IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉවෝන් තවමත් ඔයා මා ළඟ වගෙයි

2005 ජූලි මාසයේ දී, 19 හැවිරිදි ඉවෝන් ජොන්සන්ගේ කුරිරු ඝාතනය ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බටත් විශාල කම්පනයක් ඇති කළ සිදුවීමකි.

ලාංකික ස්වීඩන් මිශ්‍ර ජාතිකයකු  වූ ඉවෝන් ඇගේ පවුලේ අය සමග ජීවත් වූ කොළඹ රෝයල් පාර්ක් මහල් නිවාස සංකීර්ණයේ පඩිපෙළ මත  මියගොස් සිටිය දී සොයා ගන්නා ලදී.

විමර්ශකයන් තීරණය කළේ ඇගේ දිගු කලිසම ගෙල වටා තදින් බැඳ ඇති බවත්, එමගින් හුස්ම හිරවීමක් සිදු වී ඇති බවත්ය. වෛද්‍ය වාර්තා මගින් ද  මෙම ගෙල සිර කිරීම හා සමාන තුවාල තහවුරු කරගෙන තිබේ. අධිකරණ වෛද්‍ය සාක්ෂි මගින් ඇගේ කුරිරු ඝාතනයට අවසානයේ වරදකරු වූයේ ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහගේ නමැති පුද්ගලයායි. ඒ ඔහුගේ ලේ වැගිරෙන අර්ධ අත්ල සලකුණක් ඇගේ සිරුර අසල අත්වැටක තිබී සොයා ගැනීමත් සමගයි. 

එමෙන්ම ඔහුගේ පසු හැසිරීම හා පෙර හැසිරීම් අනුව මෙය සැලසුම් සහගතව කරන ලද බවද තහවුරු විය.

වරදකරු වූ ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ ප්‍රසිද්ධ  පවුලකින් පැවත එන අතර, මෙම නඩුව ඉක්මනින් රටේ වඩාත්ම ඉහළ පෙළේ අපරාධ නඩු විභාගවලින් එකක් බවට පත්විය. අවසානයේ මරණ දඬුවම නියම වුවද, 2019 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලයේ අවසාන දිනවල ජයමහට මතභේදාත්මක ලෙස ජනාධිපති සමාවක් ලබා දෙන ලදී. කෙසේ වෙතත්, මෙම සමාව ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කරමින් 2024 ජුනි 6 වැනිදා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම සමාව අවලංගු කරන ලදී. නීතිය යටතේ සමාව අත්තනෝමතික සහ වලංගු නොවන බව අධිකරණය තීරණය කළ අතර, ජයමහ සිංගප්පූරුවට පලා ගොස් ඇති බව විශ්වාස කෙරෙන බැවින් පිටුවහල් කිරීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය. ඔහු නීතිය හමුවට පමුණුවා ගැනීම සඳහා අධිකරණය දැන් නව ජාත්‍යන්තර උත්සාහයක නිරත වේ.

ජූලි 28 වැනිදා ශ්‍රී ලංකා අධිකරණ විසින් නඩුවේ ඊළඟ අදියර විභාග කිරීමට නියමිත බැවින්, ගෝලීය ආයතන, විශේෂයෙන් ඉන්ටර්පෝල් සහ විදේශීය රජයන් මත ඔහු සොයා ගැනීමට සහ ආපසු ලබා දීමට පීඩනය වැඩි වෙමින් පවතී. මෙම ලිපිය ඉවෝන්ගේ කතාව පෞද්ගලික ඛේදවාචකයක් ලෙස පමණක් නොව, දේශසීමා හරහා යුක්තිය පසිඳලීමේ පද්ධති, දඬුවම් නොලැබීම, වරප්‍රසාද සහ දේශපාලන මැදිහත්වීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ පරීක්ෂණයක් ලෙස විද්‍යාමාන වේ.

එහෙත් නීතිමය සංකීර්ණතා සහ යුක්තිය සඳහා අඛණ්ඩ අරගලයෙන් ඔබ්බට, ඉවෝන්ගේ කතාව මානව ඛේදවාචකයක සලකුණක් බවට පත්ව තිබේ. වරප්‍රසාද සහ දේශපාලන බලයට අපරාධකරුවන් ආරක්ෂා කළ හැකි බවත්, වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට යුක්තිය ප්‍රමාද කරන හෝ ප්‍රතික්ෂේප කරන බවත් එය අපට මතක් කර දෙයි. ලෝකය බලා සිටින මෙම 20 වැනි සංවත්සරයේ දී, අපි ඉවෝන් සිහිපත් කරන්නේ ඇගේ ජීවිතයේ කුරිරු අහිමි වීම සඳහා පමණක් නොව, යුක්තිය ආරක්ෂා කිරීමට, අහිංසකයන් ආරක්ෂා කිරීමට සහ ඇගේ කතාව මැකී යාමට කිසි විටෙකත් නිහඬතාවට හෝ උදාසීනත්වයට ඉඩ නොදීමේ සංකේතයක් ලෙසයි. මක්නිසාද යත්, ඇය සිහිපත් කිරීමේදී, මේ ආකාරයෙන් සොරකම් කරන ලද සෑම ජීවිතයක වගවීම ඉල්ලා සිටින නිසයි.

අපි සත්‍යයට ගරු කරමු. යුක්තිය සඳහා නැඟෙන සෑම හඬකින්ම එවැනි ඛේදවාචකයන් තවදුරටත් නොඉවසන ලෝකයකට අපි එක් පියවරකට හෝ සමීප කරනවා නොඅනුමානයි.

 මගේ නංගි ඉවෝන් ඝාතනය කරලා දැන් අවුරුදු 20කටත් වැඩියි.

දැන් පවා, ඒ වාක්‍යය ලියද්දි මේ ඇත්තම ද කියලා විශ්වාස නැහැ.

ඇයට එතකොට වයස අවුරුදු 19යි. සැලසුම්වලින් පිරුණු ජීවිතයක්. ඊට පස්සේ එක රැයකින් ඒ සියල්ල වෙනස් වුණා.

මිනිස්සු කියනවා කාලයත් එක්ක දේවල් සුව වෙනවා කියලා. ඒත් මම තේරුම් ගත්තා ඒක හැම වෙලාවෙම ඇත්ත නෙවෙයි කියලා. වේදනාව නැති වෙන්නේ නැහැ. ඒක අපේ  එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් වෙනවා. අපි ඒක වෙනස් වෙනස් විදිහට දරාගන්න ඉගෙන ගන්නවා. ඒත් සමහර දවස්වලට එය තවමත් බර වැඩියි. විශේෂයෙන් මේ සතියේ.

ඉවෝන්ගේ මතකය සෑම තැනකම තියෙනවා. ඇය ආදරය කළ ගීතවල, ඇගේ ප්‍රියතම සුවඳ විලවුන්වල මගේම දියණිගේ සිනහවෙන් පවා මට ඇයව ඇහෙනවා. මම තවමත් සමහර වෙලාවට ඇය සිතුවිලිවලින් අල්ලගන්න උත්සාහ කරනවා. මට තවමත් ඇය මා සමඟ ඉන්නවා වගේ  දැනෙනවා. ඇගේ ජීවිතය නැති වුණේ නැත්නම් ඇය කවුරු වෙයිද කියලා මට තවමත් හිතෙනවා.

මා සතුව ඇති ඇගේ අවසාන ඡායාරූපවලින් එකක් ඇය මිය යාමට දින කිහිපයකට පෙර, ලන්ඩනයේ අපගේ අවසාන නිවාඩුවේ දී ගත් එකක්. ඇය සිනාසෙමින්, මෙය ඇගේ අවසාන ඡායාරූපය බව නොදැන සිටි මොහොතකි. මම එම ඡායාරූපය  බොහෝ විට බලමින්, අපට තිබූ දේ  සහ අපට අහිමි වූ දේ නැවන නැවත අල්ලාගැනීමට උත්සාහ කරනවා.

අපි දෙන්නා  එකිනෙකාට විහිළු සටහන්, ආදරණීය සටහන් , අපෙන් කෙනෙක් තරහ වුණාම ඒ තරහ නැති කරගන්න තියන සටහන් වගේ සටහන් ලියා තබන්නට පුරදු වී සිටියා. මගේ ළඟ තවමත් ඇය ලියපු සටහනක් තියනවා. ඇය මියගිය දා රාත්‍රියේ, මම ඇයටත් සටහනක් තිබ්බා. ඒ ඇය අල්ලා ගත් ස්ථානයේ සිට මීටර කිහිපයක් දුරින්. ඇය නිතරම ඇතුළු වන පැත්තේ දොරටුවේ මම ඒ සටහන ඇලෙව්වා.  ඇය නිවසට පැමිණි විට මාව අවදි කරන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියා. ඒත් ඇය එය කවදා හෝ එය දුටුවාදැයි මම බොහෝ වෙලාවට කල්පනා කරනවා.

පසුගිය දශක දෙක තුළ, අපගේ පවුල යුක්තිය සඳහා දැඩි ලෙස සටන් කර තිබේ. එම සටන දිගු, වේදනාකාරී සහ පසුබෑම්වලින් පිරුණු සටනක් විය. වගකිවයුතු මිනිසාට නිදහසේ ගමන් කිරීමට තනි අත්සනකින් ඉඩදෙන ලදී. එහෙත්, ඒ සියල්ල පාඩුවක් නොවේ. දක්ෂ නීතිඥයින්ගේ සහ විනිසුරුවරුන්ගේ නොනවතින කැපවීම, කාන්තා මාධ්‍ය විසින් මෙහෙයවන ලද බලගතු පෙත්සම් සහ මහජනතාවගේ අතිමහත් සහයෝගයට ස්තූතිවන්ත වන්නට අපි වැදගත් ජයග්‍රහණක්  අත්කරගෙන ඇත්තෙමු. කෙසේ වෙතත්, ඔහු සැඟවී සිටින අතර, තවමත් යුක්තිය උදා වී නොමැත. සාමය කිසිදා නොවූ විරූ ලෙස දුරස්ථ වී ඇති බවක් දැනේ.

කෙසේ නමුත්, දැන් අපි ඉවෝන් මතක තියාගන්න ඕනෑ හුදෙක් බිහිසුණු අපරාධයක ගොදුරක් ලෙස පමණක්ම නොව, අපි ආදරය කළ දිදුලන, හරිම නිර්භීත, විනෝදයෙන් පිරුණු, කරුණාවන්ත ගැහැනු ළමයෙක්, සහෝදරියක්,  දියණියක්,  මිතුරියක් ලෙසයි.

අපි ඇගේ කතාව වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින්නෙමු. අපි යුක්තිය ඉල්ලා සිටිමු. අපි ඇයගේ යුක්තිය  වෙනුවෙන් ආලෝකයක් වී සිටිමු. 20 වසරකට පසුවත් මේ සියලු‍ ආදරණීය මතකයන් සිහි කරන්නේ ඇය අපට ලබාදුන් ආලෝකය නිසාමයි.

(*** කැරොලයින් ජොන්සන්)



අදහස් (4)

ඉවෝන් තවමත් ඔයා මා ළඟ වගෙයි

Sk Friday, 25 July 2025 09:40 AM

ඔන්න ගම ගොඩයගේ වැඩ...!

:       1       22

මරුසිරා Saturday, 26 July 2025 12:16 AM

කලබලේට අන්තිම මොහොතේ මේ මිනීමරුවා නිදහස් කලේ නිකම් නෙවෙයි කියලා මොලේ කලඳක් තියන ඕන කෙනෙකුට හිතාගන්න පුළුවන්.

:       0       9

fairoos Saturday, 26 July 2025 03:13 PM

ගෝඨාභය සහ සිරිසේන වගේ ජනාධිපතිවරුන් පත්කළ අයට මඩු වලිගයෙන් තමයි තලන්න ඕනේ...

:       0       8

Perakum Liyanagama Monday, 28 July 2025 05:38 PM

අපරාධ කරුවන්ට ජනාධිපති සමාව දීමේ ක්‍රමවේදය සංශෝධනය කලයුතු බව පැහැදිලියි. එය ඉක්මන් කරන්න.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13508 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site