IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


දෙයියෝ තමා දන්නේ

ට්‍රැක් ලන්තේ වර්තමාන තත්වය තමයි ජනාධිපතිවරණයයි, පාතාලේ කැළඹීමයි. මේ දවස්වල ජනාධිපතිවරණයත් ටොමියට දාලා ට්‍රැක්වාසීන් හොයන්නේ ඊයේ පෙරේදා සිද්ද වෙච්ච වෙඩි තැබීම ගැන. ඔක්කොටෝම හපන් හොඳටම ට්‍රැක් උන්දලා හොයන්නේ ඒ මිනීමැරුම නෙමෙයි. අහවලා කොහොමද අහවලාව බැඳගත්තේ කියලා. කවද්ද බැන්දේ කොහොමද බැන්දේ ඇයි බැන්දේ වගේ ප්‍රශ්න තමා උන්දැලට තියෙන්නේ. ට්‍රැක් වාසීන් ඇයි ඒම කියලා දෙයියෝ තමා දන්නේ ඉතින්.

ඒ මිනීමැරුමෙන් ඉතින් අපිට ඉගෙන ගන්න තියන පාඩම තමයි. ළඟම ඉන්න අයගෙන් වැඩි වැඩියෙන් පරිස්සම් වෙන්න ඕනේ කියන එකයි අනුන්ට අවුලපු ගිනි කවදාම හරි තමන්ට ඇවිලෙනවා කියන එකයි. මේ ටිකේ ට්‍රැක්ලන්තේ නිකන් මගුල් සක්වළක් වගේ. එක එක උන්දැලැ ඇහින් දැක්කා වගේ එක එක කතා ගොතනවා. සමහරු මැරුණ මිනිහට සාප කරද්දි තවත් සමහරු ඔලුවේ අත් තියාගෙන හඬා වැටෙනවා. රටේ උන්දලා කල්ලි කල්ලි වෙන් වෙලා දෙපැත්ත මරා ගන්නවා. ඕං ඉතින් එක කල්ලියක් අනිත් කල්ලියෙ එකෙක් මරනවා. ඔය තරහා හිතේ තියන් ඉදලා ඉදලා කාලයක් ගියාම ඕං අර මරපු පලිය ගන්න අනෙක් පිලේ කෙනෙක් මරනවා. ඔහොම ඔහොම දෙපැත්තේ උන් එකා එකා මරා ගන්නවා. සැරින් සැරේ පාතාලයෝ හිස ඔසවනවා. මොනවයින් මොනවා වෙයිද කියලා දෙයියෝ තමා දන්නේ.

දේශපාලකයෝ බලයට පොරකනවා. මං තමා හොඳ අනුත් ඔක්කොම නරකයි කිය කියා ගිරි යටින් ස්ටේජ් වල කෑගහනවා. කට්ටියක් කියනවා රටේ ආරක්සාවට වග කියනවලු , තවත් කට්ටියක් ජනතාවගේ දෙපතුල් ළඟට එනවලු , ඒ අස්සේ තව කට්ටියක් කියනවා ආර්ථිකය ගොඩ නංවනවලු. ණය බරින් නිදහස් කරනවලු. තවත් අය දූෂණ වංචා නවත්තනවලු. අනේ ඉතින් මේ අහිංසක ට්‍රැක්වාසීන් කියන කියන ඔක්කොටෝම හුරේ දදා එදා වේල කන්න නැතුව රැස්වීම් වලට යනවා. පාලක ඇත්තෝ උන් උන්ව ආරක්ෂා කරගන්නවා. මාධ්‍යයට පේන්න කෑ ගහගෙන ගහ මරාගෙන කැමරා නැති තැන්වල කරට අත දාන් පක්ෂ විපක්ශ නායකයෝ ඩීල් දාද්දි. අහිංසක ට්‍රැක්වාසින් පක්ශ පාට වලට බෙදිලා ගහ මරා ගන්නවා. අපි රෝස පාට , අපි තැඹිලි පාට , අපි දම්පාට කියලා කල්ලි බෙදිලා නෑදෑ හිතවතුන්වත් පාට පක්ෂ නිසා තරහා කරන් අන්තිමට නන්නත්තාර වෙලා උඩ බලන් ඉන්නවා. දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ ඉතින්.

පාතාලේ අයියලා පාලක ඇත්තන් ආරක්ෂා කරනවා. පාලක ඇත්තන් පාතාලේ අයියලා ආරක්ෂා කරනවා. මේ දෙගොල්ලෝ දෙගොල්ලන්වම ආරක්සා කරද්දි ට්‍රැක් වාසීන් මේ විගඩම් මුකුත් නොදැන මේ නරි නාටක බලන් ඉන්නවා. ඒ අස්සේ මීඩියා වලින් තවත් නාටක ඉදිරිපත් කරනවා. ඊයේ පෙරේදා මිනීමැරුමේදී ටැටූ ෂොප් එකේ අයිතිකාරයා නාන්න බෑ කියද්දි බලෙන් නාන්න එක්කන් යන පොඩි එකෙක් වගේ අඬනවා. මේ ඔක්කොම නාටක හරි ලස්සනට මුල සිට සරලව මීඩියා වලින් පෙන්නනවා. ට්‍රැක්වාසීන්ට ඉතින් ඒ වගේ එකක් සෙට් උනා කියන්නේ හරිම ආතල් නේ.

මේ නාටක අස්සේ රටේ ඇත්තෝ ෂේප් එකේ බඩු මිල අඩු කරනවා. බස් එකේ අවම ගාස්තුව 28 . රුපියල් 30 ක් දුන්නම ඉතුරු 2 දෙන කොන්දොස්තර මහතෙක් හිටියොත් අහවලාට කියන්ට ඕනෑ. පුදුම සහන මෙව්වා. ජනතාවට දැන් දැන් සහන දරාගන්න බැරුව ඉන්නේ. ඒ මදිවට ඡන්දයක් තියන්න කෝටි 80 ක් ඕනෙලුනේ. සල්ලිත් නෑ ලු. සමහරු නම් කියන්නේ සම්මාදම් කරලා හරි ඡAnchorන්දේ තියමු කියලා. මේ දවස්වල ඉතින් ජනාධිපතිවරණය නිසා අපේ 225 උදේ දවාලක් නැතුව රඟපෑම් කටයුතුවල නිරත වෙනවා.

පාතාලේ නාමේ ගාව ගාව ගම් නගර වල කම්මැලිකමට ඉන්න ට්‍රැක් ඇත්තොත් රටේ ජනතාව රවට්ටන්න එක එක විගඩම් කරනවා. තව තව කල් යද්දි මොන මොන විදිහේ නාටක පෙන්නයිද කියලා දෙයියෝ තමා දන්නේ.

ජයනි සිතාරි අල්විස්

 



අදහස් (0)

දෙයියෝ තමා දන්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 204 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1067 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site