IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පෙම්වතාගේ පලතුරු මල්ලෙන් පෙම්වතියට තරු පෙනිලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තමාට පෙම්වතා රැගෙනවිත් තිබූ පලතුරු මල්ලෙන් අලි අමාරුවක වැටුණු පෙම්වතියක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණේ මේ ඊයේ පෙරේදාය.


ඇය සේවය කළේ ඇඟළුම් කම්හලකය. එම ඇඟළුම් කම්හලේ බොහෝ දෙනකුට කොරෝනා ආසාදනය විය. ඒ අතර ඇයද වූවාය. ඔවුන්ගෙන් බොහෝදෙනා ප්‍රතිකාර සඳහා නේවාසිකව සිටියේ එකම ප්‍රතිකාර මධ්‍යස්ථානයකය.


මෙහි ප්‍රතිකාර ලබන ඇඟළුම් සේවිකාවන්ට සිය පෙම්වතුන් මෙන්ම හිතවත් අය විවිධ ආහාරපාන ගෙනත් දුන්හ. ඒ කට්ටියත් සමගම බෙදා හදාගෙන කෑමටය. මේ බව ඇය සිය පෙම්වතාටද දැනුම් දුන්නාය. ආ ඉන්නකෝ කවුරුත් නුදුන්නු හොඳ නැවුම් පලතුරු මල්ලක් මම ඔය අයට බෙදාගෙන කන්න ගෙනත් දෙන්නම් යයි ඔහු කීවේ තමන්ද සිය පෙම්වතියට හොඳට සලකන බව රට්ටුන්ට පෙන්වීමටත් එක්කය.


කී පරිදි ඔහු පලතුරු මල්ලක් සිය පෙම්වතියට ලැබීමට සැලැස්සුවේය. ඇපල්, මිදි වැනි විදෙස් පලතුරු මෙන්ම දිවුල්, කෙසෙල්, බෙලි, පේර, අලි ගැට පේර, අන්නාසි වැනි මෙරට පලතුරුද ඊට ඇතුළත් වී තිබුණි. ඇය ඒවා භාර ගත්තේ සිය පෙම්වතා ගැන ලොකු ආඩම්බරයක්ද සහිතවය. ඒ බව රට්ටුන්ට පෙන්වීමට මෙන් සිය යෙහෙළියන්ටද ලැබුණු පලතුරු මල්ලම  නොඅඩුව ඇය බෙදා දුන්නාය.


බෙදාදුන් මේ පලතුරුවලින් කෙසෙල් ගෙඩි වල උඩ කොටස කපා තිබුණු ඒවා බවත් යෙහෙලියෝ දුටහ. එමෙන්ම ඇතැම් කෙසෙල් ගෙඩි වල ඉරටු කෑලි වලින් ඇන තිබූ තැන් ද දක්නට ලැබිණ. සමහර පලතුරු කහ දියරයෙන් සෝදා කහ පැහැය ගොස්  කහ පැහැයද තැන් තැන්වල තිබෙනු දක්නට ලැබිණ. මේ පලතුරු මල්ලේ තිබූ පලතුරු පිළිබඳව යෙහෙළියන් ඇය දැනුම්වත් කළ විට ඇයට පොළව පලාගෙන යන්න තරම් ලජ්ජාවක් ඇතිවූයේ ඔහු මේ ගෙනැවිත් තිබෙනුයේ ඔහුගේ මිතුරකුගේ දේවාලයට රැගෙනවිත් තිබූ පූජා වට්ටිවල පලතුරු බව පසක්වීමෙනි.


‘‘කොහොමද උඹේ බෝයි ෆ්‍රෙන්ඩ් අපිට ගෙනත් දුන් පලතුරු මල්ල’’ යයි යෙහෙළින් අසනවිට ඇය එතනින් ලිස්සා යන්නේ ඇඟට නොදැනුවත්වය. 



අදහස් (1)

පෙම්වතාගේ පලතුරු මල්ලෙන් පෙම්වතියට තරු පෙනිලා

මංගල Saturday, 09 October 2021 05:33 PM

නිකන් දෙන අශ්වයාගේ දත් බලනවා කියන්නේ මේ වගේ ගෑණුන්ට තමයි. අර දෙන්නම තමන්ට ලැබුණු දේ බදාගෙන කන්නේ නැතුව බෙදාගෙන කන්න ගිය නිසානේ මේ අවලම් කතා...

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site