IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අවුරුදු දා අනියම් පෙම නිර්වස්තර වෙලා

(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
කලක් තිස්සේ පැවති ප්‍රසිද්ධ රහසක් ‘විසිල් අහස් කූරූ’ නිසා එළිවීමේ සිද්ධියක් මහනුවරට නුදුරු ගම්මානයකින් අවුරුදු දිනයේ අසන්නට ලැබිණි.


ඔහු පාරම්පරික පවුලකින් පැවතෙන බලවතෙක් වූ අතර සිය බලය ප්‍රදේශය පුරා පතුරවා සිටින අයෙකි. එමෙන්ම ඔහු තම බලවත්කම රිසි සේ බවලතුන් ඇසුරු කිරීමට ද යොදා ගන්නා අයකු බවටත් ප්‍රදේශයේ කා අතරත් රහසක් නොවීය.


 අවුරුදු උදාවත්ම නොනගතයද නොතකා එසේ රහස් ගමන් යාමට අමතක නොකළ ඔහු තෑගි බෝගත් ගෙන තම අනියම් පෙම්වතිය බලන්න යන්නට විය.


අලු‍ත් අවුරුදු දිනයේ ප්‍රදේශයේ තරුණ පිරිස් රාත්‍රිය වනතෙක් විවිධ වූ අවුරුදු කෙළි සෙල්ලම්වල නිරතව සිටි අතර බලවතාගේ නොමනා ගමන ගැන ද ගමේ තරුණ පිරිසට ඉව වැටුණි.


 ඔහුට කදිම පාඩමක් ඉගැන්වීමට සිතු ඔවුන්, බලවතාගේ නිවස අසල කඳු ගැටයේ සිට අහස් කුරූ සහ රතිඤ්ඤා දැල්වීමට පටන් ගත්තේය.


අහස් කුරූ හා රතිඤ්ඤා දැල්වීම හා අහස් කූරු යැවීම එතරම් ගණනකට නොගත් බලවතා තවදුරටත් රාත්‍රිය එළඹෙන් තෙක් එම නිවසේ කල් මරන්නට විය.


 බලවතා එම නිවසින් පිටත් නොවන බව දැනගත් තරුණයන් මේදිනවල  වෙළෙඳපළේ ජනප්‍රිය ‘විසිල් අහස් කූරූ’ දැල්වූහ.


 අමුතු විසිල් හඬක් නැගෙන රතිඤ්ඤා හඬ කෙරෙහි බලවතාගේ අවධානය යොමු විය. මඳක් මදුවිතෙන් ද සප්පායම් වී සිටි ඔහුට දැනුනේ කවුරුන් හෝ තමන් සමච්චලයකට ලක්කරමින් විසිල් ගසන බවකි.


 තමන් නිරතව සිටි කටයුතු නවතා වහා නිවසින් එළියට පැමිණි ඔහු කවුද යකෝ මේ විසිල් ගහ ගහ රතිඤ්ඤා දාන්නේ. එක්කෝ විසිල් ගහපන් නැත්තම් රතිඤ්ඤා දාපන්, මං කවුද කියල දන්නවනේ යැයි, තර්ජනය කරමින් කෑ ගසන්නට විය.


මෙය ඇසුණු තරුණ පිරිස හූ හඬ තබා තවත් ‘විසිල් අහස් කූරු’ හා රතිඤ්ඤා දල්වන්නට වූ අතර බමන මතේ සිටි බලවතා ඇඟේ නූල්පටක් ද නොමැතිව දුවන්නට විය.

 



අදහස් (1)

අවුරුදු දා අනියම් පෙම නිර්වස්තර වෙලා

sampath Thursday, 22 April 2021 02:13 PM

මේ රටේ මිනිස්සුන්ට අනුන්ගේ කුණු නොසොයා ඉන්න බැරි හැටි. ඒ මනුස්සයා කැමැති නම් ගමේ මිනිස්සුන්ට ඇති රුදාව මොකක්ද? මේවා විතරක් නෙවෙයි... රැකියා ආගන්තුකයන් ගැන අසල්වැසියන්, ගම්මුන් හරියට වැඩ වෙනවා. තමන්ගේ වැඩක් බලාගත්තා නම් නරකද මේ මනුස්සයාගේ ක්‍රියාව වගේම අනෙක් අයගේ ක්‍රියාවත් හොද නැහැ. දෙපිරිසම එකයි.

:       5       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site