බිරියගේ කීමට හොර පොල් කඩලා සැමියාට එලොව පොල් පෙනිලා බිරියගේ උපදෙස් මත ගෙවත්තක පින් තකා වෙන් කර තිබූ පොල් ගසක පොල් ගෙඩි හොරෙන් කඩා විකිණීමට ගිය ඇයගේ සැමියාට මුහුණ පෑමට වූ අකරතැබ්බයක් යාපහු පුරවරයේ ගම්මානයකින් අසන්නට ලැබුණි. 29 April 2021
පඩිපත බ්රියට දීලා සැමියා අලි පරිප්පුවක් කාලා හිතවතාගේ පොත දොරට වැඩුමට ගොස් දෙපැයක් ඇතුළත ඔහුට ලියුම් කවර දෙකක් දීමට සිදුවූ අයකු පිළිබඳව දකුණේ වීරවරයන්ගේ පුරවරයකින් අසන්නට ලැබේ. 28 April 2021
බිරිය දරුවා එක්ක ඔට්ටුවෙද්දී සැමියා ප්‍රේම ජාලයක පැටලිලා (මාවතගම කාන්චනමාලා බණ්ඩාර) නිතර නිතර අන්තර්ජාලයෙන් හඳුනාගන්නා පෙම්වතියන් සොයා ගොස් ඔවුන් සමග ප්‍රේම සබඳතා පවත්වන තම සැමියාගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව කියා පොලිසියට ආ කාන්තාවක පිළිබඳ මාවතගමින් අසන්නට ලැබේ. 27 April 2021
බිරිඳ අයාලේ ගියාට බෙල්ල තියන්න යද්දී පොළඟෙක් හරස්වෙලා සිය බිරියගේ තහනම් ගහේ ගෙඩි කෑම අල්ලාගත් ස්වාමි පුරුෂයකු ඒ සම්බන්ධයෙන් ඇතිවූ කලකිරීමෙන් දුම්රියට පැන සිය දිවි නසා ගැනීමට ගත් උත්සහයක් ඒ අවස්ථාවේ දී පැමිණි දාර පොළඟකු තම දිවි පුදමින් ව්‍යර්ථ කළ අපූරු පුවතක් හලාවත කිට්ටුව ගමකින් වාර්තා විය. 24 April 2021
මව මියගියාම දරුවෝ මාලෙ බෙදාගන්න පොලිසි ගිහින් තම වයෝවෘද්ධ මව මියගොස් දින දහයක් ගත වෙද්දී ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් මාලය බෙදා ගැනීම සඳහා ඇයගේ දරුවන් නව දෙනා පොලිසි යාමේ පුවතක් කන්ද උඩරට පොලිස් ස්ථානයකින් වාර්තා වෙයි. 24 April 2021
පුතාගේ හපන්කම්වලින් මවුපියන්ට උන්හිටි තැන් නැතිවෙලා මවුපියන්ගේ අවවාද උපදෙස් තඹයකට ගණන් නොගෙන අකීකරුව සමාජ විරෝධී කටයුතුවල යෙදුණු පුතෙකු නිසා මවුපියන්ට සිය ගෙවල් දොරවල් පමණක් නොව මුළු ගමම අතහැර දමා යන්නට සිදුවූ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 24 April 2021
රෝහල් කංකානමට ගෙදරදී ‘දොස්තර පදවියක්’ ගමේදී දොස්තර මහතෙකු වීමට ගිය රෝහල් සුළු සේවකයකු හෙවත් කංකානම් කෙනෙකු මුහුණ දුන් සිද්ධියක් කුරුණෑගල දිසාවේ එක්තරා ප්‍රදේශයකින් වාර්තා වේ. 24 April 2021
දුරකතන ඇමතුමෙන් චූන් වූ තරුණයා ආච්චිගේ කකුලට තට්ටුදාලා බස් මගියකුගේ දුරකථන ඇමතුම් උද්දාමයකින් ලද තට්ටුවක් නිසා දැඩි කෝපයට පත් මිත්තනියක් පිළිබඳ මේ අපූරු පුවත අසන්නට ලැබුණේ දකුණු පළාතේ පෞද්ගලික බස් රථයකිනි. 24 April 2021
නාන ළඳ දෙස බැලූ යතුරුපැදිකරු ඇළේ වෘත්තියෙන් මොටර් කාර්මිකයෙකු වූ ඔහු නව අවුරුද්දේ ප්‍රථම රාජකාරිය ලෙස තෝරා ගත්තේ හිතවතකු මගින් හඳුනාගත් අයෙකුගේ යතුරු පැදියක් අලුත්වැඩියා කිරීමටය. 24 April 2021
නෝනාට ඇණයක් වුණ පූස් පැටවු රොත්ත සැමියාගේ සායමත් ඇරලා අලුයම පූස් පැටවුන් පන්සල්වත්තට ගෙන දැමූ කාඩ්බෝඩ් පෙට්ටිය සොයා උදයේම යළි පන්සල් වත්තට යාමට සිදුවූ කෙනකු පිළිබඳව පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 23 April 2021
මල් පොකුරකට ගෑනු ගහගෙන කාන්තාවන් දෙදෙනකු රැගෙනවිත් තිබූ මල් පොකුරු දෙකක් නිසා වෙන්නට ගිය මහ විනාශයක් ගැමියන් කිපදෙනකුගේ මැදිහත්වීමකින් වැළකී ගිය පුවතක් මහනුවර දිස්ත්‍රික්කයේ එක් ගමකින් වාර්තා විය. 22 April 2021
අවුරුදු දා අනියම් පෙම නිර්වස්තර වෙලා කලක් තිස්සේ පැවති ප්‍රසිද්ධ රහසක් ‘විසිල් අහස් කූරූ’ නිසා එළිවීමේ සිද්ධියක් මහනුවරට නුදුරු ගම්මානයකින් අවුරුදු දිනයේ අසන්නට ලැබිණි. 21 April 2021
චරිත සහතිකය ගත් තරුණයා සාමවිනිසුරුගේ සෙරෙප්පු දෙකටත් විදලා රැකියාවකට චරිත සහතිකයක් ගත් සාම විනිසුරුවරයාගේ පාවහන් යුගලටත් විද්ද තරුණයකු පිළිබඳ පුවතක් අසන්නට ලැබෙන්නේ ගාලු දිසාවේ අලුත් වළක් ඇති නගරයකිනි. 20 April 2021
නැකතට කිරි උතුරුවන්න සැමියා සොහොනෙන් මුට්ටියක් ගෙනත් අවුරුදු නැකතට කිරි ඉතිරවීම සඳහා නැවුම් මුට්ටියක් රැගෙන එන ලෙසට බිරිය සැමියාට දුන් මුදල්වලින් රා බී හවස ගෙදර යන ගමන් සොහොනක තිබූ මැටි මුට්ටියක් රැගෙන ගොස් බිරියට ලබාදීමේ සිද්ධියක් කොත්මලේ ගම්මානයකින් වාර්තාවේ. 19 April 2021
රස්සාවට යන්න චරිත සහතිකය දුන් සර් ගෙන්ම ‘තමා කවුදැයි’ අහලා රැකියාවට යන්න චරිත සහතිකය දුන් දා සුදුසු රැකියාවක් ලැබී රටට දැයට යහපත් පුරවැසියෙකු වේවා! යැයි තමන්ගේ දෙපා නැමදි තරුණයාට පැවසූ අයෙකුට ඔහුට රාජ්‍ය අංශයක රැකියාව ලැබී වසර 12කින් පසු තමන්ට ආශිර්වාද කළ අය තමන් කවුදැයි කියා විමසා සිටි පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 17 April 2021
ගුරා බූරුවෙක් වෙලා ගෝලයා පරිප්පුවක් කාලා සිරිතට විරිතට අනුව ලොකු බාස්ට අලුත් අවුරුදු දා ගරු බුහුමන් දැක්වීමට ගොස් ලොකු බාස් සමගම එදින දවස පුරාම පොලිස් කූඩුවේ ලගින්නට වූ පෙදරේරු ගෝලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ. 16 April 2021
කෝටිපතියාගේ කොරෝනා භීතිකාවෙන් හිඟන්නකුට ලොතරැයියක් ඇදිලා අතපත ගා ඇති මුදල් නෝට්ටුවලින් කොරෝනා බෝවේවි යයි බියෙන් අලුත් අවුරුද්දට ගනුදෙනු කිරීමට රැස් කළ මුදල් නෝට්ටු අව්වේ වේළීමට ගොස් රුපියල් විසි තිස්දහසක් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 13 April 2021
අවුරුද්දට ආච්චිට ඩෙනිමක් තෑගි ලැබිලා අගනුවර රැකියාවකට ගිය පොඩි දුව මෙවර අවුරුදු තෑගි ගෙන නිවසට ආවේ දිගු කලකට පසුවය. පවුලේ ආච්චි, සීයා, මාපියන් සහ සහෝදර සහෝදරියන් දෙදෙනකුට ද වෙන වෙනම තෑගි පාර්සල්කොට ගෙනාවත් ගෙදර නතර වී සිටි පුංචි අම්මාට තෑගි ගෙන ඒමට ඇයට අමතක වී තිබිණි. 12 April 2021
අනියම් පෙමට අකැමැති ළඳට ඇටවූ උගුලේ බිරිඳ වැටිලා තමන්ගේ අදහසට අකමැති වූ අහල පහළ කාන්තාවකට පාඩමක් උගන්වන්නට ගොස් එම දඬුවම තම බිරිඳට අත්විඳින්නට සිදුවූ අපූරු සිදුවීමක් උඩදුම්බර පොලිස් වසමෙන් වාර්තා විය. 10 April 2021
මායියගෙ කනෙන් රිංගන්න ගිහින් වැඩේ මාට්ටු මත්වතුර තොල ගෑමේ පාටියකට සහභාගිවීම සඳහා බිරිඳගෙන් ගැලවෙන්නට සැමියා දුන් උපදෙස් අනුව කටයුතු කරන්නට පැමිණි මිතුරන් දෙදෙනකු කටයුතු කළ ආකාරය නිසා සැමියාගේ සාක්කුවට තට්ටුවීමේ පුවතක් පොල්පිතිගම නගරයෙන් වාර්තා වේ. 10 April 2021
සැමියාගේ බලු වැඩේට ‘බ්රිඳගෙන් අච්චුවක්’ බල්ලන් සුරකින ආයතනයකට රැගෙන යන බව කියා බිරියගෙන් රවටා මුදල් ගෙන බලුපැටවුන් සිව්දෙනෙකු ආගමික ස්ථානයක් අසලට ගෙනගොස් දැමූ සැමියකුට කළ වංචාව හෙළිවීමෙන් පසු දින තුනක් නිවස තහනම් ප්‍රදේශයක් කළ සිදුවීමක් මහනුවරට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 10 April 2021
කොරෝනාවට බය දොස්තරට ‘සල්ලි ආලෙ’ බෝවෙලා මාළු කටුවක් උගුරේ සිරවූ පුද්ගලයකු එය ඉවත්කර ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත පැමිණි විටදී පවතින වසංගත තත්ත්වය නිසා රෝගියා ළඟට පැමිණීමට නොහැකිවීමෙන් පී.සී.ආර්. පරීක්ෂාවක් සිදුකර කොවිඩ් ආසාදිතයකු නොවන බව තහවුරු කරගෙන පැමිණියහොත් මාළුකටුව ඉවත් කළ හැකි බව පැවසූ වෛද්‍යවරයකු පිළිබඳ පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ ගමකින් වාර්තාවේ. 10 April 2021
යාචක කතගේ අනියම් පෙම හෙළිවී හිඟමනත් එපාවෙලා නගරයේ සිඟමන් යැදීමට පැමිණි තරුණ කතක් කී කතාවෙන් ව්‍යාපාරිකයාටද, අසල සිටි පිරිසටද, සිනාව පාලනය කර ගැනීමට නොහැකි වීමේ පුවතක් නිකවැරටිය නගරයෙන් වාර්තා වේ. 10 April 2021
ලෙඩේට සයිකල් පදින්න කීවාම මෝටර් සයිකල් පැද සීනි නැගලා රුධිරයේ සීනි මට්ටම අඩු කරන්න කිරීමට දුන් ව්‍යායාමය වැරදියට අවබෝධ කරගෙන, තිබූ රුධිර සීනි මට්ටම දෙගුණ තෙගුණ වී ජීවිතය අනූනවයෙන් බේරාගත් අයෙකු පිළිබඳ පුවතක් දකුණේ නගරයකින් වාර්තා වේ. 10 April 2021
කතුන්ට හොල්මන් පෙනෙන වැසිකිළියක් අවශ්‍යතාවට ඇතුළට ගිය විගසම බුදු අම්මෝයි මර ලතෝනි දී කාන්තාවන් ආපසු දිවඑන අපූරු වැසිකිළි පද්ධතියක් පිළිබඳව අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 09 April 2021
සුරාසලට එරෙහි විරෝධතාවට ගැම්ම ගන්න කට්ටියක් හොරෙන් හොරෙන් බීලා ඇවිත් තම නගරයේ ඉදිකිරීමට යෝජිත සුරාසලකට විරෝධය දැක්වීම පිණිස ජනතාව සමඟ මහ මඟට බැස සටන් පාඨ කියූ පිරිසක් විරෝධතාව පැවැත්වෙද්දීම ඒ අසල නවතා තිබූ වාහනයකට රිංගා මත්පැන් පානය කරමින් විටින් විට විරෝධතාවේ යෙදුණු බව කියවෙන පුවතකි. 08 April 2021
පොලිස් නෝනකුගෙන් ගානක් කැපූ රියැදුරුට ඇඬෙන්නම පාඩමක් කියා දීලා දකුණේ නගරයක ත්‍රිරෝද රථ රියැදුරකු මෝටර් රථ අංශයේ ලොක්කෙකුගේ බිරියගෙන් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර පසුව ඇය පොලිස් ලොක්කාගේ බිරිය බව දැන සමාව ගැනීමට පොලීසියට පැමිණි විට මතක හිටින පාඩමක් කියා දී ආපසු යැවීමේ පුවතක් පිළිබඳව වාර්තා වේ. 07 April 2021
විදුහල්පතිගේ ‘වස්තුවට ’ යකින්නක් ආවේශ වෙලා විදුහල්පතිවරයාගේ වස්තුවට යකින්නියක ආවේශවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ ඌව පළාතේ ග්‍රාමීය පාසලකිනි. 06 April 2021
පාරේ ගිය පොල් හොරු දෙන්නා 4ක් ළිඳකට තල්ලු කරලා වයඹ පළාතේ ගැමි නිවසක බූරුවා ගැසීම කරගෙන ගියේ රාත්‍රී කාලයේය. සූදුවට ගෙහිමියා සම්බන්ධ නොවූවද ඔහුට තෝන් ලැබීම නිසා ඔවුහු හිතවතුන්ට තම නිවෙසේ කාමරයක බූරුවා ගැසීමට ඉඩ දී පොලිසියෙන් එනවා දැයි ඔත්තු සේවයේ ඔහු යෙදී සිටියේය. 05 April 2021
පැළ වෙළෙන්දාගේ බොරු හිතවත්කම ගිනිගෙඩියක් වෙලා ගෙයින් ගෙට ගොස් එළවළු සහ පලතුරු පැළ වෙළෙඳාමේ නියුතු වයෝවෘද්ධ පුද්ගලයකු පවුලක් අවුල් කළ බව කියැවෙන කතා පුවතකි. 03 April 2021
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026