(හක්මන විශේෂ -දෙනගම යසන්ත ආරියසේන)
දුම්වැටියක් මිලදී ගැනීමට කිලෝමීටර් විසි හතක් දුර මෝටර් රථයකින් ගොස් ආපසු පැමිණීමේදී මාර්ග වැරදි සම්බන්ධයෙන් රුපියල් දෙදහසක දඩ කොළයක් ලැබුණු පුද්ගලයකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
අධික ලෙස දුම්පානය සඳහා ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා දුම්වැටි මිලදී ගැනීම සඳහා දිනකට හතර පස් වතාවක් වෙළෙඳසැල් වෙත යාම පුරුද්දක් කරගෙන සිටියේය. එහෙත් කිසිම දවසක නිවසේදී දුම්පානය නොකිරීමට කටයුතු කළේ බිරිඳට ඇති බයපක්ෂපාතීත්වය නිසාය. බිරිඳ එකම පුතු සහ ලේලිය සමග ඔහු එකම නිවසේ වාසය කරයි.
බිරිඳ සහ ලේලිය කියන දෙයකට ඉහළින් කිසිවක් නොකිරීම ඔහුගේ ජීවන චර්යාවේ කොටසක් වී තිබුණි. බිරිය රජයේ රැකියාවක නිරත වූ අතර පුතාද පුද්ගලික අංශයේ රැකියාවක් කළේය.
සිය මෝටර් රථයෙන් බිරිඳ රැකියා සඳහා රැගෙන යාමත් නැවත රැගෙන ඒම මේ දිනවල ඔහුගේ රාජකාරිය වී තිබුණි. නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති නිසා දුම්වැටි හිඟයක් සිය ගම් ප්‍රදේශයේ ඇති වී තිබූ නිසා දුම්පානය කිරීමට ඔහුට නොහැකි විය. සති අන්තය නිමවී බිරිඳ කාර්යාලයට ඇරලවා යහළුවකුගෙන් ලත් තොරතුරක් අනුව කිලෝ මීටර් විසි හතක් පමණ දුරින් නගරයට ගොස් දුම්වැටි දෙකක්ද මිලදී ගෙන පැමිණෙමින් සිටියදී පොලිසියෙන් මෝටර් රථය නතර කළේය.
වැරදි ඉස්සර කිරීමේ වරදට රුපියල් දෙදහසක දඩ කොළයක් පොලිසියෙන් ඔහුට ලැබුණේය.
බිරිඳ නිවෙසට පැමිණි පසු රෙදි සේදීමට සූදානම්ව සැමියාගේ කමිසය අතට ගත්තාය. සාක්කුවේ යමක් තියෙන බව දුටු ඇය එය අතට ගෙන බැලීමේදී රුපියල් දඩ කොළයක් දුටුවාය. සැමියාගේ ඇඟට කඩා පැන දඩ කොළයක් ලැබුණේ කෙසේ දැයි විමසා සිටි අතර ‘නඩුව’ විමසීමට ලේලිය සහාය වූවාය. පදිංචි ප්‍රදේශයේ පොලිසියෙන් නිකුත් කළ දඩ කොළයක් නොවන බව ලේලිය පැවසීමත් සමඟ බිරිඳගේ බැණ වැදීම දෙගුණ තෙගුණ විය.
අසල්වැසි නිවෙස්වලටද ඇසෙන පරිදි බිරිඳගේ සහ ලේලියගේ කෑ ගැසීම නිසා කතාව ගම පුරා පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
කිලෝමීටර් 27ක් රියකින් ගිහින් රුපියල් දෙදාහක් දී සිගරැට් 2ක් ගෙනත්