ඉරානයට ගහන ඔපරේෂන් රයිසින්
ඉරාන ඊශ්රායල විරසකය ඔඩුදුවන්නේ, දශක ගණනක් තිස්සේය. ඒත් පසුගිය වසර දෙකක කාලයේ මේ විරසකය උත්සන්න විය. ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්රායලයට පහර දීම, විරසකය උත්සන්න කිරීමට ප්රධාන හේතුව බවට පත්විය. හමාස් වනු, ලෙබනනයේ හිස්බුල්ලා සේම, ඉරානයේ සහාය සහ අනුග්රහය ලබන සංවිධානයකි. 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීහු ගාසා තීරය හරහා ඊශ්රායල දේශසීමාව පසු කර, ඊශ්රායලයට කඩා වැදී පහර දුන්හ.