(තිහගොඩ උපසේන ලියනගම)
කොරෝනා නීති රීති හේතු කොට ගෙන දිගු කලක් වසා තිබූ මේ බාබර් සාප්පුව පසුගියදා නැවත විවෘත වීමෙන් පසු මැදිවියේ පුද්ගලයකු සමග කොණ්ඩය වැඩී තිබුණු කුඩා දරුවෙක් පැමිණියේය.
මැදිවියේ පුද්ගලයා කොණ්ඩය සහ රැවුල කපා ගත් පසු මෙයාගෙත් කොණ්ඩය කපන්න මම තේ එකක් බීලා එන්නම් කියා පිටතට ගියේය.
බාබර් තැන කුඩා දරුවාගේ කොණ්ඩය කපා අවසන් වුවත් ඔහු භාරදී ගිය පියා ආපසු ආවේ නැත.
‘මොකද පුතේ තාත්තා තවම නැත්තෙ’ බාබර් දරුවාගෙන් විමසීය.
මොන තාත්තද මම ඒ අංකල් අඳුනන්නෙ නෑ. මම පාරේ ඉන්නකොට ඔයා කැමතිද නොමිලේ කොණ්ඩෙ කපා ගන්න කියලා මා එක්ක මෙතෙන්ට ආවා. ඇයි ඔයා ඒ අංකල් අඳුනන්නෙ නැද්ද? දරුවා විමසුවේ විමතියෙනි. තමා වංචනිකයකුට රැවටී ඇති බව තේරුම් ගත් බාබර් ඒව හරියන්නෙ නෑ ඔයාවත් කොණ්ඩෙ කැපුවට සල්ලි දෙන්න කීවත් මගේ අතේ සත පහක්වත් නෑ කියූ දරුවා සාප්පුවෙන් එළියට බසින විට බාබර් උන්නැහේට දෙවියන් සිහිවුණාලු. දකුණු පළාතේ උපනගරයකින් මෙය වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd