IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ප්‍රධාන ශිෂ්‍ය නායිකාව රන්බඩු සොරකමේ

18-Page-4-S2-01  

මඩකළපුව නගරයේ පිහිටි සවර්ණාභරණ වෙළඳසැලකට කාන්තාවක් පැමිණ තිබුණේ අවුරුදු 1 1/2ක පමණ වයසේ පසුවන දැරියක්ද වඩාගෙනය.
අවුරුදු 17ක තරුණියක්, අවුරුදු 06ක දැරියක හා අවුරුදු 65ක තරම් වයසේ පසුවන පිරිමි අයෙකුද කාන්තාව සමඟ පැමිණ තිබුණි.


දරුවෝ දෙන්නාට මාල දෙකක් ගන්නයි ආවේ. කාන්තාව රත්රන් බඩු කඬේ සේවකයා සමඟ කීවාය. ඇය සේවකයා සමඟ කතා බහට ගියේ වඩාගෙන සිටි අත දරුවා දියණියගේ අතට පත් කිරීමෙන් පසුවය.


පවුලක් පිටින් ස්වර්ණාභරණ වෙළඳසැලට පැමිණෙන විට සිට ඇත්තේ මෙම සේවකයා පමණකි.


නෝනාට මොනවගේ මාල දෙකක්ද ඕනෑ ඕනෑම පැටන් එකක් අපි ළඟ තියනවා. දෙකක්ම ගන්න හින්දා ගාණ අඩුකරලා දෙන්නම්. සේවකයා කාන්තාව සමඟ කියා වීදුරු කබඞ් එකක දමා තිබූ රන්මාල පෙන්වන්නට පටන් ගෙන ඇත.


ටික වෙලාවක් රන්මාල පරීක්ෂා කර බලමින් සේවකයා සමඟ ගණන් හිලව් කතා කරමින් සිටි කාන්තාව සල්ලිවල පොඩි මදි පාඩුවක් තියනවා. අපි ආයෙත් වෙන දවසක එන්නම් කියා කාන්තාව හා ඇයත් සමඟ පැමිණි අය රන්බඩු සාප්පුවෙන් පිටව ගොස් ඇත.

18-Page-4-S2-02


වීදුරු කඩබ් එකක බහා තිබූ රන් බිස්කට එකක් නොමැති බව සේවකයා දැන ඇත්තේ හවස් කාලයේ රන් බඩු සාප්පුව වැසීමට පෙර කබඞ්වල ඇති රන් භාණ්ඩ සේප්පුවල දැමීමට ගිය අවස්ථාවේදීය. නැතිව තිබූ රන් බිස්කට් එකේ වටිනාකම රුපියල් 4,16,250කි.


නැතිව තිබුණේ රන් බඩු සෑදීමට ගත් රන් බිස්කට්වලින් එකකි. රන් බඩු සාප්පුවේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාව පරීක්ෂා කර බැලීමේදී සොරකම සිදුවූ ආකාරය ගැන සාක්කි ඕනෑතරම් තිබු නිසා මේ සොරකම ගැන මඩකළපුව පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.


රන් බිස්කට් එක සොරාගෙන තිබුණේ පෙරකී කාන්තාව සමඟ පැමිණි 17 හැවිරිදි තරුණිය විසින් බව පෙනී ගොස් තිබේ. පොලිසියද පැමිණ සී.සී.ටී.වී. කැමරාවේ පටගතවී තිබූ දර්ශන පරීක්ෂාකර බලා අවශ්‍ය රූපරාමු ලබාගත්තේ ඉදිරි පරීක්ෂණ සඳහාය.


මඩකළපුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී කේ.පී. කීර්තිරත්න මහතාගේ උපදෙස් මත මෙම රන් බඩු සොරකම් සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කෙරුණේ මඩකළපුව කොට්ඨාස නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල වීරසේකර මහතා ප්‍රධාන එම ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසිනි.


පොලිස් අධිකාරී කීර්තිරත්න මහතාට ලැබුණු හෝඩුවාවක් ඔස්සේ කරන ලද සොයා බැලීම්වලදී රන් බඩු සොරකම්වලට පැමිණි කාන්තාවගේ පුතුන් දෙදෙනෙක් පොළොන්නරුව ප්‍රදේශයේ ගමක ජීවත්වෙන බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත. පොළොන්නරුව ප්‍රදේශය බලාගිය පොලිස් කණ්ඩායම කාන්තාවගේ පුත්තු දෙදෙනාගෙන් මව ගැන විස්තර විමසූ අවස්ථාවේ අම්මා නංගිලාත් එක්ක මඩකළපුවට ගොස් පැමිණි බව පවසා තිබේ.

18-Page-4-S2-03

සී.සී.ටී.වී. කැමරාවේ පටගතවී තිබූ දර්ශන.

 


මඩකළපුවට ගොස් පොළොන්නරුවටද පැමිණ නැවත වත්තල එfඬ්රමුල්ල ප්‍රදේශයේ ඔවුන් නවාතැන් ගෙන සිටින කාමරයට ගිය බවද පුත්තු දෙන්නා පොලිස් නිලධාරීන් සමග පවසා ඇත. පුත්තු දෙන්නාගෙන් මව පදිංචිව ඉන්නා ඉසව්ව හරියටම දැනගත් පොලිස් කණ්ඩායම ඒ නිවස සොයා ගොස් ඇය මුලින්ම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඊට පසුව ඇයගේ 17 හැවිරිදි දියණිය හා අවුරුදු 65ක් පමණ වයසේ පසුවන පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් තිදෙනා පදිංචිව සිටි නිවසේ සඟවා තබා තිබියදී සොයා ගැනීමටද පොලිස් කණ්ඩායමට හැකිවිණි. අත්අඩංගුවට පත් කාන්තාව අවුරුදු 45ක පමණ වයසේ පසුවන දරුවන් 11 දෙනෙකු සිටින මවක් වන අතර 65 හැවිරිදි පුද්ගලයා ඇයගේ අනියම් සැමියා බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇත. මේ පුද්ගලයා කතරගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.


සැකකාර කාන්තාව මීට පෙරද මෙවැනි සොරකම් සම්බන්ධයෙන් පොලිසියට කොටුවී වසර 1 1/2ක පමණ කාලයක් සිට දඬුවම් ලබා පැමිණි තැනැත්තියක් බව පොලිසිය කියයි.


මම සාමාන්‍ය පෙළ විභාගයටත් ලියලා මේ ළඟදී තමා ඉස්කෝලේ ගමන නැවැත්තුවේ. අම්මා තමා මට මේ විදිහට සොරකම් කරන්න පුරුදු කළේ. මුලින් හිතට බයක් ඇතිවුණත් ටික කාලයක් යනකොට ඒ බය නැතිව ගියා. මම සොරකම් කරන්න කැමති වුණේ නැහැ. අම්මාගේ බලකිරීමට තමා මේවා කළේ යැයි පොලිසියට කොටුවූ තරුණිය පවසා ඇත්තේ ඉකිගසා හඬමිනි.


පාසලේ ඉගෙන ගන්නා කාලයේ එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව තමා බවද ඇය පොලිස් නිලධාරීන් සමඟ පවසා ඇත්තේද අම්මා මගේ මුළු ජීවිතයම කාලකන්නි කළා යැයි කියාය.


මහත්තයෝ මම විවාහ වුණේ අවුරුදු 15ක තරම් වයසේ ඉද්දී කඳුරුවෙල පැත්තේ තරුණයෙක් එක්ක. එයා මාව දාලා ගියා. ඊට පස්සේ කොස්ගම ප්‍රදේශයේ කෙනෙක් එක්ක විවාහ වුණා. ඒ මිනිහත් මට හරියට කරදර හිරිහැර කළා. ජීවත් වෙන්න නොවිඳිනා දුක් වින්දා. ඒ වෙනකොට මට පිරිමි දරුවෝ හත් දෙනෙක් හා දියණියන් හත් දෙනෙක් හිටියා. මේ වෙනකොට පුත්තු තුන්දෙනෙක් විවාහ වෙලා. මේ දුව (සැකකාර 17 හැවිරිදි තරුණිය) විතරයි විවාහ වෙලා නැත්තේ. රත්රන් බඩු හොරකමේ යද්දී වඩාගෙන ගිය අත දරුවා මගේ එක් දියණියගේ දරුවෙක්. පිරිමි පුද්ගලයා මගේ දැන් ඉන්න අනියම් සැමියා. ඔහුවත් මම මේ හොරකම්වලට යද්දී එක්කගෙන යනවා. අපේ සහයට තමා ඔහුව එක්කරගෙන යන්නේ යැයි සැකකාර කාන්තාව පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත.


මේ විදිහට සොරකමේ යන්නේ ඇයිද කියා පොලිස් නිලධාරීන් විමසූ අවස්ථාවේ ඇය පවසා ඇත්තේ මෙවැනි කතාවකි.


මම දරුවන්ට හරිම ආදරෙයි. දරුවෝ ජීවත් කරන්න තමා හොරකමේ ගියේ. දරුවෝ ලොකු මහත් කළේ රත්රන් බඩු උස්සලා. මට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. දරුවන්ට පාන් කෑල්ලක් කන්න දීලා තේ කහට කෝප්පයක් බොන්න දීලා මම ඇල්වතුර වීදුරුවක් බීලා කුසගින්න නිවාගත්තු දවස් ඕනෑ තරම් තිබුණා. මම මේ දරුවාට කළේ ලොකු වරදක් බව නොදන්නවා නොවේ. ගෙවල් කුලී ගෙවන්නත් සල්ලි ඕනෑ. විවාහ වෙලා වෙනම පදිංචි වෙලා ඉන්න දරුවන්ට අදටත් මම සලකනවා.


රත්රන් බඩු සොරකම් කරලා හම්බකරගත්තු සල්ලිවලින් මම පොඩි ගෙයක් කොස්ගම ප්‍රදේශයේ හැදුවා. ගේ හදපු ඉඩම මගේ දෙවැනි මිනිහාට අයිති එකක්. ඒ මිනිහා මාව ගහලා එලවා ගත්තාට පස්සේ ඉන්න හිටින්න තැනක් නැතිව ගියා. ඊට පස්සේ තමා මම මේ ගෙදර කුලියට අරගෙන පදිංචියට ආවේ යැයි සැකකාර කාන්තාව පවසා ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වල දීය. සැකකාර කාන්තාව, ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයා සහ ඇයගේ 17 හැවිරිදි දියණිය ද මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු තිදෙනාම රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ සිටිති.


මඩකළපුව කොට්ඨාසය බාර පොලිස් අධිකාරී කේ. පී. කීර්තිරත්න මහතාගේ විශේෂ උපදෙස් හා මෙහෙයවීම යටතේ මඩකළපුව කොට්ඨාස නොවිසිඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල වීරසේකර, පොලිස් සැරයන් රෝහන (42997), පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රියංකර (66427), මනෝහර (54554), බණ්ඩාර (47594), ගුණසේකර (61602), තාහා (65042) සහ ප්‍රදීප් (18432) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා මෙම සැකකාරියන් දෙදෙනා සහ සැකකරු අත්අඩංගුවට ගත්හ.

m



අදහස් (0)

ප්‍රධාන ශිෂ්‍ය නායිකාව රන්බඩු සොරකමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 299 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2122 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site