IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


පන්දහසක් පෙන්වා ත්‍රිරෝද රියැදුරාගේ 4500ට විදලා

රුපියල් 5000ක් පෙන්වා රුපියල් 4500ක් ත්‍රීරෝද රථ රියදුරකුගෙන් ගත් අපූරු හාදයන් දෙදෙනකු ගැන පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.
ත්‍රීරෝද රථ ගාලේ ඒ අවස්ථාවේ ඔහු සිටියේ තමාට ලැබුණු ආදායම ගැන ගැනය. ලැබුණු මොනර කොළ හතර පිළිවෙළකට නව නවාය. අවුරුද්දට වියදම් වූ මුදල පියවා ගැනීමට වෙනදාට වඩා මහන්සිවී කුලී ගමන් යා යුතු යයි කීවේ ඔහුගේ සිත පමණක් නොව ගෙදර ප්‍රියම්භිකාව ද ඒ ගැන නිතර නිතර සිහි කළාය.
මේ අල්ලපනල්ලේ මැදියම් වයසේ පිරිමි දෙදෙනකු ඔහු සොයා ගෙන ආවේය. මල්ලී එන්න හයර් එකක් යන්න ගාන කීයවුණත් කමක් නැහැ ටිකක් දුර යන්න ඕන. කොළේ කැපුණා සූදුව වැදුණා. උකස් කළ බඩු ටික බේර ගන්න යන්න ඕන යයි ඔවුන් දෙදෙනා කියාගෙන කියාගෙන ගියෝය. දෙයියෝ මුහුණ බැලු‍වා යයි සිතූ ඔහු බෑ නොකියාම අදි මදි නොකර ඔවුන් සමග ගියේ ලොකු ගාණක් කපා ගන්න යටි සිතේ අරමුණු සහිතවය.


දෙන්නාම ත්‍රීරෝදයට නැග්ගේය. ඔවුන් කී දිසාවට ත්‍රීරෝද රථය ධාවනය කරමින් තිබිණ. ඇතුළේ ගමන්ගත් දෙන්නා දෙන්නේ ලොරි ටෝක්වලිනි. කතාව ලක්ෂ ගණනින්ය. බූරුවා ගසා දිනා ඇත්තේ ලක්ෂ තුන හතරක් බව කියවින. ත්‍රීරෝද රථයේ රියදුරාගේ ඉහේ මල්‍් ය. ඒ බූරුවා ගසා දිනා ඇති අය රැගෙන ගියෝතින් කුලිය ලැබෙන්නේ ඩබල් ට්‍රිබල් වෙලා බව ඔහු අත්දැකීමෙන්ම දන්නේය. එහෙයින් මේ දෙන්නගෙනුත් අද හොඳ ගාණක් කපා ගන්න පුළුවන් වෙතැයි ඔහු සිතූවේය.
රුපියල් දෙදහසක්, තුන්දහසක් පමණ තෙල් පුච්චාගෙන ගොස් ඔවුන් කී තැන ත්‍රීරෝද රථය නතර කෙරිණ. මල්ලී මම ගාව තියෙන්නේ ඔක්කෝම පන්දාහේ කොළ බඩු බේර ගන්න මේවා දුන්නොත් ඉතුරු සල්ලි හම්බවෙන්නේ නැහැ. ඔයා ළඟ රුපියල් පන්දහසක් මාරු කර ගන්න තියේදැයි එකකු ත්‍රීරෝද රථ රියදුරුගෙන් ඇසුවේය. අනේ අයියා මා ළඟ නැහැනේ තියෙන්නේ රුපියල් හාරදහස් පන්සීයයි.. ඔහු කීය. හා ඒක දෙන්න කෝ.. මචං උඹ මේ පන්දාහේ කොළේ තියාගෙන ත්‍රීරෝද රථ මල්ලිත් එක්ක හිටපන්. මම රන් ආභරණ ටික බේර ගෙන එන්නම් කියමින් මුලින් කතා කළ එකා යන්න ගියේය.
අනෙකා අතේ රුපියල් පන්දහසේ කොළයක් තිබුණු නිසා ත්‍රීරෝද රථ රියදුරු හයර් එක ගැන කිසිම සැක සංඛ්‍යාවක් නොසිතුවේය. සිතුවේ මේ හයර් එකෙන් කපා ගන්නා ලොකු කුට්ටිය ගැනය. තමා සමග සිටි අය දුම්වැටියකුත් පත්තු කරගෙන ත්‍රීරෝද රථ රියදුරුටත් උරන්න දුම්වැටියක් දුන්නේය. දෙන්නා ටික වේලාවක් ආගිය තොරතුරු කතා කරමින් සිටියහ.
මල්ලී අපේ එකා පරක්කුයි. මුගෙන් සල්ලි කවුරුහරි මංකොල්ලකෑව ද දන්නේ නැහැ. මම පොඩ්ඩක් ගිහිල්ලා බලලා ඌත් එක්ක එන්නම්. ඔයා ඔතනම ඉන්න. මම ටක් ගාලා එනවා.. යයි කියමින් ඔහුත් අර අය ගිය දිසාවටම ගියේය.
කාලය තත්ත්පර, විනාඩි, පැය භාගය, පැය ගතවී ගියේය. දෙන්නම තියා එක්කෙනෙක්වත් ඔහු සොයා මෙතෙක් කලක් නොආ බව මේ ත්‍රීරෝද රථ රියදුරු අනෙක් ත්‍රීරෝද රථ මිතුරන්ට කීවේ මේ ගැටවලට ඔවුනට අසුවෙන්න එපා යයි පඩි වදනක් දෙමිනි.

කරන්දෙණිය  -  එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

පන්දහසක් පෙන්වා ත්‍රිරෝද රියැදුරාගේ 4500ට විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 351 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site