වාහන මිල වැඩිවෙන්නේ මෙහෙමයි

මැයි 15 වෙනිදා අපේ රටේ වාහන වලට 50%ක තීරුබදු අධිභාරයක් පැනෙව්වා. එවකට තිබුණේ අපේ රටේ ආනයනය කරන වාහනයකට ටැක්ස් එක 30%යි. අන්න ඒ 30%ට තමයි තව 50%ක අධිභාරයක් අය කරන්නේ.  සරලව කිව්වොත් 30ට 50%ක් කියන්නේ තව 15යි. එතකොට එකතුව ගත්තොත් 30යි 15යි 45%යි. මේ වෙනකොට වාහන සංගම් වල නිලධාරීන්, වාහනයක මිල මෙන්න මේ ආකාරයෙන් වැඩි වෙනවා කියලා තීරණය කළා. වැඩි වෙනවා කිව්වට  වාහන තීරුබද්දට අයිති වාහන ඒ කියන්නේ මැයි 15න් පස්සේ open කරන LC වලට විතරයි ඔය අධිභාරය අය වෙන්නේ. මැයි 15ට කලින් තිබුනු ඒවට මේ අධිභාරයක් අය වෙන්නේ නෑ.

​නමුත් මැයි 15 ඉඳන් අය කරන අධිභාරයට අදාළ වාහන එන්න පටන් ගන්නේ මේ අගෝස්තු මාසේ මුල් සතියේ ඉඳන්. එහෙම නම් ඒ වාහන වල මිල අපේ රටේ වැඩි වෙන්න ඕනේ අගෝස්තු ඒ කියන්නේ 15ට ආසන්න කාලේ ඉඳන් තමයි වැඩි වෙන්න ඕනේ. නමුත් සිදු කළේ , ඒ රජයේ ප්‍රකාශ කිරීමත් සමඟම ගෙනත් තිබුණු තමුන්ගේ අතේ තියෙන වාහන වල මිල ගණන් තමුන්ට හිතෙන හිතෙන ප්‍රමාණයන්ගෙන් මිල වැඩි කළා. ඒවට  අපේ රටේ කිසිම නීතියක් තිබුනේ නෑ. මේ විදිහට තීරුබදු වැඩි වෙච්ච වාහන රටට එන්න කලින්ම ගාණ වැඩි කළා.

අපි කවුරුත් හිතපු නැති විදිහට මේ කතාව තවත් දිග්ගැසුණා. දැන් මෙි දික් වීමත් එක්ක දිගටම එන්නේ 50%ක තීරුබදු අය වෙච්ච වාහන. දැන්  කියනවා මෙතනින් එහාට ආපහු වැඩි වෙනවා කියලා.  සමහර කට්ටිය කියනවා මෙච්චර කාලයක් වැඩි වුන් නෑ, දැන් තමයි වැඩි වෙන්න ගත්තේ කියලා. ඒත් රටේ මිනිස්සු දන්නවා , මොන තරම් වාහන මිල වැඩි වුණාද කියලා.

​ ටැක්ස් එක ඒ කියන්නේ අධිභාරය 50% එක පාරක් වැඩි වුණා. එතකොට වාහන වල මිල නැවත නැවත වැඩි වෙනවා හිතූ පරිදි. ඒකට හේතුව නිසා අර වචනෙ අල්ලගෙන රටේ තිබුනු වාහන මිල වැඩි වුණා. ඒ වගේම තමයි එතනින් පස්සේ ටැක්ස් එක වැඩි වෙලා එන වාහන ආපහුත් වැඩි වුණා. මේක ඇත්තටම පාරිභෝගිකයාට හරිම අසාධාරණයි.  මේ තත්ත්වය තව කොච්චර කාලයක් තියේවිද කියලා අපිට කියන්න බෑ. දෙසැම්බර් 31 වෙනකන් තියෙයිද, එතනින් පස්සෙත් ආපහු දික් වෙයිද කියලා ඒ ගැන අපිට අනාවැකි කතා කරන්න බෑ. නමුත් මෙතනදි මැයි 15 ඉඳන් දෙසැම්බර් 31 වෙනකම්ම මේ සම්පූර්ණ වකවානුවේ එන්නේ අධිභාරය වැඩිවෙන වාහන නිසා වාහන වල මිල අනිවාර්යයෙන්ම වැඩි වෙනවා.

​වාහන සිහිනය සැබෑ කරගන්න තව කොච්චර කල් ගත වේවිද?

මේ වැඩිවීමත් එක්ක වාහනයක් ගන්න තියෙන හැකියාව පාරිභෝගිකයාට අඩු වෙනවා. නමුත් ඔය වාහනේ මිල ඇතුලේ ඔය අලෙවි කරන අයගේ විශාල ලාභයක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට වාහනේ විකුණගන්න බැරි වෙනකොට, මාස තුනක් (දින 90ක්) පැන්න ගමන් වාහනය ලංකාවේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕනේ. එතකොට වාහන විකුණගන්න බැරුව සේල් වල තියෙන වාහන සේල් හිමියන්ට වෙනවා සේල් හිමියාගේ පෞද්ගලික නමට හරි, ගෙදර කෙනෙක්ගේ නමට හරි, දන්න කෙනෙක්ගේ නමට හරි, සේල් එක register වෙලා නම් ඒ register වෙච්ච company එකේ නමට හරි register කරන්න. ඒ කිරීමත් එක්ක වෙන්නේ වාහනේ first owner බවට ඒ සේල් එකේ අයිතිකරු හරි, එයාගේ ගෙදර භාර්යාව හරි, එයාගේ දන්න කෙනෙක් හරි, සේල් එකේ නම හරි තමයි first owner. එතනින් එහාට customer කෙනෙක් ගන්නේ මේ රටේ ලියාපදිංචි වෙච්ච වාහනයක්, අලුත් වාහනයක් කියලා. අනෙක් අතට ලියාපදිංචි කලා කියන්නේ ඒක පරණ වාහනයක්  බවට පත්වෙනවා. ඉතින් පරණ වාහනයකට මහා විශාල ගෙවීමක් කරන්න customer කෙනෙක් ලෑස්ති නෑ. ගෙව්වත් කිසි වැඩක් නෑ, ඒකත් හරියට ඊට කලින් ගත්ත සාමාන්‍ය මනුස්සයෙක්ගේ වාහනයක් ගත්තා හා සමානයි. ඉතින් එතනදි අනිවාර්යයෙන්ම first owner නොවීම වාහනයක් විකුණනකොට අනිවාර්යයෙන්ම බලපානවා. මොකද මේ රටේ ඕන තරම් මිනිස්සු ඉන්නවා අලුත්ම වාහනයක් අරගෙන first owner වෙච්ච අය. ඉතින් එහෙම අය first owner වෙලා තියෙද්දි තමුන් අලුත්ම වාහනයක් ගන්නකොට තමුන් වෙන්නේ second owner නම්, ඒක තමුන්ට අනිවාර්යයෙන්ම එතන හානියක් තියෙනවා.ඒ නිසා කාලයක් යනකොට වාහනේ මිල බාල කරන්න සිද්ධ වෙනවා.

​මේ කාලෙ වාහන මිලදී ගැනීම පාඩුද?

අලුත් වාහන වල leasing සීමාව 50%යි. සාමාන්‍ය මිනිස්සු භාවිතා කරන වාහන ඒ කියන්නේ car, van, SUV ඒ වගේ ඒවට 50%ක් තිබ්බ leasing සීමාව 40% දක්වා අඩු වුණාට පස්සේ තමුන්ට සිද්ධ වෙනවා තව 60%ක් හොයාගන්න. එතකොට 40% දෙන්නේ leasing company එක. 60%ක් තමුන් පුද්ගලිකව හොයාගන්න ඕනේ. එතකොට ඒ 60% පුද්ගලිකව හොයාගෙන, වාහනේ භාගයකටත් වඩා වැඩි ප්‍රමාණයක් තමුන් අතින් හොයාගෙන, වාහනේ absolute owner-කම leasing company එකකට දෙනවා. ගෙවාගන්න බැරි වුණොත් leasing company වාහනේ seize කරනවා. එතකොට එතනම customer කෙනෙක්ට ලොකු හානියකුත් තියෙනවා.

​ඉතින් ඒ නිසා මේ වෙලාවේදී ඔය කියන හානි ඔක්කොම බැලුවම customer කෙනෙක්ට ඇත්තටම කියන්න වෙන්නේ මේ කාලේ වාහනයක් ගන්න උත්සහ කරන්න නරකයි.  ​ඉතින් අනිවාර්යයෙන්ම ඉස්සරහට customers ලට කියන්න තියෙන්නේ, මේ වගේ කලබලයේදී ලොකු නොවටිනා ගණන් වලට වාහන ගන්න එපා. ඔයාට කවදාවත් විකුණගන්න වෙන්නේ නෑ.

වාහන sale කරන කට්ටියට කියන්න තියෙන්නේ, ඒ කට්ටිය මේ රටට දැන් වාහන ගෙන්නන ප්‍රමාණය ඉතින් අඩු කරන්න ඕනේ. අඩු කරගත්තේ නැත්නම් ඒගොල්ලන්ට ලොකු ටැක්ස් එකට තමයි වාහන ගේන්න වෙන්නේ.

​මේ තත්ත්වය නිසා දැනට තිබෙන  වාහන පිළිබඳව වාහන sale හිමියන් දැඩි උනන්දුවකින් කටයුතු කරන්නේ නැහැ. වාහන sale හිමියන්ගෙන් ධනවත් පිරිසක් සිටින්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. අනික් පිරිස කරන්නේ මේ ව්‍යාපාරය රෝල ගහන එක. එතකොට මේ වගේ ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙනවා ඒගොල්ලන්ට වෙනවා  මේ ප්‍රමාදය නිසා තමුන්ට  පොඩි ලාභයක් තියාගෙන හරි වාහනේ විකුණලා දාන්න. ඒක තමයි වෙන්නේ.අන්න ඒ වගේ අවස්ථාවක වාහනයක් මිලදී ගන්න කෙනෙකුට පුළුවන්.

​වාහන කර්මාන්තයට බලපාන ලොකු හානියක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව, මේ වෙනකොට ලංකාවේ වාහන ගන්න ඕන අයගෙන් බර ගාණක් කට්ටිය වාහන අරන් ඉවරයි. අනෙක් අතට මැයි මාසේ පහළොව වෙනකොටත් ලංකාවට පුදුමාකාර ලෙස වාහන ආනයනය කළා. එතකොට ඒවා අඩු ගානට ආනයනය වුණේ. ඒ අඩු වුනු ගනන් වල වාහන තමයි පාහන සේල් හිමියන් ළඟ  තවම තියෙන්නේ. ඒ අය තමයි දැන් මේ වාහන මිල වැඩි කරලා තියෙන්නේ. ඉතින් වාහන කර්මාන්තය පවතින්න නම් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා වාහනේ තමුන් අර තියෙන මහා අධික ලාභය අඩු කරලා කස්ටමර්ට විකුණන්න. එහෙම නැත්තම් වාහන කර්මාන්තය එහෙම නැතිවුණොත් කඩන් වැටෙනවා. මොකද හේතුව ඩිමාන්ඩ් එකක් දැන් නැති නිසා. මේ නිසා මිනිස්සු වාහන මිලදී ගන්නේ නැතිව රෙන්ට් එකට වාහන වල යයි. Pick me , Uber වල ලාබනිසා ඒවා වල ගමන් යයි.  ගෙදරට වාහනයක් ගන් නැති තත්ත්වයකට ගොඩක් වෙලාවට උදා වෙයි. ඉතින් මේ තත්ත්වය තියෙන කාලෙ අර මං කිව්ව වගේ කියන්න බැරි වෙනවා.

​මේ කාලේ ලීසිං වලට යන එක භයානකද?

ඊළඟට මේ ලීසිං වලට යන එක ඉතින් ඇත්තටම භයානකයි  මොකද ලීසිං පොලිය වැඩි වුණා. රජය 1% කින් තමයි පොලී අනුපාතය වැඩි කරේ ජුනි පළවෙනිදා ඉඳන්. 1% කින් පොලී අනුපාතය වැඩි කරාම තැන්පතු පොලී, ණය පොලී දෙකේම පොලිය වැඩි වුණා. හැබැයි ඕකෙ ප්‍රතිඵලය තමයි ලීසිං වල පොලිය වැඩි වුණේ එකකින් නෙමෙයි. එක එක්කෙනා තමුන්ට රිසි ගානට වැඩි කලා. දැන් බැංකුවක ලීසිං පොලියට වඩා ෆිනෑන්ස් කම්පැනියක ලීසිං පොලිය කොහොමත් වැඩියි. අර තැන්පතුවක් ගත්තත් එහෙමනෙ. බැංකුවක ලැබෙන පොලියට වඩා ෆිනෑන්ස් කම්පැනියකින් තැන්පතු වලට ලැබෙන පොලිය වැඩියි. ඒ නිසා මේ කාලෙ මහා විශාල ඉන්ට්‍රස්ට් එකක් ගෙවාගෙන වාහනයක් මිලදී ගැනීම බොරු වැඩක්.

උදාහරණයකට මෙහෙම හිතන්න.වාහනයක් මිලදී ගැනීමේදී  තමුන්ගෙ ලීසිං වාරිකය රුපියල් 50,000 යි. මෙයා අවුරුදු පහකට ලීස් කලා. එතකොට අවුරුද්දකට එන්නෙ දොළොස් වරක් පහ හැටයි, ලක්ෂ හයක්නෙ. එතකොට ලක්ෂ හයේ ඒවා පහක් කියන්නෙ හය වරක් පහ තිහයි. ඒ කියන්නෙ සම්පූර්ණ එයා ගෙවන්න තියෙන වාරික වල වටිනාකම ලක්ෂ තිහයි. සමහර විට මෙයා ලීස් කරලා ගත්ත එමවුන්ට් එක ලක්ෂ විසි පහයි.දැන් සම්පූර්ණ ටෝටල් එක ලක්ෂ තිහක් වෙනවා. ඒ තිහ ආපු විදිය මං ආපහු කියන්නම්. මෙයා ලක්ෂ විසි පහක ලීසිං එකක් ගත්තා. මාසික වාරිකය පනස්දාහක් කියලා හැදුනා. එතකොට අවුරුද්දකට වෙනවා සම්පූර්ණ ලීසිං එක ලක්ෂ හයක්, පනස්දාහෙ ඒවා දොළහක්. අවුරුදු පහට එනවා ලක්ෂ තිහක්. ඔය ලක්ෂ තිහටම 2% ක ස්ටෑම්ප් ඩියුටියක් ගෙවන්න ඕනෙ.  ලක්ෂ තිහට 1% ක් කියන්නෙ තිස්දාහයි, 2% ක් කියන්නෙ එක්ලක්ෂ හැටදාහක්. ඉතින් ස්ටෑම්ප් ඩියුටි විතරක් ඔතන්ට රුපියල් හැටදාහකුත් ගෙවන්න තියෙන්නෙ නිරපරාදේ ගෙවීම්. ඒ වගේම එක වාරිකයක් දෙකක් මඟ ඇරුණොත් කිසිම චාන්ස් එකක් හම්බෙන්නෙ නෑ. ඔන්න ඔය ටික තමයි කෙනෙක් හරියටම දැනගන්න ඕනේ.

​ විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි හැම වාහන සේල් එකක්ම නෙමෙයි, බොහොමයක් අය තමුන්ට පොඩි ලාභයක් තියාගෙන කස්ටමර්ට දෙන්න පුළුවන් ගානට දෙනවා. නමුත් ඇතැම් අය එහෙම දෙන්නෙ නෑ. ඉතින් වාහන සිහිනය සැබෑ කරගන්න ඉවසීමෙන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ( I J )

 

 

 

රවිශංක වීරසූරිය

විද්‍යාවේදී, අලෙවි කළමනාකරණ (විශේෂවේදී), සහතිකලත් ව්‍යාපාරික ඝණකාධිකාරී,
මූල්‍ය උපදේශක.

 

 

D.N. අභයවර්ධන.