IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


සූර් පාට් දමා පොලිසිය අන්දවලා

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



අවුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
කන පැලෙන්න බීලා පොලීසියට හසුවී උසාවි ගොස් විසිපන්දහසේ දඩ කිහිපයක්ම ගෙවූ අයෙකි. එසේ උසාවියෙන් නියම කළ දඩ මුදලින් බාගයක් ගෙවා ඉතිරි බාගය ගෙවන්න අමතකවී වරෙන්තු ලබා පොලිස් කූඩුවේද ඔහු සිටියේ මේ ඊයේ පෙරේදාය.
රෑට යතුරු පැදිය පදවාගෙන ඔහුට පොලීසිය අත දමන්නේ බීලා නම් අල්ලාගෙන ගොස් උසාවි දමන්නය. ඔහුද මේ පිළිබදව ඉන්නේ හොඳ සෝදිසියෙන්‍්ය. දැන් ඔහු බීලා රෑට ගෙදර එන්නේ නම් සිය යතුරු පැදිය මග දමා ත්‍රීරෝදයකින් එන්නේය. නොඑසේනම් නොබීව් අයෙකුට සිය යතුරු පැදිය පදවන්න දී ඔහු පසු පස නැගී එන්නේය.


අවුරුද්ද ලැබීමත් සමගම ඔහු එදා රෑ යතුරු පැදියෙන් නිවස බලා එමින් සිටියේය. දුර තියාම ඔහු පාරේ පොලීසියෙන් සිටිනු දුටුවේය. ඒ එක්කම පොලීස් නිලධාරීන් ආසන්න වෙද්දී ඔහු කලබලෙන් සිය යතුරු පැදිය හරවා ගෙන එන මග නොගොස් ආපසු ඒමට පටන් ගත්තේය. මෙය දුටු පොලිස් නිලධාරීහු තමන් පාර අයිනේ නවතා තිබූ යතුරු පැදියේ නැගී ඔහු පසු පස පැන්නුවෝය.
කොහොමින් කොහොම හරි ඔහු පසු පස පන්නා ගෙන ගිය පොලිස් නිලධාරීහු මග හරස් කොට ඔහුව නතර කර ගත්හ. හා තමුන් බීලා අපි දැක්ක ගමන් ආපහු හැරිලා බයිසිකලෙන් මාරු වෙලා යන්න නේ හැදුවේ. ඒවා කොහේද අපිත් එක්ක. තමුසේ බීලා නේද ඉන්නේ. නැහැ මම බීලා නැහැ. කවුද කියන්නේ මම බීලා කියලා. කිසිම ගරුසරුවක් නැතිව වාග් ප්‍රහාරයක් ඔහු පොලිස් නිලධාරීන්ට එල්ල කළේය. හා හා මූ බීලද බලනවා එක් පොලිස් නිලධාරියෙක් අනෙක් පොලිස් නිලධාරියාට කීවේය.
ඒ සමගම එම පොලිස් නිලධාරියා ඔහුගේ මුවට සිය මුහුණ කිට්ටු කළේ හාදුවක් දෙන්න ළං වෙන අයෙකු ලෙසය. මූ බීලා නැහැනේ. ඊයේ බීපු ගඳක්වත් මුගේ ළගින් එන්නේ නැහැ යයි මුව ඉව කළ පොලිස් නිලධාරියා අනෙකාට කීවේය. මොකද ඕයි එහෙනම් අපි දැක්කම කලබල වෙලා වැනි වැනි වගේ බයිසිකලය හරවගෙන ආපසු එන්න ආවේ යැයි පොලිස් නිලධාරියා ඔහුගෙන් ඇසුවේය.
නෝන්ජල් හිනාවක් දැමූ ඔහු ඇයි සෑර් මට බයිසිකලේ හරවන් එන්නත් ලයිසන් එකක් ඕනෑ දැයි ඇසුවේ සරා ගොයියා එදා පොලිස් රාලහාමිගෙන් ඇසුවාක් මෙන්ය. හා උඹ අහු වෙයන්කෝ කියමින් පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරු පැදියේ නැගී ගියේ ඔහු දෙස රව රවාලු‍.

 



අදහස් (0)

සූර් පාට් දමා පොලිසිය අන්දවලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා
2024 මැයි මස 17 722 0

පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙ


අඩුවට පොල් කඩා බඩට ගහලා
2024 මැයි මස 16 962 0

පොල් කැඩීම සඳහා එක් ගසකට පියා අයකරන කුලියට වඩා අඩු කුලියකට පුතා පොල් කඩන්නට වීමෙන් වසර ගාණක් තිස්සේ පියාට හිමිව තිබූ පොල් මුරයක් පමණක් නොව පියාගේ රැකි


කෑම වට්ටෝරුවෙන් දොස්තර අන්ද මන්ද වෙලා
2024 මැයි මස 15 3843 2

අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා


කේවල් කරගත් කුකුළු මස් පන්සීය යළි ගෙනත් සල්ලි ඉල්ලලා
2024 මැයි මස 14 1436 0

අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනැවිත් මුදල් ඉල්ලාගෙන ගිය පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර


මඟුල් ගෙදරදී පැරැණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා
2024 මැයි මස 13 11677 0

තමා කලින් ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වා


අක්කා දැඩි සත්කාරයේ : මල්ලී අවමඟුලේ කතාව කටපාඩමේ
2024 මැයි මස 11 961 0

උපන් ගමෙන් සැතැපුම් 25ක පමණ දුරක පදිංචිව සිටින සිය වැඩිමහලු‍ සොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයේ රෝහල්ගතව සිටියදී ඇයගේ අවමඟු‍ල් දිනයේ දී ගුණකථනයක් කිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 773 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2320 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1987 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site