(රංජන් කස්තුරි)
වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට තැත් කිරීමේ සිද්ධියට විරෝධය දැක්වීම සඳහා අඟහරුවාදා (25) දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
වැඩවර්ජනය නතර කරගැනීමට නම් බලධාරීන් හෙට(24) දිනයේ දී එම සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ දී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
රයන් ජයලත් පැහැරගෙන යාමට පැමිණි එන්.පී -0410 දරණ වෑන් රිය කාගේ ද? එහි පැමිණි පිරිස කවුද ? ඒ අයට නියෝග දුන්නේ කවුද? ඔවුන් හා පොලිසිය අතර සම්බන්ධයක් තිබේද? තිබේනම් ඒ කුමන සම්බන්ධයක් ද? යන්න බලධාරීන් රටට හෙළි කළ යුතු යැයි ද කී අලුත්ගේ මහතා නැවත මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් ද බලධාරීන් පිළිතුරු සැපයිය යුතු බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලගේ රාජකාරිය ඕවට ස්ට්ර්යික් කරන එකද? හැම මගුලටම ස්ට්ර්යික් කරන්න තියන උනන්දුව ඔබලාගේ ගුණාත්මක පැත්ත දියුනු කරන්න යොදවන්න
දැන් මේ ගොල්ලට නිදහස වැඩිය. එය යහපාලනයේ වරදකි. වහා නිවැරදි කරන්න.
මේ ගොල්ලෝ දන්නේ මෙච්චරයි. රටේ ඕනෑම කුණුගොඩකට අසරණ රෝගීන්ගෙන් පලිගන්න වර්ජනය කරන්න විතරයි දන්නේ. හරියට රෝගී ජනතාව රයන් කියන පුද්ගලයාව පැහැර ගැන යන්න හැදුව වගෙයි මොවුන් පෙන්වන්න හදන්නේ. ඔවුන් උගතුන් යයි කියා ගන්න එක ගැන ඔවුන්ම ලජ්ජා විය යුතුයි. ඔවුන්ගේ මොලය කොයි පැත්තේ තියනවද කියා අපි දන්නේ නැහැ.
වර්ජනය පටන් ගන්න ජනතාවට ඕව දැන් හොඳට හුරු වෙලා , වර්ජන නොකරත් රජයේ රෝහල් වල සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ කොහොමත් කුඩම්මාගේ සැලකිලි.
වෛද්‍ය සංගමය දෙකේ කොලේට බැහැල වගෙයි මටනම් හිතෙන්නේ. ලැජ්ජාවේ බැරුවා.
අඛණ්ඩ වර්ජන ඉවරවෙලාද සංකේත වර්ජන පටන් ගත්තෙ ?
අඬන්න හිටපු මිනිහ "ඇහැට ඇඟිල්ලෙන් ඇන්න" කිව්වලු..
ප්‍රශ්න පත්තරයෙ දිග ? දැන් කැබිනට් මණ්ඩලයම මේකට ඉක්මනට උත්තර ලියන්න වෙයි, නැත්නම් මේ ප්රමිතිදාසලා ආණ්ඩුව ෆේල් කරයි. එතකොට ලෙඩ්ඩු කොට උඩ.
ඇයි තානාපතිවරු සැහීමකට පත්වෙන උත්තරයක් දුන්නෙ නැද්ද ?
ඔන්න ඉල්ලන් කන්නයි හදන්නේ. හැබැයි ආපහු නම් එන්න නම් හිතන්නෙපා ඉස්පිරිතාල පැත්තේ පස්පාගන්න..අසරණ රෝගීන් තවත් පෙලන හිතක් පපුවක් නැති අය
මෙදා පාර දෙනවා බැටේ
මට කියලා දෙනවද බංගලිදේසේ සහ නේපාලේ ඇතුළු රටවල පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙන ගෙන එන අයට ලංකාවේදී විභාගයක් තියලා වෛද්‍යවරුන් හැටියට බඳවා ගන්නටත්, ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලේ අඩුපාඩු (තියෙනවා කියලා කියන නිසා) සම්පූර්ණ කරලා ඒ ළමයින්ට ඉගෙන ගන්න ඉඩ නොදී..... ඒක සම්පුර්ණයෙන් වහලා දාන්න කියන එකේත් තියෙන වෙනස මොකක්ද කියලා.... තනිකරම කුහකකම නේද? සල්ලි වලින් වෛද්‍ය උපාධිය ගන්න අයට විරුද්ධ නම්.... පිටරට පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙනගෙන එන අය ඔය මහ ලොකු වෛද්‍ය සංගමේට හොඳ වෙන්නේ කොහොමද කියලා..
වෛද්‍ය සංගමය.., මේ වගේ සුළු සිද්ධියකට වැඩ වර්ජනයක් කරනවා කියන්නේ අයි.එස්. ත්‍රස්තවාදීන්වත් නොකරන ම්ලේච්ඡ දෙයක් කියලයි මට හිතන්නේ...
ජනතාවගේ සාපය වදීවි මෙහෙම කරනකොට...
හරියට හරි වෛද්‍යවරුනි. අපත් ඔබ සමගයි. අපගේ පූර්ණ සහයෝගය ඔබතුමන්ලාට නිරන්තරයෙන්ම ලබා දෙනවා. දේශපාඥයන්ට ඕන ඕන විදියට නටන්න දෙන්න එපා.
ජනතාවනි, අපි පෙළ ගැසෙමු. මේක දොස්තරලාගේ අවසන් වැඩ වැරුම කරමු. මේ අයගේ බෙහෙත් කඩ වලට යන්න එපා, රජයේ රෝහලේ අවශ්‍ය වෙලාවට නැත්නම් ගෙවල් වලට ගිහින් හරි ඇදගෙන එමු.
ඔබලාගේ වර්ජන තර්ජන වලට ඉල්ලුමක් තිබුනේ දැනට අවරුද්දකට විතර ඉස්සර , ඉස්සර ඔබල වර්ජනය කරනවා කියල පොඩි තර්ජනයක් දැම්ම ගමන් එක පත්තරේ සිරස්තලය විදිහට පළවේ, අද එක වැටෙන්නේ මද පිටක පොඩි දෙයක් ලෙසට, ඔබලාගේ වර්ජන දැන් අවලංගු කාසියක් වගේ ,
දොස්තර මහතුනි හැමදාම ගෙදර ඉන්ඩ. ඔහොම වෙනවා නම් අපි කොහොමද බෙහෙත් ගන්න එන්නේ...?
දොස්තර මහතුනි හැමදාම ගෙදර ඉන්න. අපි සිංහල වෙදමහත්වරු ලඟට අපි යනවා. කොහොමත් මැරෙන එකේ....
ජනතාවනි අපි එක්වෙමු. දුප්පත් අප වෙනුවෙන් දොස්තර මහත්ම මහත්මීන් කරන මේ ජනතා අරගලයට අපිත් උදව් කරමු. හොර දොස්තරවරුන් බිහි කරන උපාධි කඩ වසා දමා අපේ ජීවිත ආරක්ෂා කර ගනිමු. අපේ දරුවන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ටික ආරක්ෂා කර ගනිමු.