(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
තරුණ තරුණියන් එන්නත් කිරීමට එන සෞඛ්‍ය අංශවලට සංග්‍රහ කිරීමට යයි කියමින් ප්‍රදේශයේ දානපතීන් කිහිපදෙනකුගෙන් එකතු කළ මුදලින් තමන්ම අපූරු සංග්‍රහයක යෙදුණු තරුණයන් දෙතුන් දෙනකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් අසන්නට ලැබේ.
අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියන්ට කොරෝනා මර්දන එන්නත් කිරීමේ කටයුතු කරට ගත්තේ ගමේ තරුණ ගැටවුන් කිහිපදෙනකුය. ඒ තරුණ තරුණියන් මේ එන්නත ගැනීමට දැක්වූ මැලිකමත් සමගමය. ඒ නිසාම ඔවුහු ගමේම තරුණ තරුණියන් එන්නත්කරණයට යොමු කිරීමට අපූරු කාර්ය රැසක්ම එදිනට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළෝය.
එන්නත්කරණයට එන සෞඛ්‍ය අංශවලට සංග්‍රහ කිරීම, තරුණ තරුණියන් එන්නත්කරණ මධ්‍යස්ථානයට අද්දවා ගැනීමට වැඩසටහන් පැවැත්වීම මේ අතර විය. ඒ සඳහා යන පිරිවැය ගමේ දානපතීන් කිහිපදෙනකුගෙන් එකතු කිරීමට ද ඔවුහු තීරණය කළහ.
ඒ අනුව මේ තරුණ පිරිස ගමේ දානපතීන් කිහිපදෙනකු ළඟටම ගොස් සිය අදහස කියා පෑහ. ‘අනේ ළමයිනේ ඔයාලා එන්න කලින් දැන් තරුණ ළමයි දෙතුන්දෙනෙක් ඇවිත් ඔය කාරණේටම කියලා අපෙන් මුදල් ඉල්ලාගෙන ගියා’ යයි ඔවුන් කී විට තරුණ පිරිස ‘අනේ ඇත්තද? හැබැයි අපි තමයි මේ වැඩසටහන සංවිධානය කරන්නේ. කොයි වගේ අයද ආවේ’ යයි කී විට එක් නිවැසියකු සිය නිවෙසේ ඒ අවස්ථාවේ සී.සී.ටී.වී. දර්ශනවල පුනරූපණ ගෙනහැර පෑවේය.
තරුණයන්ට කාරණය පැහැදිලි විය. තමන්ගේ සත් ක්‍රියාව ආරංචි වූ ගමේ වැඩකටම නැති තරුණයන් දෙතුන් දෙනා මේ රියල් ගේම දී ඇති බව සක්සුදක් සේ විශ්වාසය.
ඔවුන් අඳුනාගත් මේ තරුණ පිරිසේ ඉන් එක් අයකු දුරකතනයෙන් සම්බ්නධ කර සොයා බලනවිටත් ඔවුන් එකතු කර ගත් මුදලින් සෙට් වී මදු බඳුන් තොලගාමින් සිටියේලු.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගමේ දානපතියනුත් අන්දවා ගැටවු පිරිසක් රියාල් ගේමක් දීලා