ඔහු අලූත්ම වෑන් රථයක හිමිකරුය. පසුගිය දිනක මහාචාර්යවරයෙක් පවුලේ උදවිය සහ හිතවතුන් සමඟ මෙම වාහනයෙන් උතුරේ සංචාරයක නිරතවිය. මෙම වාහනයම තෝරා ගැනීමට හේතුව වූයේ එහි ගාස්තුව සාධාරණ වීමත්, රියැදුරු මහතාද ලංකාවේ ඕනෑම පාරක් දන්නා බව කීමත්ය. අනුරාධපුරයට පැමිණි ඔවුහු විවේකයක් ගැනීම සඳහා නැවතුනහ. අනුරාධපුයේ වටරවුම් විශාල ප‍්‍රමාණයක් ඇති බැවින් පාරවල් දන්නා බව කිව් රියැදුරු මහතාට උතුරු දකුණ මාරුවී, යාපනයට යන මාර්ගය කාටත් හොරා අසල සිටි අයකුගෙන් දැන ගැනීමට සිදුවිය. යාපනයේ සිරි නැරඹූ ඔවුහු ”කයිට්ස්” බලා පිටත්වූහ. මාර්ගය අසල කළපුවේ ඉස්සන් අල්ලන කොටු දක්නට ලැබුණු අතර මහාචාර්යවරයාගේ බිරිය ඒවා මොනවාදැයි විමසුවාය. ”මැඩම් ඔය ඉස්සෝ අල්ලන කොටුනේ” රියදුරු මහතා පැවසීය. අර මැඩම්ට පේනවද ඒ තමයි ඉස්සෝ කොටුවල හිරවෙලා ඉන්න ඉස්සෝ”. ඔහු තවත් පැහැදිලි කරමින් කීය. ”ඇත්තටම ඒ ඉස්සෝදැයි ඇය දැස් විදහාගෙන විමසුවාය. මහාචාර්යවරයාද කුතුහලෙන් එදෙස බැලීය. ”අපි ළඟට යමු” ඇය කීවාය. රියදුරු මහතා ඉස්සන් පැහැදිලිව දැකගත හැකිවන පරිදි වාහනය තවත් කිට්ටු කළේය. ඉස්සන් කොටුවල හිරවීතිබුණේ ඉස්සන් නොව පාසි, තණකොළ සහ කුණුරොඩුය. ”ෂෝක් ඉස්සෝ ටික ආශාවේ බැහැ” මහාචාර්යවරයාගේ බිරිය සිනහවෙමින් කීවාය. රියදුරු මහතාට සිනහගිය අතර මහාචාර්යවරයා ඉවත බලාගෙන කට කොනින් සිනාසෙනු දක්නට ලැබිණි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද අප්පා මේ කතාව පත්තරේට කිවුවේ ... මට තාම හිනාව නවත්වා ගන්න බෑ... (ස)
පිස්සුද කොහෙද? (නි)
මෙවැනි හරයක් නොමැති දේ පළ කිරීම සම්බන්දයෙන් කතෘ මණ්ඩලය මීට වඩා සොයා බැලිය යුතුය. (අ)
ප්‍රනාන්දු මහත්තයෝ, ජාතික වටිනාකමක් ඇති දේවල් වලට මෙහෙම විහිලු කරන්න එපා. (නි)
හහ්.. හහ්... මොනවා කරන්නද?(නු)
මේවා ඇත්ත කතාද ? (ස)
කතාවට වඩා හිනා යන්නේ කට්ටියගේ අදහස් වලට :-) (ස)
උඩ ඉන්න දේවියන්ගෙන් සාක්ෂි අහන්න තරම් වටිනා දේවල්ද? (ස)
ඉස්සගේ ඇස් ලොකු වී තිබෙන්නේ ඇයි.? (අ)
ඉස්සා දිහා ඉස්සී ඉස්සී බලන්න ඕනෑ. (නි)
බලු නගුටයි, ඉස්සායි මොනවද මේ කථා! උඩ ඉන්න දේවියන්ගෙන් සාක්ෂි අහන්න තරම් වටිනා දේවල්ද? (ස)
ටිකක් හිනා ගියා. ඉස්සන්ට මිරිස්කුඩු,කොත්තමල්ලි කුඩු ටිකක් දාලා තිබුණා නම් කතාවට මීට වඩා හිනා වෙන්න තිබුණා. (නි)
මගේ තුන් හැවිරිදි දරුවා කිවුවා දවසක් අන්න බායි බස් එකක් කියලා. බැලින්නම් ඒක ටාටා බස් එකක්. (නි)
ලංකාදීපය දිනලා තියෙන්නේ මේ වගේ කතා නිසයි. (නි)
චන්දුසිරි ඉස්සගෙ ඇස් ලොකුවෙලා තියෙන එක රහසක්..!(නු)
කකුල් පහේ අලියෙක්ව දැක්කා නම් මොනවා නොකියයිද? (නි)
නරක නැහැ. හිනාවෙන්න පුලුවන් (නි)
මට නම් තේරෙන්නේ නෑ මොනවද මේ පත්ත්‍රවල දමන දේවල්. ඒවායේ වටිනාකමක් ඇත්තෙම නැහැ. (අ)
දැන් අපි කිචි කවා ගන්නම්. (නි)
මේ කතාව ලියලා තියෙන්නෙ ඉස්සෙක්ද එතකොට? (නි)
ජෝක්ස් ....(ස)
මේක හරිම බොලදයිනේ. (නි)
මහාචාර්ය කෙනෙක් නම් රවට්ටන්න බැහැ (නි)
අපි හිනාවෙන්න ඕනි කෙතනටද ? (ස)
ඉස්සෙක් (ස)
මොනවද අප්පා මේ ? (නි)
එතකොට ඉස්සා කොහෙද ? (ස)
චන්ද්‍රසිරි, ඉස්සන් දිහා බලන්න ඕනෑ ඉස්සරහට නැමිලා. (නි)
කකුළුවො අල්ලන්නයි කොටු හදලා තියෙන්නේ.. දඹුළු ගියානම්.. ගලපල්ලෙන් වෝටර් කමින් පිත්තල මුට්ටියට ටාන් ටාන්..!(නු)