හොරණ - චමිලා අල්විස්
ගමක සිටි මෙම තරුණයාට කෑම ගැන තිබුණේ පුදුම ආසාවකි. ගෙදර කෑමට වඩා පිටතින් ලැබෙන කෑමවලට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය. “අද නම් අලුත් තැනකින් කන්න ඕනෑ” යැයි කියමින් ඔහු නිතරම අලුත් කෑම කඩ සොයමින් යාම පුරුද්දක් කරගෙන සිටියේය.
දිනක් මිතුරෙකු සමග නගරයට ගිය ඔහුට අලුතින් විවෘත කළ ආපණ ශාලාවක් දැකගන්නට ලැබිණි. එහි තිබූ ලස්සන පුවරු, රසවත් කෑමවල ඡායාරූප සහ පාරිභෝගිකයන්ගේ සෙනඟ දැක ඔහුටත් එහි යාමට සිත් විය.
“මේ තැනේ කෑම හොඳයි වගේ. අද අපිත් කාල බලමු” යැයි ඔහු තම මිතුරාට පැවසීය.
දෙදෙනාම ඇතුළට ගොස් කෑම ඇණවුම් කළේය. තිබූ බඩගින්න නිසා ඔහු කෑම පිඟාන දෙස බලා සිටියේ කාලයක් තිස්සේ නොකා සිටි අයකු මෙනි. කෑම පැමිණි විගස ඔහු වේගයෙන් කන්නට පටන් ගත්තේය.
ඒ අතරතුර අසල සිටි පුද්ගලයෙක් ඔහු දෙස බලා සිනාසෙන්නට විය. ඒ ගැන විමසූ විට ඔහු පැවසුවේ,
“මහත්තයා කෑම කන විදිහ දැක්කාම මට හිතුණේ මේක කෑම තරගයක් වගේ කියලා” යනුවෙනි.
එය ඇසූ ඔහුටත් සිනහව නවතාගත නොහැකි විය.
කෙසේ වෙතත් කෑම අවසන් කළ පසු තවත් අකරතැබ්බයක් සිදුවිය. ඔහු මුදල් ගෙවීමට යද්දී මුදල් පසුම්බිය නිවසේ අමතක වී ඇති බව මතක් විය. මිතුරාද ඒ මොහොතේ මුදල් රැගෙනවිත් නොතිබුණි.
අවසානයේ ආපණ ශාලාවේ හිමිකරුට සිද්ධිය පැහැදිලි කර දී පසුදින මුදල් ගෙවන බවට පොරොන්දු වී ඔවුහු පිටත්ව ගියහ.
පසුදින ඔහු මුදල් ගෙවීමට ගිය විට හිමිකරු සිනාසෙමින් පැවසුවේ,
“මහත්තයා, ඊයේ කෑම කාපු වේගය දැක්කාම නම් හිතුවේ සල්ලිත් ඒ වේගයෙන් ගෙවයි කියලා” යනුවෙනි.
දැන් ඔහු යන යන තැන ආ ළමයා වේගයෙන් යන්නේ වේගයෙන් කන්නදැයි අසන නිසා මේ දවස්වල ඔහු වැඩිය එළියට පහළියට බහින්නේ නැතිලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd