IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ නිමාවක් නැති චණ්ඩිකම්

ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ චණ්ඩිකම්වල කෙළවරක් නැත. කුඩා දරුවකුට නම් වැරැද්කට දඬුවමක් කළ හැකිය. එහෙත් විවිධ නොපනත්කම් කරමින් ඇට්ටර වූ දේශපාලනඥයන් කරනු ලබන වැරැද්දට ප‍්‍රමාණවත් තරම් දඬුවමක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. එවැනි දඬුවම් ලැබෙනවා නම් මේ ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නින්දිත, පහත් වැඩ කි‍්‍රයාවල කෙළවරක් දැකිය හැකි වනු ඇත. අඩු වශයෙන් මේ මැරකම්වල අඩුවක්වත් දකින්නට හැකි විය යුතුය.පසුගිය වසරේ ජූනි මාසයේ සිට මේ දක්වා විවිධ චෝදනා මත නීතිය ඉදිරියට පැමිණවූ දේශපාලනඥයන් සංඛ්‍යාව 50කට ආසන්නය. මේ අතර ප‍්‍රාදේශීය සභා සභාපතිවරු 9, ප‍්‍රාදේශීය සභා උපසභාපතිවරයෙක්, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු 25ක්, හිටපු සභාපතිවරු 3ක්, පළාත් සභා මන්ත‍්‍රීවරු දෙදෙනෙක්, නගර සභා මන්ත‍්‍රීවරයෙක් සිටිති.

 

 

මිනීමැරුම්, අල්ලස් ගැනීම්, පහරදීම්, ළමා අපයෝජන, චණ්ඩිකම් දැක්වීම, අල්ලස් ගැනීම යනාදී වශයෙන් මෙම ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ චෝදනා ලබා සිටිති.

දේශපාලනඥයන්ට මේ බලය ලැබෙන්නේ ජනතාව ලබා දෙන කතිරයෙනි. බලය ලබා ගත් පසු පිස්සු බල්ලන් මෙන් හැසිරෙන ඇතැම් දේශපාලනඥයන්ට හොඳ - නරක විනය සංවරකම මේ සියල්ලක්ම අමතකව යාම සිදුවන බවක් පෙනෙන්නට ඇත.

බලයට පෙර නිවට ස්වරූපයෙන් සිටි බොහොමයක් ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ බලය ලැබීමෙන් පසු චණ්ඩින් බවට පත්වෙති. බලයත් සමග ලබාගන්නා මෙම චණ්ඩිකම් කිරීමට කිසිදු චකිතයක්, හිරිකිතයක් නොදක්වති.

ප‍්‍රාදේශීය දේශපාලනඥයන් ගණනාවක් අතින් සිදුවී ඇති මැරකම් දෙස බැලීමේදී ඒ බව තහවුරු වෙයි.

තංගල්ල හා අකුරැුස්ස ප‍්‍රාදේශීය දේශපාලනඥයන් දෙදෙනෙක් ළමා අපචාරවල යෙදීම, තංගල්ල මැඩිල්ල ප‍්‍රදේශයේදී බි‍්‍රතාන්‍ය ජාතිකයෙක් ඝාතනය කිරීම, රුසියානු ජාතික තරුණියකට බරපතළ තුවාල සිදු කිරීම, ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් පල්ලම පොලිසියට කඩාවැදී අත්අඩංගුවට ගෙන තිබූ ටිපර් රථ දෙකක් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ දැරීම, කහවත්ත කොටකෙතන ද්විත්ව ඝාතනයන් පිළිබඳ චෝදනා ලැබීම, මොරටුව මැටිගහතැන්න විමලවංශ හිමියන් ඝාතනය කිරීම, ප‍්‍රාදේශීය දේශපාලනඥයන් ලබා ඇති චෝදනා අතර වෙයි.

අද සටහන් කිරීමට බලාපොරොත්තු වන්නේ ඉතාම මෑතකදී ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ට චෝදනා එල්ල වූ සිදුවීම කීපයක් පිළිබඳ සඳහන් කිරීමය.
තබ්බෝවේ වාරිමාර්ග ක්ෂේත‍්‍ර සහකාරවරයකුට පහරදෙල ලදැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතාට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ආරම්භ වී ඇත.

කරුවලගස්වැව වාරිමාර්ග කාර්යාලයට ගොස් ක්ෂේත‍්‍ර සහකාරවරයාගෙන් දුරකතන අංක කිහිපයක් ගැන විමසා ඇති අතර, ඒවා තමා නොදන්නා බව ක්ෂේත‍්‍ර සහකාරවරයා පැවසූ විට සභාපතිවරයා ඔහුට පහර දුන් බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

තබ්බෝව වාරිමාර්ග ව්‍යාපෘතියේ සේවය අවසන් කර වාරිමාර්ග ක්ෂේත‍්‍ර නේවාසිකාගාරයේ සිටින විට එහි පැමිණි කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමන්ට පහර දුන් බව මෙම පහර කෑමට ලක්වූ මධුසංඛ සුපුන් දිසානායක මහතා පොලිසියට පැමිණිලි කර තිබිණි.

බීමතින් සිටි සභාපතිවරයා දුරකථන අංකයක් විමසා ඇති අතර, එය නොදන්නා බව ප‍්‍රකාශ කළ නිසා තමන්ට පහර දුන් බවද දිසානායක මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වී ඇති බව වාර්තාවේ.

සිද්ධියට අදාළ සභාපතිවරයා ලබන 23 වැනි දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කර ඇත.

තවත් චෝදනාවක් ලබා සිටින ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වූයේ මීගමුව නගර සභාවේ නගරාධිපති ඇන්ටන් ජයවීර මහතාය. යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයකු හප්පා මෝටර් රථයකින් පළා යමින් සිටි බව කියන මෙම නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් සැරයන්වරයකුට අසභ්‍ය වචනයෙන් බැණ වැදී රාජකාරියට බාධා කළ බවට චෝදනා ඇත.

මෙම නගරාධිපතිවරයා පොලිස් සැරයන්වරයාගේ නිල ඇඳුමෙන් ඇදගෙන පොලිස් අධිකාරි භූමිය දක්වා ගොස් ඇති බවද චෝදනා එල්ල වේ.
නගරාධිපතිවරයා තමන්ගේ නිල ඇඳුමෙන් ඇද පහර දීමට තැත්කර රාජකාරියට බාධා කරන ලදැයි අදාළ පොලිස් සැරයන්වරයා මීගමුව පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇති බව සඳහන් වේ.

බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගන්නා ලදැයි කියනු ලබන සිද්ධියක් පිළිබඳ චෝදනා මත වළල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඞී.යූ. පි‍්‍රයංග අතුකෝරල ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ තබා ඇත.

කරුවලගස්වැව, වළල්ලාවිට හා මීගමුව ප‍්‍රාදේශීය දේශපාලනඥයන් තිදෙනා පසුගිය මාසය තුළ චෝදනා ලැබූවන් වෙති. ඒ ඉතාම මෑතකදීය.
කෑගල්ල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ගාමන් පතිරණ මහතා විසින් කෑගල්ල පරගම්මන ධර්මපාල කනිටු විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහර දුන් බවට චෝදනා ලබා ඇත.

රත්නපුර නගරයේ රථවාහන රාජකාරි සිදුකරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකුට පහරදී ඔහුගේ මුහුණ සපා කා ඇති බවට නියෝජ්‍ය නගරාධිපති නිලන්ත රෝෂා මහතා චෝදනා ලබා සිටියි.

හිස්වැසුම් නොමැතිව යතුරු පැදියක් ධාවනය කිරීම සම්බන්ධ ප‍්‍රශ්නයක් මුල් කරගෙන ඇතිවූ බහින් බස්වීම ගැටුමක් බවට පත්වී දෙදෙනා බිම පෙරළෙමින් පහරදීම් සිදු කර ඇති බව වාර්තා වේ.

ආපන ශාලාවක හිමිකරුවකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අම්පාර මූලස්ථාන පොලිසිය මගින් අම්පාර නගර සභාපති ඉන්දික නලීන් ජයවික‍්‍රම මහතාට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන ඇත.

සභාපතිවරයාගේ හිතවතෙක් හා ආපනශාලා හිමිකරුවෙක් අතර ඇතිවූ බහින්බස් වීමක් මුල් කර ගනිමින් මෙම පහරදීම කර ඇති බව පොලිසියට පැමිණිලි කර තිබිණි.

මේ සඳහන් කරනු ලැබුවේ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් සම්බන්ධ මැරකම් කීපයක් පමණක් පිළිබඳ චෝදනාය. මේ චෝදනා බොහොමයක් මේ වන විට අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතී.

අද දේශපාලනය තුළ සිදුවන්නේ ”අලි යන කපොලූ තිබියදී කූඹි යන ගුල් වැසීමය”. දේශපාලනඥයන්ගේ මැර කි‍්‍රයාවල අවසානයක්ද නැත. එක් අයෙක් කරන වැරැුද්දකින් අනෙක් අය පාඩම් ඉගෙන ගන්නේද නැත. දේශපාලන පක්ෂ විසින් මැතිවරණවලට නාමයෝජනා බාරදීමේදී ඔවුන්ගේ හැදියාව ගැන සොයා බැලීමක්ද නැත. අපේ ජනතාව මේ පුද්ගලයන් පිළිබඳ තීන්දු ගැනීමේ කාලය දැන් එළඹී ඇත.

 

දයාසීලි ලියනගේ
 

 



අදහස් (0)

ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ නිමාවක් නැති චණ්ඩිකම්

යාපා Tuesday, 16 July 2013 08:44 PM

ඕකට තමයි තියෙන්නේ කතිරේ (නි)

:       0       0

එච්.පි. සුජිත් Tuesday, 16 July 2013 08:52 PM

ඔබ හරි පිටිගල. (අ)

:       0       0

රනිල් Sunday, 14 July 2013 04:12 PM

වැඩක් නැහැ අනේ කතා කරලා,මේ ආණ්ඩුවට අපි 2/3 බලය දීලත් තවම මේ හොරු චන්ඩි දේශපාලනෙන් එලවන්න කල්පනාවක් නැහැ වගේ.ඔබතුමාලට මම යෝජනා කරනවා කේවල මන්ත්‍රී ක්‍රමය ඉක්මණට ගෙනෙන්න කියලා. එතකොට මේ වගේ අය එන එක නතර කරන්න පුළුවන් වෙයි (දී)

:       0       0

ප්‍රදීපා Saturday, 20 July 2013 08:34 PM

මොන කතාද මේ ගැන? ගුරුවරිය දන ගස්සවපු කෙනාටත් නාම යෝජනා දෙන්න යනවලු. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 15 July 2013 03:17 AM

ඉහලම කෙනා මේ අයට අනුකම්පා කරනවානම් අපි කුමක් කරමුද?(නදී)

:       0       0

රජ Saturday, 20 July 2013 01:55 PM

පොඩි අය ලවා ලොකු අය වැරදිවැඩ කරව ගන්නවා. ඒ හන්ද එයාල මොන වැරැද්ද කලත් ලොක්කන්ට සිද්දවෙලා තියෙනව එයාලව ආරක්‍ෂා කරගන්න. හොදම නිදසුන ගුරුතුමියව දන ගස්සවපු කෙනා. (දී)

:       0       0

ඇසළ Sunday, 14 July 2013 07:18 PM

වරෙල්ලකෝ මේ පාර දෙන්නම් ඇපත් නැතුව යන්න. මහජන මුදල් කන මේ වගේ අය ටිකක් මතු උපදින ආත්මයක් වත් අහන්නට දකින්නට නොලැබේවායි ප්‍රර්ථනා කරමි.(නදී)

:       0       0

ප්‍රසාද් Monday, 15 July 2013 04:47 PM

මේ කුක්කෝ මොනවා කළත් ඇයි මෙයාලට විරුද්ධව පියවරක් නොගන්නේ. බලය අවශ්‍ය නිසාද? (නදී)

:       0       0

දම්මි Tuesday, 16 July 2013 06:57 PM

පොලිස්කාරයො අහිංසක මිනිස්සුන්ට නම් පාට් දානවා. ඒක නිසා මෙයාලට ගහන එක හොදයි (නි)

:       0       0

පිටි චූටි Tuesday, 16 July 2013 03:00 PM

ආණ්ඩුවෙන් කාටවත් ලයිසන් දීලා නැහැනේ මැරකන් කරන්න.සමහර මෝඩයෝ බලය අතට ගත්තම කරන වැඩ තමයි.ඒකට ඉතින් ආණ්ඩුවට දොස් කියන එක වැරදියි.කොයි ආණ්ඩුව ආවත් ඕවා වෙනස් කරන්න බැහැ. (දී)

:       0       0

සිල්වා Sunday, 14 July 2013 09:11 PM

මෙන්න මේ වෙලාවට මතක් වෙන්නේ ජේ කට්ටිය හිටියනම් හොඳයි කියා.(නදී)

:       0       0

නලිත Tuesday, 16 July 2013 12:15 PM

වරෙල්ලකෝ ඡන්දෙ ඉල්ලගෙන,දෙන්නෙ මේ ගමන නම් පොලුපාර. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 236 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 115 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 241 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 612 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4822 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site