IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ජීවත් වෙන්න දෙන්නේ නැත්නම් තෝත් මරාගෙන මාත් මැරෙනවා

0    

 

අපේ ආණ්ඩුව අවුරුදු විස්සක්. එකම බෙහෙතක් දිගටම පාවිච්චි කරනකොට තියෙනවා සයිඞ් ඉෆෙක්ට් කියලා එකක්. අතුරු අබාධ කියලා එකක් තියෙනවා. මේ තරම්වත් මේ ආණ්ඩුව ඉදිරියට යන්නේ ජනාධිපතිතුමාගේ නිහතමානී කමයි ඔහුගේ දක්ෂකමයි නිසා, සහ ඇමැති මණ්ඩලය නිසා.

 

 

dප‍්‍රශ්නය- ඇයි ඔබ මේ දිනවල වැඩියෙන් මාධ්‍යයේ පේන්න නැත්තේ?


පිළිතුර -- ඔයාලට සිංහයෙක් බලන්න පුළුවන්ද ලේසියෙන්? උකුස්සෙක් බලන්න පුළුවන්ද ලේසියෙන්? බකින්හැම් පැලැස් එකේ ඉන්න කුවීන් බලන්න පුළුවන්ද ලේසියෙන්? වන ගතව සිටින රහතන් වහන්සේ නමක් බලන්න පුළුවන්ද ලේසියෙන්? බැහැ. මං සිල්ලර වැඩ කරන්නේ නෑ. අවශ්‍ය වෙලාවට මං පෙනී සිටිනවා.  මාධ්‍ය මට  ඕනැ වෙලාවක කතා කළොත් මං මාධ්‍යයට කතා කරනවා. විශේෂයෙන් මං ස්වාමීන් වහන්සේලා ඇර මං යන්නේ මාධ්‍ය ළඟට පමණයි. දේශපාලන වශයෙන් ජනාධිපතිතුමා කතා කළොත් යනවා.  ඒක මගේ ප‍්‍රතිපත්තියක්. ඒ කියන්නේ සීනුව ගහන්නේ ඉස්කෝලේ පටන් ගන්නයි වහන්නයි විතරයි. මගේ සීනුව ගහන්නෙත් ඒවගේ තියරියක් අනුව. ඒකේ වරදක් නැහැනේ.

 


d ප‍්‍රශ්නය - ඔබ පහුගිය දවසක කැලණියේ රැස්වීමකදී කියා තිබුණා ඔබට සහයෝගය නොලැබුණහොත් මේ ආණ්ඩුවේ ඉඳලා වැඩක් නැති බව?


පිළිතුර -- ස්ථිර වශයෙන්ම ඇත්ත. මම කැලණියට දැම්මේ ජනාධිපතිතුමා. ශ‍්‍රීපති සූරියආරච්චි රජයට විරුද්ධ වුණා. ඉතින් ජනාධිපතිතුමා හිතන්න ඇති මං හොඳ සිංහල බෞද්ධයෙක්, එතුමා එක්ක මං ආවේ. මං බෙලිඅත්තේ. මම රුහුණේ. සේරම බලලා එතුමා මට බාර දුන්නා කැලණිය. මං හිටියේ කොළඹ. ජටාල තිස්ස කියන කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ පුතාගේ පුතා ලැබුණේ තිස්ස මහාරාමේ. ඒ වෙහෙර නම් කළා ජටාල වෙහෙර කියලා. මගේ පරණ ආසනේ. මං ඒක ජයග‍්‍රහණය කළා. ජටාල තිස්ස රජතුමා තමයි ඉස්සෙලම ආවේ කැලණියට. කැලණියේ මං හදපු තොරණ හංදියේ තොරණ හැදුවේ එතුමා. පංසල නිර්මාණය කළේ ජටාල තිස්ස. ඒ ඉතිහාසය රුහුණත් එක්ක සම්බන්ධ නිසා, ජනාධිපතිතුමා ඉතිහාසය ගැන දන්න නිසා එතුමා මා පත්කරන්න ඇති කියා විශ්වාස කරනවා.


ඉතින් මං එදා ඉඳන් හොඳට වැඩ කරගෙන ගියා. ගංවතුර උවදුර නැති කළා. ගුවන් පාලම්, තොරණ, බුදු පිළිම, පාරවල් නොයෙක් අලූත් අලූත්දේවල් මං කළා. කරගෙන යනකොට මේක කාට හරි බලාගෙන ඉන්න බැරිවෙන්න ඇති. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දවසට කියන්නම්. දැන් කියන්නේ නෑ. ඒ කියන්නේ හෙට ප‍්‍රමාද වැඩියි. නමුත් අදම කියන්නෙත් නැහැ.
ඔබ දන්නවා මට මිනිස්සු කොච්චර ආදරේද කියලා. ඒක මං දන්නවා. වැඩකරගෙන යනකොට විශාල කුමන්ත‍්‍රණයක් ආවා ඉරිසියාව, ක්‍රෝධය, වෛරයත් එක්ක.

 

1

 


dප‍්‍රශ්නය - ඔබ නියෝජනය කරන පක්ෂයෙන්මද ආවේ?


පිළිතුර - ඔව් මගේ පක්ෂය තුළින්. ප‍්‍රාදේශීය සභාව මං ළඟින්ම ඇසුරු කළා.  මගේ හොඳම සභාපතිවරයා මැරුණා. මං පංගුපේරුවක් නැතිව, එයාගේ රබර් සෙරෙප්පු දෙකද කියා බැලූවේ නැහැ, කලිසම පොඩිවෙලාද බැලූවේ නැහැ, එයාගේ වත්කම් දිහා බැලූවේ නැහැ, මං පත් කළා දැන් ඉන්න සභාපතිවරයා. පත් කරලා ඊළඟ ප‍්‍රාදේශීය සභා මැතිවරණෙ මමත් ඒ අයට මුදල් දීලා වැඩ කරලා මහ විශාල ජයග‍්‍රහණයක් කළා ප‍්‍රාදේශීය සභාව. නොමිනේෂන් දෙන්න අමාරු, චෝදනා තියෙන කෙනෙකුටත් මං නොමිනේෂන් දුන්නා. නම් ගම් කියන්න මට හිරිකිතයි. ඒගොල්ලගේ එදා තත්ත්වෙයි අද තත්ත්වෙයි ගමට ගිහින් අහන්න. එදා තිබුණේ ෆුට් සයිකලේ. අද තියෙන යානවාහන බලන්න.  මම සංතෝෂයි බෞද්ධයෙක් හැටියට එයාලා එහෙම තැනකට පැමිණීම ගැන. හැබැයි එයාලා කටුස්සා තොරණෙ නැංගා වගේ වැඩක් කළේ. මට විරුද්ධව කුමන්ත‍්‍රණයක් තිබුණා. මේවා උහුල ගන්න බැරුව මිනී මැරුම් චෝදනාවකට අපේ නම් පටලැව්වා. මගේ ලේකම්තුමා රිමාන්ඞ් භාරයට ගියා. මං මිනීමරුවෙක් හැටියට සමහර මාධ්‍ය ප‍්‍රචාරයට පත් කළා. මම නොසැලී හිටියා.

අජාසත්තලා ප්ලෑන් කරලා දෙව්දත්තෙර නාලාගිරි ඇතා රා පොවලා එනකොට තථාගතයන් වහන්සේ නොසැලී සිටියා වගේ, අංගුලි මාල සොයාගෙන ගියා වගේ. මං බුද්ධ ධර්මය දන්න නිසා නොසැලී සිටියා.


මේ පස්වැනි ඉරිදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂේ නිල් පවුරේ නිල් රැුල්ලේ අවසාන සම්මේලනය තිබුණේ කැලණියේ. පන් දාහකට එහා ආවා සෙනඟ. බැසිල් රාජපක්ෂ අපේ නායකතුමා පිළිගත්තා ඒක. ඒ කියන්නේ මිනිස්සු මට ආදරෙයි. මිනිස්සුන්ට මං ආදරෙයි. මං ඉන්නේ මිනිස්සුත් එක්ක. මිනිස්සු ළඟ මම පාපිස්සක් වෙන්නම්. මිනිස්සු වෙනුවෙන් මං මිනිස්සුන්ගේ රෙදි හෝදලා දෙන්නම්. හැබැයි කුමන්ත‍්‍රණ කාරයන්ට මම බය ඇති මිනිහෙක් නෙමෙයි.
ආණ්ඩුවේ ඉන්නවා මාධ්‍ය ඇමැතිට වැඩියෙ මාධ්‍ය මෙහෙයවන එකෙක්. මාධ්‍ය ඇමැතිවරයා නෙමෙයි, තවත් ඉන්නවා එකෙක්. පන් දහසකට වැඩියේ සෙනඟ ගෙනාවා. පක්ෂේ ජාතික සංවිධායක ආවා. මේ වෙනකොටත් එක චැනල් එකක මගේ සෙනඟ ගියේ නෑ. ඇයි අරූ කැපුවා. මට රටට පෙන්වන්න  ඕනැ නෑ සෙනඟ. රට දන්නවා මර්වින් සිල්වා කවුද කියලා. එන්න මාත් එක්ක යන්න රට වටේ. මා එක්ක මිනිස්සු එක්කහු වෙන හැටි බලන්න.

 


d ප‍්‍රශ්නය - ඌවේ ඡුන්ද ප‍්‍රතිඵලය ගැන ආණ්ඩුව සහ විපක්ෂය විවිධ දෑ කියනවා. ඌවේ ඡුන්ද ප‍්‍රතිඵලයෙන් දුන් පණිවිඩය මොකක්ද?


පිළිතුර - අපේ ආණ්ඩුව අවුරුදු විස්සක්. එකම බෙහෙතක් දිගටම පාවිච්චි කරනකොට තියෙනවා සයිඞ් ඉෆෙක්ට් කියලා එකක්. අතුරු ආබාධ කියලා එකක් තියෙනවා. මේ තරම්වත් මේ ආණ්ඩුව ඉදිරියට යන්නේ ජනාධිපතිතුමාගේ නිහතමානී කමයි ඔහුගේ දක්ෂකමයි නිසා, සහ ඇමැති මණ්ඩලය නිසා. මං ඒක පිළිගන්නවා. නමුත් රෙද්ද ගැන හොයන්නේ නැතිව අයන් බෝඞ් එකේ තියෙලා ඉස්තිරික්කේ රස්නෙ වැඩි කරනකොට රෙද්ද පිච්චෙනවා නේද? අඩුවෙන් දැම්මොත් රෙද්ද අයන් වෙන්නේ නැහැ. ඒක නිසා කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු, තමන්ගේ තරම දැනගෙන කල් ගෙවනු...


සමහර උදවිය හිතනවා  මේ තනතුරුත් එක්ක ඉන්නකොට අපි ආවේ  ඕපපාතිකව කියලා, මහජන හඬට ඇහුම්කන් දෙන්නේ නැත්නම්, මහජනයාගේ සුවඳ ආඝ‍්‍රාණය කරන්නේ නැතිනම් මහජනයාගේ ද්වේශත්වයට පත් වෙනවා. මහජන බැල්මක් නැතිවෙනවා. ජනාධිපතිතුමා අවසාන දවස් ටිකේ ගිය නිසා තමයි මේ ප‍්‍රතිඵලය අපිට හොඳ වුණේ.

 

2


අවංකව මං කියන්නම් මෙච්චර වැඩ කරපු ආණ්ඩුවක්, ගම් සභා පාරේ ඉඳලා අජටාකාශයට යන්න බැරිවුණාට ඒකටත් ජනාධිපතිගේ බාල පුතා දැන් ලෑස්ති වෙනවා විද්‍යාඥයෙක් හැටියට. ලංකාවේ සියලූ වැඩ කළා. ගර්භනී මාතාවකට පටන් ගන්න කළලයේ ඉඳලා මේ ලෝකෙට බිහි වන දරුවා දක්වා හැමෝටම වැඩ කළා. කොහේ හරි මේකේ වැරැුද්දක් තියෙන්න  ඕනෑ. මං කියන්නේ අපිට ඉරිසියා කරන්නේ නැතිව වැරැුද්ද හොයාපල්ලා. කවුරු සංතෝෂ වුණත් මං සංතෝෂ නෑ.


මොකක්ද නොකළේ? දැන් බලන්න කොළඹ නගරයට ආවාම අඳුරගන්න පුළුවන්ද? මං බෙලිඅත්තේ, හම්බන්තොට දිස්ත‍්‍රික්කේ, අපට දැන් අපේ ගෙවලූත් හොයා ගන්න බැහැනේ. ඒ තරම් දියුණු වෙලා. මේතරම් වැඩ කරලා මොකක්ද මේ තිබුණු හිඩැස? එකාට එකා කපා ගන්නකොට දන්නවනේ ඉතිහාස කතා. ආඬි හත් දෙනාගේ කැඳ හැළිය වෙන්න හොඳ නෑ දේශපාලනය. අපි පත් කරන්නේ ජනතාව. කළේ වතුර බීලා අන්තිමට ඒකට වතුර නෑ කියලා පයින් ගහන්න හොඳද? එක එක විච්චූරණ මම කියන්නේ නෑ. මොණරාගල දිස්ත‍්‍රික්කය කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල දිස්ත‍්‍රික්කයක්. අපි දිනුවා. වැල්ලවායෙන් විශාල ඡුන්ද ප‍්‍රමාණයක් අපිට ආවා. නමුත් ඡුන්ද ප‍්‍රතිශතය දිහා බලනකොට අඩුවක් තියෙනවා. ඒක රජයක් පෙරළන්නවත්, වෙනස් කරන්නවත් දීපු සංඥාවක් නෙවෙයි. ඒගොල්ල කිව්වේ මේ අපේ ආණ්ඩුව. මේ අපි ඇමැතිවරු. මේ අපේ මන්ත‍්‍රීවරු. ඒගොල්ලෝ ටිකක් ඉස්සරහට ගෙනල්ලා හදාගන්න  ඕනැ කියන පණිවිඩයක් දුන්නේ. අනිත් එක බදුල්ල දිස්ත‍්‍රික්කෙන් ආවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු තරුණ මන්ත‍්‍රීවරයෙක්. ඒ ටීම් එක අලූත්. ඔය ඡුන්ද ටිකවත් ගත්තේ නිමල් සිරිපාල ද සිල්වා මහත්මයාගේ තියෙන වීර්යවන්තකම නිසා. එතුමාගේ වීර්යවන්තකමයි තොණ්ඩමන් ඇමැතිතුමාගේ තියෙන වීර්යවන්තකමයි නිසා අපි දිනුවේ. කතානායකතුමාගේ පුතා මහඇමැතිකමට ඉල්ලපු නිසා තමයි මේ සේරම ඡුන්දටික ඒකරාශී වුණේ. මට වුණත් දීලා තිබුණේ සොච්චමයිනේ. මේ කතා කරන මගෙන් වැඩ ගත්තේ නෑ මේ මැතිවරණේ.

 


d ප‍්‍රශ්නය - ඌවේ ඡුන්දෙදි ඔබ වැඩියේ දකින්න නොලැබුණේ ඇයි?


පිළිතුර - මම පැනලා දෙන්නෙත් නෑ, පැනලා ගන්නෙත් නෑ. මං මර්වින් සිල්වා. මං ඇෙඟ් හැපෙන්න යන්නෙත් නෑ. හැබැයි මම හැප්පුණොත් හැපෙනවා. ඒ මගේ චරිතේ. මං ෆොන්සේකා මැතිතුමත් එක්ක හැප්පුණා. ජේ. ආර්. එක්ක හැප්පිලා මං හිරේ ගියා. පේ‍්‍රමදාසත් එක්ක හැප්පුණ. මගේ නංගියි මල්ලියි මස්සිනයි මිය ගියා. මට තුවාල වුණා. ඒ ඉතිහාසය. මම ගැන රාජපක්ෂවරු තරම් කවුරුවත් දන්නේ නෑ. මට භාර දුන්නේ මේ සොච්චමක්. කතරගම විතරයි. මට භාර දුන්නු කොටස කළා. මං ඔය පස්සේ එල්ලිලා යන්නේ නෑ. අර බිබිලෙට ගියෙත් ජනාධිපතිතුමා කිව්වා වරෙන් යන්න කියලා, ඒ නිසා ගියා. මං එතුමාටත් කිව්වා, අපේ කටින් ප‍්‍රයෝජන ගත්තෙත් නෑ. ගතින් ප‍්‍රයෝජන ගත්තෙත් නෑ.
 ඕනැ පක්ෂෙකට වෙනවා පොඩි අකරතැබ්බයක්. කලක් යනකොට ටුවරිස්ට්ලා ඉන්නවා.

 

3


d ප‍්‍රශ්නය - ඌවේ ඡුන්දෙට ඔබෙන් වැඩියේ ප‍්‍රයෝජනයක් ගත්තේ නැත්තේ ඔබට ආණ්ඩුවෙන් කැපිල්ලක් තියෙනවද?


පිළිතුර - මට කැපුවට කැපෙන්නේ නැහැනේ. පිඹුරා කපන්න පුළුවන්ද කියන්නකෝ. පිඹුරු රාජයා. අශෝක මහ රජ්ජුරුවොත් පිඹුරු රාජයෙක් වෙලා හිටියනේ. එක එකා කපනවා. මං ඔයාට කිව්වේ අර දෙව්දත්තෙර කදාවළලූ එකේ ඉඳලනේ ආවේ. අන්තිමට පවුලට එක්වෙලා අන්තිමට අවීචි මහා නරකාදියේ දැන් කල්ප ගානක් දුක් විදිනවානේ. අවි ගත්තෝ අවියෙන් නසිති. වෛර කරන්නෝ, ක්‍රෝධ කරන්නෝ, ඉරිසියා කරන්නෝ දුක් විඳලා උන් අන්තරා වෙයි. අපට තියෙන්නේ උපේක්ෂාවෙන් බලා ඉන්න එක විතරයි.

 


dප‍්‍රශ්නය - ඉදිරියේ ජනාධිපතිවරණයක් එන බව කියනවා. ජනාධිපතිවරණයට විපක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළොත් ආණ්ඩුවට අභියෝගයක් වෙයිද?


පිළිතුර - කැලණි ගඟට පුළුවන්ද මහ මුහුදට අභියෝග කරන්න? මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා, සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා, සේරම වැටෙන්නේ මහ මුහුදටනේ. ඉතින් මේ මහ මුහුද වගේ ජාති ආගම් කුල පන්ති බේදයක් නැතිව මේ ආණ්ඩුව නියෝජනය කරනවා නම් මේකට අභියෝග කරන්න පුළුවන්ද කාටවත්? බැහැනේ. මම නම් කියන්නේ එහෙම අපේක්ෂකයකු නොවැටෙන්න අපි කල්පනාකාරීව වැඩ කරන්න  ඕනෑ.

 

4


d ප‍්‍රශ්නය - ඔබේ පුතා දේශපාලනයට එනවා කියලත් මාධ්‍ය කතා වුණා නේද?


පිළිතුර - එනවාමයි.

 


d ප‍්‍රශ්නය - කොයි කාලෙද?


පිළිතුර - මහ මැතිවරණෙන්.


dප‍්‍රශ්නය - පසුගිය මහ මැතිවරණෙදී ඔබ දුන් පොරොන්දුවලින් කොපමණ ඉටු කරළද? ඊළඟ මහ මැතිවරණයටත් එනවද?


පිළිතුර - ඒකනේ මං කියන්නේ. මට තව සොච්චමක් තියෙනවා. මේ සොච්චම කරන්න ආණ්ඩුව මට උදව් නොකළොත් මම ඉන්නේ නෑ. මට ඉන්න බෑ කියන්නේ මට මිනිස්සු අතරට යන්න බෑ. මම බොරු පොරොන්දු දීලා පාර්ලිමේන්තු එන්නෙත් නෑ, පොරොන්දු ඉෂ්ඨ කරන්නේ නැත්නම් මං ඡුන්දෙ ඉල්ලන්නෙත් නෑ.

 


dප‍්‍රශ්නය - ඔබ ආණ්ඩුවෙන් අයින් වුණොත් දේශපාලනෙන් සමු ගන්නවද?


පිළිතුර - ඔව්.

 


d ප‍්‍රශ්නය - විපක්ෂෙට යන්නේ නැද්ද?


පිළිතුර - නෑ නෑ

 


d ප‍්‍රශ්නය - ආණ්ඩු පක්ෂයේ අර්බුදයක් ඇති බවත්, ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් රැුසක් විපක්ෂයට එක්වෙන්න කතා බහ කරනවා කියා පැතිර යන කතාව ඇත්තද?


පිළිතුර - අනේ ඇත්තට ඒ ගැන මං දන්නේනම් නෑ. නමුත් මාත් එක්ක රවී කරුණානායක බොහොම හිතවත්. හම්බෙනවා, කතා කරනවා. අපි කොච්චර දෙබස් කියා ගත්තත් අනුර කුමාර දිසානායකත් අපි පාර්ලිමේන්තුවෙදී හම්බෙනවා කතා කරනවා. මගේ පරණ නායකයා රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා. එයත් දැක්කම කතා කරනවා. කතා කිරීම තුළ යනවා කියන කතාව නෙමේ නේ.

 


dප‍්‍රශ්නය - බොදුබල සේනාව ලංකාවේ නම වෙනස් කරන්න යෝජනාවක් ගෙනාවා. ඒ ගැන ඔබ මොකද කියන්නේ?


පිළිතුර - දෙව්දත් තෙර ඉල්ලූවානේ පන්සිල් පද දහයක් බුදු හාමුදුරුවන්ගෙන්. මේ පහ රැුකගන්න බැරි ලෝකේ දහයක් දුන්නම කොහොම වේද? ඒ නිසා මේ කරුණාකරලා ඒ නම වෙනස් කරන්න කියන කට්ටිය උප්පැන්න සහතිකේ බලන්න කියන්න ඉස්සෙල්ලා. මේ ලංකාව රත්නදීපය කියලත් කියනවානේ. ඉස්සර මේක සිලෝන් කියලා කිව්වේ. මේ නම් වෙනස් කරනවාට වඩා මං යෝජනා කරනවා මිනිස්සුන්ගේ පැවැත්ම චර්යාව වෙනුවෙන් අපි සටන් කරමු. සංස්කෘතිය සභ්‍යත්වය රැුකගන්න. දැන් පත්තරේ දානවා අද සිට මගේ නම සිරිසේන නොව කෙවින් කියලා. නමුත් අර සිරිසේනයම තමයි කෙවින් වෙන්නේ. ඒක කරලා වැඩක් තියෙනවයැ.


මේ බොදුබලේ ඉන්න හාමුදුරුවරු මගේ මිත‍්‍රයෝ. ඇත්තෙන්ම මිත‍්‍රයො. ඥාණසාර හාමුදුරුවො හම්බවෙන්න මං ඉස්සර පංසලට යනවා. ඒ හාමුදුරුවොත් දකුණේ. හොඳ හාමුදුරුවො. ඉතින් මං දන්නේ නෑ මාත් එක්ක මොකද කලබගෑනියක් තියෙන්නේ කියලා.  මමත් එක්ක හැප්පුනොත් මම හැප්පෙනවා. මට පුළුවන්නම් රෝමෙට ගිහින් ලෝකෙ කිසි කෙනෙක් නොකරපු දෙයක් කරන්න, ලෝකේ පාප්වහන්සේනමක් බදා ගත්තේ මං විතරයි. දැක්කනේ ඡුන්දෙ කාලේ ෆොටෝ. එහෙව් එකෙක් තමයි මේ මර්වින් සිල්වා.  ඒක නිසා ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැත්නම් සුයිසයිඞ් එකක් කර ගන්න හරි මර්වින් සිල්වට ශක්තිය තියෙනවා. ජීවත් වෙන්න දෙන්නේ නැත්නම් තෝත් මරාගෙන මාත් මැරෙනවා.

 

5

 


d ප‍්‍රශ්නය - කැලණියේ ඔබට හොරෙන් මත්පැන් බලපත‍්‍රයක් දී ඇති බව කිව්වා නේද?


පිළිතුර -  මම තමයි කැලණියේ හරක් මස් නැවැත්තුවේ. එක්තරා හෝටලයක් හැදුවා කැලණියේ නාහේනේ. ඒක විවෘත කරන උත්සවයට ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා මට කතා කළා. මං ගියා. ඉන් පස්සේ මං ප්ලේන්ටියක්වත් බීලා, මගේ සම්බන්ධයක් නෑ. මෙයාලා මත්පැන් බලපත‍්‍රයක් ඉල්ල ඉල්ල හිටියා. අවට සියලූ හාමුදුරුවරුන් මේකට විරුද්ධ වුණා. පන්සල්වලට මීටර පන්සීයටත් අඩුයි. මං කිව්වා මේක කරන්න එපා කියලා.  ඒත් ලයිසන් දීලා.


මගේ ආසනේ මෙහෙම අශෝබන විදියට සුරාසල් විවෘත වෙනවා නම් මං මේ කැලණිය ආසනයේ සිටීමේ ප‍්‍රයෝජනයක් නැහැනේ මේ ආණ්ඩුවත් එක්ක. මං කියනවා ස්වාමීන්වහන්සේලාට යන්න වටලන්න, මාත් එනවා. මේ ආසනයේ සංවිධායක මර්වින් සිල්වා නැතුව වෙන කවුරුවත් නෙමෙයි.


ඩලස් ඇමැතිතුමා තමයි මාත් එක්ක ගියේ මේක විවෘත කරන්න. මං එතුමාගෙන් ගෞරවනීය ඉල්ලීමක් කරනවා මේ බලපත‍්‍රය කැන්සල් කරන්න. මේකම ඇති මට ආණ්ඩුවෙන් යන්න. මං මේක නායක තුමාට ලිඛිතව දන්නනවා. මේක උඩම මං යනවා. ඉන්න බැහැනේ. මෙහෙම ගෙනියන්න බැහැ ආණ්ඩු. ආසනේ මන්ත‍්‍රීවරයාට ආසනේ සංවිධායකට ගෞරවයක් තියෙන්න  ඕනෑ. ගෞරවය කියන්නේ බුලත් දී පිළිගැනීමක් නොවෙයි. ඒ මනුස්සයගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න  ඕනෑ. අපි වැඩ කරනවා. අපි වියදම් කරනවා. අපි දුක් විඳිනවා. වහාම මේවා නවත්වන්න  ඕන. නවත්වන්නේ නැත්නම් මං තප්පරයක් ඉන්නේ නෑ මේකේ. මට කිසි තනතුරක්  ඕනැ නෑ.


මා දන්නා පරිදි සුරාබදු කොමසාරිස් හෝ සහකාර කොමසාරිස් අනුමත කර නෑ. කොමසාරිස් ජනරාල් කෙළින් වැඩ කරන කෙනෙක්.
මේවගේ වැඩ වෙනවා නම් නීත්‍යනුකූල නොවන අන්දමින්, සදාචාර සම්පන්න නොවන අයුරින් මං කොහොමද රෙද්දක් ඇඳන් ඉන්නේ? රෙද්ද ගලෝලා ඉන්න බෑ මේක සිල්වත් උගත් සමාජයක් නිසා. එහෙම නැත්නම් තියෙන්නේ මට මෙතනින් නික්ම යන්න. අර සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙය හැර ගියා වගේ. සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙය හැර ගියේ සතර පෙරනිමිති දැකලානේ. දැන් මට ඒ වගේ සතර පෙරනිමිති පෙනීගෙන එන්නේ. මේක තව පෙරනිමිත්තක් වුණා. මුන් දෙනවා සුරා සැල්. ඉතින් මට මේ ආණ්ඩුවේ ඉන්න බැහැ එහෙමනම්. මං කොහොමද ඉන්නේ. මං හොඳ සිංහල බෞද්ධයෙක් නේ.  

 


d ප‍්‍රශ්නය - අවසන් වශයෙන් ඔබේ ඡුන්ද දායකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ?


පිළිතුර - යන්න දෑසත් පෙනේ නම් බැදිවල යන්නේ නැතිව වැඩ කරන්න පුළුවන්, ජනතාවට ආදරේ තියෙන, ජනතාව ඇසුරු කරන, ජනතාවට බොරු නොකියන, ජනතාවට පංපෝරි නොගහන, මුල අමතක නොවිච්ච, උපේක්ෂාවෙන් ජනතාව දිහා බලන, වැරදි දෙයට වැරදියි කියන, හරි දෙයට හරියි කියන, මේ රටේ සංස්කෘතියට සභ්‍යත්වය ආරක්ෂා කරගෙන, තමන් අදහන ආගම්වලට ලැදි, මනුෂ්‍යත්වය අඳුරන, මනුෂ්‍යයන්ට ඡුන්දෙ දෙන්න. අමනුෂ්‍යයන්ට ඡුන්දෙ දෙන්න එපා. තණ්හාව, වෛරය, ක්‍රෝධය තියාගෙන පංපෝරි ගහන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියන්නේ මාධ්‍ය පංපෝරිකරුවෝ. බර වචන දාලා, උන්ට ගමේ වචන අමතකයි. දාන්නේ බර වචන. ඇයි මේ බර වචන? ඔබ තුමා මා සමඟ පැමිණෙන්න, මොන රෙද්දටද එහෙම කියන්නේ. වරෙන් මචං.


m



අදහස් (0)

ජීවත් වෙන්න දෙන්නේ නැත්නම් තෝත් මරාගෙන මාත් මැරෙනවා

ලුවිස් Tuesday, 14 October 2014 01:39 AM

කෙලින් කතා කරන මෙතුමා සිංහල අපිට ඇත්තටම අවශ්‍යම යුග පුරුෂයෙක්.ඔබට ජය! (නි)

:       0       0

සමීර Tuesday, 14 October 2014 03:10 AM

අනේ වාසනාවන්! රටේ "මහජන සබඳතා ඇමතිතුමා" නේද මේ කතා කරන්නේ? කොසොල් රජු දුටු සිහින අපේ රටේ සැබෑවෙන අපුරුව ..... (නි)

:       0       0

නුවන් Tuesday, 14 October 2014 03:11 AM

තමන්ගේ ලොකුකම ගැන විතරයි බොහොමයක් දෙනා කතාකරන්නේ (නි)

:       0       0

ටෙක්ලා Monday, 20 October 2014 09:18 PM

අහනකොටත් බය හිතෙනවා (නි)

:       0       0

මිනිපේ Sunday, 19 October 2014 02:41 PM

නිකන් ඔහේ කියවනවා. (නදී)

:       0       0

රූපවතී Monday, 13 October 2014 01:32 PM

ඇතැම් දේවල් දිහා බැලුවාම, සදාචාරය ගැන කියවනවා. ඒ කියවන කටින්ම මොනවද මේ කියවන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. දැන් කාටද අපි ඇඟිල්ල දිගුකරන්න ඕනෑ? (නි)

:       0       0

අශෝක Monday, 13 October 2014 01:34 PM

එයා නැති දවසකට නම් හැමෝම කියයි එතුමා විතරයි වැඩක් කළේ කියලා. හැබැයි එතකොට අපි ගොඩක් ප්‍රමාද වැඩිවෙයි (නි)

:       0       0

සුගත් Tuesday, 14 October 2014 09:10 AM

මිනිස්සු තමයි වැරදි කරන්නෙත් ඒවා හදා ගන්නෙත්.(හේ)

:       0       0

කසුන් ධර්මවංශ Saturday, 18 October 2014 09:21 AM

සිංහල රටේ අගය දන්නේ නැතිව බොරුවට බන කියල වැඩක් නැහැ ඇමති තුමෝ.. අලුත්ගම සිද්දියේදී ඔබතුමාගේ චරියාව මම හොදටම දැක්කනේ. සිංහල ගම් වලට ගිහිල්ලා කොල්ලන්ට කිව්වා "උඹලා බලාගෙන ඉන්නේ මොකද ගිහිල්ල ගහපල්ලා" කියලා. අලුත්ගම පොලිසියට ගිහින් කිව්වා "අහවල් ගමේ කොල්ලෝ ටික ගහන්න එනවා උන්ව අල්ලලා කුඩුවේ දාන්න මම යනවා පල්ලිය බේරගන්න" කියලා මෙයා පල්ලියට ගිහින් හිටියා. ඔන්න ඕක තමා ඇත්ත තත්වේ (නදී)

:       0       0

හේරත් Tuesday, 14 October 2014 10:41 AM

අම්මෝ! බයේ බැහැ මට නම් (නි)

:       0       0

කුමාර් Monday, 13 October 2014 08:29 PM

එයාගේ නියම ස්වභාවය පෙනෙන්නේ ටිකක් තරහා ගියාමනේ. (නි)

:       0       0

ටෙක්ලා Friday, 17 October 2014 11:33 PM

අනේ ඇත්තට මෙහෙමත් කතා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දය එදා කී දේ අද කියන දේ
2024 ජුලි මස 27 11 0

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගන්නා බවට විරුද්ධ පක්ෂ පසුගිය මාස කිහිපයක් තිස්සේ චෝ


ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතවූ ඡන්දයකට පෙළගැසෙමු
2024 ජුලි මස 27 4 0

2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එන මස නැතහොත් අගෝස්තු මස 15 වැනි දින නාම යෝජනා කැඳවීමට ද සැප්තැම්බර් 21


අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 263 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 129 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 298 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 138 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site