(නිමල් අල්ගෙවත්ත)
සන්ධානය නියෝජනය කරන මන්ත්රී කණ්ඩායම අද(25) දකුණු පළාත් සභාවට කළු කොඩි පැළඳගෙන පැමිණියේය.
ඒ අද පැවැත්වෙන දකුණු පළාත් සභාවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳව විවාදය පැවැත්වීමට නියමිතව තිබියදීය.
උතුරු මැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ බලය බලහත්කාරයෙන් අල්ලාගැනීමට විරෝධය පළකරමින් ඔවුහු එසේ කළු පටි පැළඳ පැමිණියහ.
ඊට අමතරව දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර වරයාගේ අධ්යක්ෂ පාලනය, පක්ෂපාති බව සම්බන්ධයෙන්ද ඔවුහු විරෝධය පළ කළහ.
මේ අතර සන්ධාන මන්ත්රි චන්න සාලිය මන්ත්රිවරයා පිං පෙට්ටයක් ගෙන පළාත් සභා ශ්රවණාගාරයට පැමිණිම නිසා සභාව උණුසුම් විය.
වහාම එම පිංපෙට්ටිය වහාම සභාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නැයි පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා ආරක්ෂක අංශයට උපදෙස් දුන්නේය. ඒ අතර එජාප මන්ත්රිවරු සභාව මැදට පැන පිංපෙට්ටිය උදුරාගන්නට තැත් කිරිමේ දී සභාව තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
අනතුරුව චන්න සාලිය මහතා ගෙන ආ පිංපෙට්ටිය සභා ගැබෙන් ඉවත් කෙරිණි. ඉන් අනතුරුව ද සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්රිවරු අතර වාද විවාද ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේගොල්ලෝ මේ පිංපෙට්ටි උස්සන්න ගතකරන කාලය ප්රදේශයේ ඩෙංගු මදුරුවෝ බෝකරන භාජන සොයා ඉවත්කිරීමට යොදනවානම් ඔයිට වඩා පිංසිද්දවෙනවා. ජනතාවටත් සේවයක් වෙනවා.