IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සුදු කත එක්ක සෙල්ෆි ගහන්න ගිහින් අම්බානක කන්න වෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
විදෙස් කාන්තාවක තමාගේ මිතුරියක යැයි සිය බිරියට පෙන්වීමට ගිය කැමරා ශිල්පියකුට අලි අමාරුවක වැටීමට සිදුවූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


විදෙස් යුවළකි. මෙරටට ආවේ ඊයේ පෙරේදාය. ලැගුම් ගත්තේ ඉඳුරුවේය. ලැගුම්ගත් විලා එක අවට වෙසෙන අහිංසක ජනතාව කොරෝනා ව්‍යසනයෙන් විඳින අනේකවිද දුක්ඛදෝමනස්සයන් ඔවුහු දුටුවහ.


 ඔවුන් වෙනුවෙන් වියළි ආහාර පාර්සල් තොගයක් බෙදාදීමට මේ විදෙස් යුවළ කටයුතු කළෝය. එදින සුදු මහත්තයාගේ උපන් දිනය දාය. එදින පවුල්වලට වියළි ආහාර පාර්සල් පිරිනැමිණ. එය සිහිවටනයක් ලෙස සනිටුහන් කර ගැනීම සඳහා කැමරා ශිල්පියකුටද ආරාධනා කළහ. වියළි ආහාර පාර්සල් බෙදාදීම නිමාවිය.


 අනතුරුව පැවතියේ පොඩි පහේ පාටියකි. පාටිය පොඩිවුවත් එයට සැර බීම ජාති හොඳ හොඳ කෑම ජාති එක්කර තිබිණි. මේ සඳහා ආරාධනා ලැබූවේ දහයකට අඩු පිරිසකි. ඒ අතර මේ කැමරා ශිල්පියාද සිටියේය.


 සුදු යුවළගේ සුදු මිතුරියක්ද ඊට එක්වී සිටියාය. ඇය ඒ අවස්ථාවේ පැමිණ සිටි සියලු දෙනා සමගම ඉතාම කුළුපගව හැසුරුණාය. කැමරා ශිල්පියාටද ඒ හිතවත්කම ඇයගෙන් ලැබුණි.  කැමරා ශිල්පියාට ඉංග්‍රීසි බැරිවුණත් ඔහු අංග චලනවලින් ඇය සමග සුළු කිට්ටු බවක් ඇති කරගෙන සිටියේය.


රෑබෝවෙමින් තිබිණි. සැර බීම බෝතල්ද හිස්වෙමින් පැවතිණි. බැදපු මස් රස බැලූ කැමරා ශිල්පියාට බීමද සැරටම හිටියේය තමාට විදෙස් මිතුරියක් සිටින බව සිය බිරියට පෙන්වීම හොඳ යැයි ඔහුට සිතෙන්නේ මේ අල්ලපනල්ලේය. ඇය සමග එකට සෙල්පි ඡායා රූපයක් ගෙන එය ඔප්පු කළ යුතු යයි ඔහු සිතුවේය. එය ක්‍රියාවට නැංවීමට ඔහු සූදානම් විය. අර සුදු කාන්තාවට නොදන්නා ඉංග්‍රීසි බසින් කතා කරන්නේ ඒ අනුවය. මේ සඳහා  පාටිය පැවති එළිමහනේ සිට විලා එක ඇතුළ පෙන්න පෙන්නා මේ සුදු කතට  එයට යමු යයි ඔහු ආරාධනා කළේය.


 සුදු නෝනා එය වැරදියට තේරුම් ගත්තාය. තමාට මේ හාදයා කතා කරන්නේ අකටයුත්තකටැයි ඇය සිතුවාය. ඒ නිසාම ඇය තමා සමග සම්බන්ධකම් පවත්වන ලංකාවේ ප්‍රේමවන්තයාට මේ බව කීවාය. ඔහුට යකා නැග්ගේය. තමාගේ විදෙස් කතට අනිසි යෝජනාවක් කර ඇතැයි කියමින් ඔහු කැමරා ශිල්පියාට නෙලන්න පැන්නේ වරක් දෙවරක් නොව කිහිපවරක්මය. ඒ අවස්ථාවේ රැඳී සිටියවුන් එය වළක්වාලු‍වද එතන සිටි පිරිස් ඔහු පිටුපස දොරෙන්ම නිවෙසට යැවීමට කටයුතු කළහ. රාත්‍රී කෑම වේලද නැතිව ඔහුට එන්නට සිදුවිය.



අදහස් (0)

සුදු කත එක්ක සෙල්ෆි ගහන්න ගිහින් අම්බානක කන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site