IMG-LOGO

2024 අප්‍රේල් මස 15 වන සඳුදා


රාවණ කාලෙත් අංගම්පොර තිබුණා

 08-Page-02-S2-02 

 

රාවණ රජතුමා ආත්මාරක්ෂක සටනෙහි දක්ෂයෙකි. තමාට එරෙහිව එන  ඕනෑම සතුරකු අත් පා වලින් පහර දී දුර්වල කිරීමේ ශක්තිය එතුමාට තිබිණි. ඒ නිසා රාවණා සමග සටනට සතුරු සේනා පැමිණියේ කලාතුරකිනි. රාවණාට ආවේණික වූ සුවිශේෂ සටන් විලාසය සතුරන් පසුබස්සන්නක් විය. ඇතැම් විට මරණය පවා කැඳවන්නක් විය. ආයුධවලට වඩා රාවණ ප‍්‍රිය කළේ කාය ශක්තියෙන් කරන සටන්ය. අද ‘‘අංගම්පොර’’ නමින් ප‍්‍රකට සටන් කලාවෙහි ආරම්භකයා රාවණය. මේ පිළිබඳ පෙර ලිපියක සටහන් තැබුවා ඔබට මතක ඇති. අද එහිම දෙවැනි පියවරකි.


අංගම්පොර ලංකාවට ආවේණික වූ සුවිශේෂ සටන් ශාස්ත‍්‍රයකි. අවුරුදු 7,500කට එහා පුරාණ ශිල්ප ඔස්සේ පැවත එන්නකි. රාවණ රජුගෙන් ආරම්භ වී හෙළ රාජ පරම්පරා ආරක්ෂා කරගෙන පැමිණියකි. පසුකාලීන ලක්දිව බොහෝ රජවරු අංගම් ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ බවද පෙනේ. එසේම අංගම් ශිල්පීහු තම සටන් සේනාවල රඳවා ගත් බව ද පෙනේ. ඉතිහාසගත සටන්වලට අංගම් සටන් කරුවන්ගෙන් ලැබුණේ සුවිශේෂ දායකත්වයකි. තුවක්කු, බයිනෙත්තු සමග පැමිණි සතුරු සේනාවලට පවා දැවැන්ත පරාජ ගෙන දීමට ලංකාවේ පැරණි සටන් ශිල්පීන්ට හැකිවිය. අංගම් ශාස්ත‍්‍රය නිසි පරිදි ප‍්‍රගුණ කළෙකුට දරුණු හමුදාවකට පවා අභීතව මුහුණදීමෙහි ශක්තිය ලැබේ. එහෙත් රාවණ යුගයේ තිබුණු අංගම් ශාස්ත‍්‍රයේ බොහෝ වටිනා තැන් වත්මන් අංගම් ශාස්ත‍්‍රයෙන් ගිලිහී ගොස් තිබේ. කෙසේ වෙතත් පැරණි සටන් ශිල්පයක් හැටියට එය තරමක් හෝ ආරක්ෂා වීම ගැන අප සතුටු විය යුතුය.

5


රාවණ යුගයේ ‘‘අංගම්පුඩි’’ ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ යක්ෂ ගෝත‍්‍රිකයෝ විශාල පිරිසක් විසූහ. ඔවුන් පසු කලෙක ඉන්දියාවට ගොස් ‘‘අගම්පූඩියර්’’ ලෙස ප‍්‍රචලිත විණ. පළමුවැනි විජයබාහු රජ සමයේ හමුදා සේනාංකයක් ලෙස මේ ‘‘අගම්පූඩියර්’’ මිනිස්සු යළිත් ලංකාවට ගෙන්වා ගත්හ.


ඔවුන් බළපිටියේ පදිංචි වූ අතර පසුව ‘‘අගම්පුඩි’’ ලෙස වාසගම් වෙනසට පත්විය. අදත් ‘‘අගම්පුඩි’’ ජනතාව බළපිටිය කේන්ද්‍රකොට ලංකාවේ සිවුදෙස වෙසේ. මොවුහු පාරම්පරික සටන්කලාව රැුගෙන එන්නෝය. එබැවින් ඔවුන්ට උපතින්ම පාරම්පරික දේහ විලාසයක්, කාය ශක්තියක් හිමිව ඇතැයි ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර අදහස් දක්වති.


ලෝකයේ විවිධ රටවල විවිධ නම් වලින් හැඳින්වෙන අංගම් ශාස්ත‍්‍රයේ මූල ධර්මය ලෙස සැලකෙන ‘මුශඨි ප‍්‍රහාරි තන්ත‍්‍ර‘ නම් සංස්කෘත ග‍්‍රන්ථයේ කතුවරයා රාවණ රජතුමා යැයි පිළිගනී. එය එම ග‍්‍රන්ථයේ පෙරවදනේද සඳහන් වේ. මෙම පොතේ අංගම් ශාස්ත‍්‍රය ගැන විශේෂයෙන් ලියැවී තිබේ.


අවි ආයුධ රහිතව සටන් කිරීම අංගම් ශාස්ත‍්‍රයේ මූලික අභිප‍්‍රායයි. නමුත් අංගම් ශාස්ත‍්‍රය රජවරුන්ගේ අංගාරක්ෂකයන් අතට පත්වීමත් සමග කඩු සටනින් පොලූ සටන් ආදිය පසු කලෙක එක්වන්නට ඇතැයි මුශඨි ප‍්‍රහාර තන්ත‍්‍ර ග‍්‍රන්ථය අධ්‍යයනය කරන විට පෙනී යයි.


රාවණ රජතුමා සඳහන් කරන පරිදි අංගම් පොර ශිල්පියා අත කිසිඳු ලී කැබැල්ලක්, කඩු පිහි හෝ ලෝහ උපකරණ නොවිය යුතුය. රාවණා රජතුමා මුශඨි ග‍්‍රන්ථයේදී මිනිස් සිරුරේ මාරක නිල හතක් දක්වයි ඒවා හිස, දෙනෙත්. නාසය දකුණු කන, පුරුෂ ලිංගය, උදර ඇටය, යටිබඩ යන ප‍්‍රදේශ ආශ‍්‍රිතව පිහිටා තිබේ.


අංගම් ප‍්‍රහාරකයා තමන්ගේ මුළු ශරීර බර එක මොහොතක අතට හෝ පාදයට ලබාගෙන ප‍්‍රහාරය යොමු කරයි. එවිට සතුරාට වදින පහර බරින් වැඩිය.
පුරාණ රාක්ෂ හා යක්ෂ ගෝත‍්‍රික ජනතාව තමන්ගේ වර්ගයා සමග සටන් නොකිරීම එක් ප‍්‍රතිපත්තියකි. සිය ඥාතියකු සමග නිරාකරණය කළ නොහැකි වෛරයක් වේ නම් දෙදෙනා ඉතා රහසිගත ස්ථානයක් තෝරා ගෙන අමාවක දිනයක සිය විරුද්ධවාදියා සමග සටන් කළ යුතුය. එය රාවණ යුගයෙහි සිරිතයි. මෙම සටනේදී දරුණු මාරක ප‍්‍රහාර එල්ල වේ. සියල්ල අංගම් ශාස්ත‍්‍රානුකූලවය. එවිට එකෙකු මිය යයි. සමහර අවස්ථාවල  ප‍්‍රහාරයෙහි දරුණුකම මත දෙදෙනාම මියැදෙති.


රාවණ යුගයේ දී අංගම් ශිල්පියා මන්ත‍්‍ර පවා සටනට යොදා ගෙන ඇත. සමහර මන්ත‍්‍ර තමන්ගේ ආරක්ෂාව පිණිසය. නවත්වා සතුරා පහසුවෙන් බිමට හෙළා ගැනීම සඳහාය.


රාවණ රජු ලිවූ මුශඪි ප‍්‍රහාර පුස්කොළ පොතේ අංගම් ශාස්ත‍්‍රයේ ප‍්‍රබල අවස්ථා කීපයක් දක්වා ඇත.
සතුරාට වැළමිටෙන් පහරදීම සතුරාගේ පා පහර වළක්වා පාදය අල්ලා සොළවා බිම දැමීම ඒ අතරෙහි වේ.


සතුරාගේ පාද දෙකින් අල්ලා ඉදිරියට ඇඳීමෙන් බිම දමන ක‍්‍රමයක්ද එහි වේ. දෙපා ඇඳීමෙන් බිම වැටෙන සතුරාගේ උගුරු ඇටයට තද ප‍්‍රහාරයක් දීමෙන් සතුරා සම්පූර්ණයෙන් අඩපණ කිරීම ඉපැරණි අංගම් ශාස්ත‍්‍රයේ ප‍්‍රධාන අංගයකි.


හිසේ පිටුපසට වේගවත් ටොකු පහරක් දීම මගින් සතුරා දැඩි සේ කම්පනයට පත් කරවා සදාකාලික රෝගියකු කරනු ලැබේ. එය තීරණය වන්නේ මුෂ්ඨි ප‍්‍රහාරයේ බර ප‍්‍රමාණය අනුවය. බර අඩුකර හෝ වැඩිකර අවශ්‍ය පමණට ප‍්‍රහාරය පවත්වා ගැනීම අංගම් ශිල්පියාගේ කැමැත්ත මත තීරණය වේ. අංගම් ශාස්ත‍්‍රයේදී එක ප‍්‍රහාරයකින් මිනිසකු ඝාතනය කළ හැක්කේ වුවද නියම අංගම් ශිල්පියා කිසිවිටෙකත් එවැන්නකට යොමු නොවේ. මනුෂ්‍ය ඝාතනය අංගම් ශාස්ත‍්‍රයට සපුරා තහනම්ය.


රාවණ යුගයෙන් පසුව බොහෝ කළක් අංගම් ශාස්ත‍්‍රය වනගත යෝගීවරුන් ප‍්‍රගුණ කළහ. ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ පවා යෝගිවරු උසස් අන්දමින් මේ ශිල්පය රැුකගෙන ආහ. වනයේදී මුණ ගැසෙන සොර සතුරන්ගෙන් හා වගවලසුන්ගෙන් ආරක්ෂාවීමට පුරාණ අංගම් ඔවුහු උපයෝගී කොට ගත්හ.

08-Page-02-S2-03


අවි ආයුධ දරන කෙනෙක් කඩු ප‍්‍රහාරයක් එල්ල කළහොත් අත රැුඳි ලේන්සුවකින් හෝ වස්ත‍්‍රයකින් එම කඩුව අල්වා සතුරාගේ බඩට පා පහරක් එල්ල කොට සතුරා මර්දනය කරනු ලැබේ. පොලූ සටන් වලදී ද ඊට සමාන ක‍්‍රමයකට සතුරා මැඩ පවත්වනු ලැබේ. සෙලම්බරම් නම් පොලූ කරකැවීමේ ශාස්ත‍්‍රයට ද දක්ෂ අංගම් ශිල්පියාට මුහුණ දිය හැකිය.


රාවණ රජතුමා මුෂ්ඨි ග‍්‍රන්ථයේ සඳහන් කරන පරිදි අංගම් ක‍්‍රීඩාවේ යෙදීමට සුදුසුම වේලාව කුජ හෝරාවයි. සතුරා දුබල කිරීමට කුජ හෝරාවේදී විශේෂ ශක්තියක් ඇති නිසා එසේ විය යුතුය.


නැකැත් හෝරා බලමින් හදිසියේ සතුරා මර්දනය කළ නොහැකි බැවින් මනස ඉතා පැහැදිලිව හා ශරීර ශික්ෂණය මැනවින් පවත්වා ගැනීමෙන් පහසුවෙන් සතුරා දමනය කළ හැකිය.


රාවණ රජතුමා අධ්‍යත්මික ශක්තියෙන් සන්නද්ධ වූ යොගීවරයෙකි. එම ශක්තීන් අනුව මානසික හා ශාරීරික සංයමය තබා ගෙන අංගම් ශාස්ත‍්‍රය සිදු කරන්නට ඇත.


රාවණ යුගයෙන් පසු දේශීය අංගම් ශාස්ත‍්‍රය ඉන්දියාවට ගියේය. විශේෂයෙන් සිංහලේ නායක්කර් රජ සමය වන විට අංගම් ශාස්ත‍්‍රය දකුණු ඉන්දියාවේ ගුස්ති ක‍්‍රම හා මිශ‍්‍ර වීමෙන් අපවිත‍්‍ර විය.


අද ලංකාවේද ඉතිරිව ඇත්තේ මෙසේ විවිධ සටන් වූ ලක්ෂණ වලින් අපවිත‍්‍ර වූ අංගම් ශාස්ත‍්‍රයකි. සුපිරිසිදු අංගම් ශාස්ත‍්‍රය තිබුණානම් ආයුධ සටන් වලට වඩා පහසුවෙන් සතුරා මෙල්ල කිරීමේ හැකියාව තිබිණි.


කෙසේ වෙතත් රාවණ යුගය හා සැසඳීමේ දී දේශීයව අපට උරුම වූ බොහෝ දෑ අතර අංගම් සටන් කලාව එකකි. ලෝකයේ  ඕනෑම රටක් සමග කරටකර යෑමේදී අපේ ආවේණික ලක්ෂණයක් ලෙස‘‘අංගම්පොර’’ බය නැතුව පෙරට ගෙන යා හැකිය.


එය අපේ දේශීය කලාවක විශිෂ්ටත්වය කියාපාන්නකි. ලාංකීය ඉතිහාසයේ මහරජු වන ‘‘රාවණ’’ අපට කියාදුන් ශිල්පයකි.


m



අදහස් (19)

රාවණ කාලෙත් අංගම්පොර තිබුණා

සිල්වා Tuesday, 18 November 2014 12:21 PM

උපකල්පනයෙන් ඉතිහාසය හදන්න යන එක භයානක වැඩක්. යක්ෂයන් යනු මූග්ධ ජන කොට්ටශයක් බව දැනට පිළිගෙන ඇති ඉතිහාසය ඔප්පු කර ඉවරයි. 1. මේබව බුදුන්ගේ ලංකා ගමන් වලින් පැහැදිලි වෙනවා 2. විජය ලංකාව ආක්ක්‍රමණය කිරීම. යක්ෂ ගොත්‍රිකයින්ගේ ඔය දියුනු ඉතිහාසය පිළිගන්න අය , ඔව්න් පසු කාලීනව ඇති මූග්ධන් පිරිසක් වූයේ කෙසේද කියා බලන එක වටිනවා. (ර)

:       0       1

චූටි Tuesday, 11 November 2014 06:40 AM

හොද ලිපියක් තව විස්තර හොයලා දාන්න (දිල්)

:       0       2

සම්පත් - ඩුබායි Friday, 14 November 2014 01:02 PM

දාලා තියෙන කොමෙන්ට් දැක්කම තේරෙනවා පොඩි කාලේ කියා දුන්නු දේ මිස අලුත් අදහසක් පිළිගන්න ගොඩක් කට්ටිය අකමැති කියලා. (ර)

:       0       0

බන්දුල- බර්ලින් Saturday, 15 November 2014 08:25 PM

සම්පත් සම්පුර්ණ ඇත්ත .විජයගෙන් පැවැත්මක් නැ.විජය එක්ක අපු අයට ජාතක වෙච්ච උන් අපේ කරුමෙට තාම ඉන්නවා.මහා වංසේ නෙවේ අපේ ඉතිහාසේ ..(දිල්)

:       0       0

බන්දුල Saturday, 15 November 2014 08:37 PM

කුවේණි ඔක්කොම අල්ලලා ගල් ගුවහාවේ හිර කරේ අංගන පොර වලින් තමා.කියන සාදක අපට නම් හොදටම ඇති .(දිල්)

:       0       1

නිරෝෂ් Tuesday, 11 November 2014 12:14 AM

මේක නම් වෙනස් මුහුණුවරක් ගත් ලිපිපෙළක් (නි)

:       0       1

චතුරංග Tuesday, 25 November 2014 02:20 AM

මේ ඡායාරූප ටික නියමයි!!! (නි)

:       0       1

විසාකා Wednesday, 12 November 2014 01:26 PM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

ඉලේපෙරුම Wednesday, 12 November 2014 02:06 PM

මේ කතන්දර සනාථ කරන්න කිසිම ඉතිහාසගත හෝ පුරාවිද්‍යා සාධක හෝ නැත. (නදී)

:       0       0

කසුන් මදුරංග Saturday, 22 November 2014 09:35 AM

අපිට ආඩම්බරයි.(හේ)

:       0       0

දාන් අසී Wednesday, 12 November 2014 03:32 PM

ලාංකීය ඉතිහාසයේ මහරජු දුටුගැමුනු මිසක් කතන්දරයකට සීමා වු රාවනා නෙමෙයි (නදී)

:       0       0

බුද්ධික Sunday, 16 November 2014 12:13 PM

මේවා ඇහෙනකොට නියම සින්හලුන්ගෙ ලේ නටනවා, අපිට ආඩම්බරයි මේ වගේ ඉතිහාසයක් අපිට තිබුනා කියන එකට. (ර)

:       0       0

හේමන්ත Friday, 14 November 2014 09:22 AM

ඒක වෙන්න පුළුවන්.(හේ)

:       2       0

මංගල Wednesday, 12 November 2014 09:18 AM

මමත් අහලා තියෙනවා (දී)

:       0       0

පහන් Monday, 10 November 2014 12:41 PM

මට හරිම ආසයි මේ වගේ ලිපි කියවන්න (නි)

:       0       3

සිල්වා Wednesday, 12 November 2014 01:27 AM

මට තිබෙන ප්‍රශ්නය වන්නේ විජය සහ පිරිස යක්ෂ ගෝත්‍රිකයින් විනාශ කරනකොට අංගම්පොර වලින් සටන්කළේ නැත්තේ ඇයි කියන එකයි (නි)

:       0       9

සුරංග Tuesday, 18 November 2014 12:09 PM

කාලෙකට පස්සේ කියවපු හොඳ ලිපියක්. සමහරු ඉතිහාසයේ මැදින් ඉගෙන ගත්ත අය වගේ? (ර)

:       0       0

චානක Saturday, 26 August 2017 05:53 AM

එක අතකට මේ සිල්වා වගේ මෝඩ ගොබ්බයොත් ලංකාවෙ ඉන්න එකත් හොඳයි .

:       0       0

දිමුතු Wednesday, 06 December 2017 01:34 PM

රාවණාගේ ඉතිහාසය නැති වුනා නෙමේ නැති කලා. විජ⁣ය කියන පුද්ගලයාගෙන් ඉතිහාසය ආරම්භ වුණා කියන ජාතියක් අපිට ඉන්නේ.. පොඩ්ඩක් හිතන්න මෙච්චර දියුණු සටන් කලාවක් තිබුණු යක්ෂ ගෝත්‍රිකයෝ නිකම් 700කට පරාද වෙලා නැතිවෙයිද..? දැන් කියයි කුවේණි තමයි අංගම් ශිල්පින්ව පරාද කලේ කියලා. මතක තියා ගන්න කුවේනි පරාද කල ශිල්පින් වගේ දහස් ගුණයක් අපිට අංගම් ශිල්පින් හිටියා.. එ්ත් ඇත්තටම අතින් පයින් වලින්නම් ලංකාවේ සිටි අංගම් ශිල්පින් සියල්ල පැරදවුවා කිවුවොත්, එතරම් ගොන් කතාවක් තවත් නැ.. අපි නොදන්න රහසක් මේ ශිල්පින් අතුරුදහන් වීම පිටුපස තිබෙන බව අපි සියල්ලන්ටම තේරෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 1713 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 171 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 126 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 704 1

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


පාතාලයට අවි සපයන්නන් අල්ලා දඬුවම් දිය නොහැකිද?
2024 අප්‍රේල් මස 10 247 0

පාතාලයන්ට මෙතරම් අවි කොහෙන් ද? මේ ඉකුත් සමයේ නිතර නිතර කතා බහට ලක්වූ මාතෘකාවකි. අන්ධයා අලියාගේ ස්වරූපය කියා පෑ හැටි සිහිපත් කෙරෙන උත්තර ඒවාට ලැබුණා මිස


ආර්ථිකය යුගයට ගැලපීම
2024 අප්‍රේල් මස 10 127 0

ණය ආපසු ගෙවීම නතරකර වසර දෙකක් ගත වී තිබේ. දරුණු අර්බුදයකට පත්ව තිබුණ ශ්‍රී ලංකාව තරමක් හිස ඔසවා සිටී. ඉන්ධන, විදුලිය සහ ගෑස් බාධාවකින් තොරව සැපයේ. ජනතාව ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 129 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1391 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1334 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site