IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බඩු මල්ලක් නිකම් ගන්න අමුතුම ජාතියේ ගේමක් ගහලා

(මුලටියන එස්. බාලසූරිය)
කොරෝනා ආසාදිතයන් ඇසුරු කළ අය තම නිවාසවල නිරෝධායනයට යොමු කිරීමෙන් පසු රජයෙන් නොමිලයේ ආහාර මලු ලබාදීමක් සිදුකෙරෙන නිසා ඒවා ලබා ගැනීමට තමා විසින්ම තම නිවෙස ඉදිරිපිට නිරෝධායනයට ලක්කර ඇතැයි පුවරුවක් සවිකර තමන්ටත් ආහාර මල්ලක් ලබා දෙන ලෙස සෞඛ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටීමේ පුවතක් මාතර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගමකින් පසුගියදා දැන ගන්නට ලැබිණි.


කටකාර, පුද්ගලයකු වූ මෙම ගැමියාගේ නිවෙස ආසන්නයේ නිවෙසක කොරෝනා ආසාදිතයකු හමුවී එම නිවසේ පිරිසක් අසල්වාසීන් පිරිසකුත් නිරෝධායනයට ලක් කරනු ලැබ සිටියහ. ඒ අනුව එම පවුල් සඳහා නොමිලයේ ආහාර මලු ලබාදීමට සෞඛ්‍ය අංශයේ නිර්දේශ මත කටයුතු කළේය.


මේ බව දැනගත් කටකාර ගැමියාද ආහාර මල්ලක් ලබා ගැනීමේ අරමුණෙන් නිරෝධායනය කර ඇති බවට පුවරුවක් නිවෙස ඉදිරිපිට සවි කළේය. එහෙත් මොහු ආශ්‍රිතයකු නොවන නිසා ආහාර මලු ලබාදීමට නොහැකි බව අදාළ නිලධාරීන් දන්වා සිටියත් මොහුගෙන් බේරුමක් නොවීය. මේ නිසා නිලධාරීහුද බලවත් ගැටලුවකට මුහුණ පෑහ.


මේ පිළිබඳව ප්‍රදේශයේ දේශපාලනඥයකුට ආරංචි වී ඔහු නීත්‍යානුකූල තත්ත්වය පැහැදිලි කළත් ඒවා ගණනකට නොගත් එම ගැමියා තමන්ටත් ආහාර මල්ලක් අවශ්‍ය බව තරයේම ප්‍රකාශ කළේය. දේශපාලනඥයාගේ ආධාරකරුවකු වූ මෙම කටකාර ගැමියාගේ කන්කරච්චලයෙන් බේරීම සඳහා තමන් අතින් සල්ලි දී ආහාර මල්ලක් ලබාදීමෙන් පසු මේ ගැටලුව නිරාකරණය විය.


එහෙත් පසුව මොහුගෙන් ඒ පිළිබඳව ගම්වාසීන් අසන විට මාත් කොහොම හරි ආහාර මල්ලක් ලබාගත්තා. නිකම් කට වහගෙන හිටිය නම් මොකක්වත් ලැබෙන්නේ නැතැයි කියමින් කටමැත දොඩවයි. අනවශ්‍ය දෙයකට මැදිහත්වූ දේශපාලනඥයා කීවේ මින් පස්සේ අනුන්ගේ කුණු ගොඩවල්වලට කර ගහන්නේ නැති බවත් මේකත් හොඳ පාඩමක් බවත්ය.



අදහස් (0)

බඩු මල්ලක් නිකම් ගන්න අමුතුම ජාතියේ ගේමක් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site