IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අහිංසකයාගේ තරම නයිට් ඩියුටියෙන් එළිවෙලා

 (කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
අහිංසක, විනීත යයි හංවඩු ගැසී සිටි උපස්ථායකයකුගේ තරම රාත්‍රී සේවයේ යෙදී සිටියදී මුළු රෝහලටම දැන ගන්නට ලැබුණු පුවතක් රෝහලකින් අසන්නට ලැබේ.


 ඔහු එදා රාත්‍රී සේවයේ යෙදී සිටියේය. ඔහුගේ සමකාලීනයකුද එදිනම රාත්‍රී සේවයට කැඳවා සිටියේය. මධ්‍යම රාත්‍රිය ද එළැඹෙමින් තිබියදී මේ දෙදෙනා නිදිවර්ජිතව සිටීමට අපූරු කාර්යක නිරතව සිටියහ. ඒ පුටු දෙකක වාඩි වී මේසයක් මත තබාගත් ජංගම දුරකතනයක දෙයක් නරඹමින් සිටීමෙනි. ඒ ජංගම දුරකතනය මිතුරු උපස්ථායකගේය. ඒ නිසාම මෙහි ක්‍රියාකාරීත්වය ගැන ඔහුට වැඩි අවබෝධයක් නොවිණි.


 මේ අතරේ උපස්ථායක මිතුරා වැසිකිළි අවශ්‍යතාවකට එතැනින් ඉවත්වූයේ තමා ඉක්මනින්ම එන බව පවසමිනි. ඔහු ඉතා උනන්දුවෙන් මේසය මත තිබූ ජංගම දුරකතනය දිහා බලා සිටියේය. අවට පිළිබඳව ඒ අවස්ථාවේදී ඔහුට තිබුණේ ද අනවබෝධයකි. ඒ නිසාම සේවා අවශ්‍යතාවක් ඉටුකර ගැනීමට රෝහලේ හෙදියක ළඟටම පැමිණෙන තෙක් ඔහු නොදුටුවේය.


 ඒ සමගම තමා දන්නා උප්පරවැට්ටි යොදා සක්‍රීයව තිබෙන ජංගම දුරකතනය අක්‍රීය කිරීමට කෙතරම් උත්සාහ දැරුවත් පලක් නොවූ තැන ඔහු එය මේසයේ ලාච්චුවේ දමා වැසුවේය. හෙදිය පැවරූ රාජකාරිය කිරීමට එතනින් ඉවත්වී යාමට ඔහුට සිදුවිය. ඔහු එන තෙක් හෙදිය මේසය ළඟ නැවතී සිටියාය. 


 මේසයේ ලාච්චුව ඇතුළෙන් අමුතු කෑගැසීමක ශබ්දයක් හෙදියට ඇසෙන්නේ ඒ සමගමය. ඇය මේසයේ ලාච්චුව ඇර එහි සක්‍රීයව තිබූ ජංගම දුරකතනය අතට ගන්නේ මේ අතරේදීය. එය අතට ගත්තාට වඩා හොඳයි නොගත්තානම් යයි ඇයට සිතෙන්නේ කෑමොර දෙමින් එහි දර්ශනය වූ රූප පෙළ දැකීමෙනි. 


අනේ දෙයියනේ මොනවාද මේ තමා දකින්නේ යයි ඉහළට ගත් හුස්ම පහළට දැමීමට වත් නොහැකිවූවා මෙන් ඇය පුදුමයට පත්වී සිටියේ කවර කවදාකවත් දැක නැති අසභ්‍ය කාමුක දර්ශන ඇතුළත් නිල් චිත්‍රපටියක් එහි දර්ශනය වීමත් සමගමය. ඒ සමගම ඇය ජංගම දුරකතනය මේස ලාච්චුවේ දමා වැසුවාය. ඒ මේ ජංගම දුරකතනය තවදුරටත් කෑමොර දෙමින් සක්‍රීයව පැවතෙමින් සිටියදීය.


 ඔහු එනවිට සියල්ල සිදුවී හමාරය. තමා මෙතෙක් ආරක්ෂා කරගෙන තිබූ පටි පට්ටම් ගැලවී ගොස් තිබිණ. ඊට පසු දින රෝහලේ මේ ගැන කසු කුසුව තැනින් තැන අසන්නට ලැබුණේ ඔහුගේ නමට ලොකු කළු පැල්ලමක්ද එකතු වෙමිනි. එය හරියට කිරි කළයට ගොම ටිකක් වැටුණු ගානටය.

 



අදහස් (3)

අහිංසකයාගේ තරම නයිට් ඩියුටියෙන් එළිවෙලා

දිමුත් Friday, 15 October 2021 12:08 PM

ඔය අහිංසකයි වගේ ඉන්න ගොඩක් ඔය ඔහොම තමයි.

:       6       2

රිතික් Friday, 15 October 2021 07:29 PM

මම ඉන්නෙත් අහිංසකයි වගේ... ඒත් මමත් ඔහොම තමයි.

:       1       8

Nuwa Sunday, 17 October 2021 02:46 PM

අසභ්‍ය චිත්‍රපට බැලීම, කෙනෙකුගේ අහිංසක බව අතර සම්බන්ධයක් කියන්න බෑ. වරද වෙන්නේ රාජකාරී කාලයේදී එය බැලීම සහ අනික් අයට බැලීමට සැලැස්වීම පමණයි. එහෙනම් ළමයි හදන එකත් මහ කැත වැඩක්නේ...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site