතුමා අයෙත් කවදාවත් එන්නේ නැහැ. හරිම කණගාටුයි.
හෙළා දැකල විතරක් මදි මේක කරපු එකට ඉක්මනටම හොඳ දඩුවමක් දිය යුතුය. නැත්නම් ඉදිරියට අනිත් ආයත් පටන් ගනීවි, පොලිසියට කොකා පෙන්වන්න
ඊයේ හවස පත්තරේ තිබිල දැක්කේ!
පත්තරේ පිටවෙන්න කලින්ම දැන ගත්තේ කොහොමද දන්නේ?
තමන් අධිකරණ ඇමතිධුරය දරන කල්, අහවල් අය අත් අඩංගුවට ගන්න දෙන්නේ නැහැ කියලා අධිකරණ ඇමතිවරු ඉන්නකම්, විනිසුරුවරුන්ගේ ජීවිතය අනාරක්ෂිත තමයි.
හෙලා දකින්නයි, කණගාටුව ප්‍රකාශ කරන්නයි, දුක හිතන්නයි විතරද රටකට ජනාධිපති කෙනෙක් ඕනේ. ලංකාව වටේ ගිහින් ප්‍රකාශ නිකුත් කර කර අවුරුදු 5 ගෙවා දමන්නයි දැන් කාලේ ලංකාවේ රාජ්‍ය නායකයින්ට ඕනෑ. නැතුව මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න විසඳන්නවත්, රටේ භීතිය මැරකම් නතර කරන්නවත් කිසිම උවමනාවක් නැහැ. ලංකාවේ පවතින තත්වය ඉතාමත් සංකූලයි ව්‍යාජයි..
හෙළා දකිනවා කිව්වට මේවා නවතින්නේ නැහැ. මේ විදියටමයි 1975 දී ප්රභාකරන් දොරේ අප්ප මහතාව මරල පටන් ගත්තෙත්... ඒ නිසා දැඩි පියවර ගන්න ඕනේ...