IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බිරිය දිග පෝලිමක තියා සැමියා හොර ගෑනිත් එක්ක ජවුසන් නටයි

(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට දිගු පෝලිමක නීත්‍යනුකූල භාර්යාව හා කුඩා පෝලිමක අනියම් භාර්යාව තබා පසුව ඇය සමඟ සුව විඳි අපූරු පුවතක් මහනුවරට නුදුරු ප්‍රදේශයකින් පසුගිය දා වාර්තා විය. 


ජංගම වෙළෙඳාමේ නිරත වූ මෙම පුද්ගලයා මැදිවිය ඉක්මවා ගොස් සිටි අයෙකි. එසේ වුවත් ඔහුගේ පෙනුම හා ක්‍රියාකාරකම් නිසා තරුණ කාන්තාවන්ගේ නිරන්තර අවධානයට යොමු වූවෙකි. 


ජංගම වෙළෙඳාමේ නිරත වුවත් ජැන්ඩිපහට ඇඳ අඩු වැඩියට සුවඳ විලවුන් ද ගල්වාගෙන යාම ඔහුගේ සිරිතකි.


ජංගම වෙළෙඳාමෙන් සරුසාර ආදායමක් මෙන්ම යන යන තැන්වල තරුණ කාන්තාවන්ගේ අඩුවක් ද නොතිබිණි.


පසුගිය සමයේ ජංගම වෙළෙඳාමේ යාමේදී අලු‍ත් කාන්තාවක හා සම්බන්ධතාවක් ආරම්භ කිරීමට වාසනාව පෑදුනේ කොරෝනා නිසා පැන වූ සංචරණ සීමා හේතුවෙනි.


මේ අතර මේ දිනවල හාල්, සීනි, පිටි, ගෑස් ආදී භාණ්ඩ හිඟවීම නිසා නිවසට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට පෝලීම්වල සිටීමට කිහිප වතාවක් ඔහුට සිදු විය.


එක් දිනක නිවෙසේ ගෑස් සහ සීනි අවසන් වූ අතර අහළ පහළ වෙළෙඳසැල්වල ඒවා නොමැති වීම නිසා නගරය බලා යාමට දෙදෙනාටම සිදු විය. ඉතා දිගු පෝලීමක තිබූ ගෑස් පෝලීමේ හිස් ගෑස් සිලින්ඩරයත් සමඟ බිරිය රඳවා තමන් සීනි පෝලීමට යන බව පවසා එදෙසට ගියේය. 


සීනි පෝලිමේ සිටි ඔහු පොලීමේ ඉදිරියෙන් සිටි තමන් අලු‍තින් හඳුනාගත් කාන්තාව සිටින අයුරු දුටුවේය. වහාම ඇයට දුරකතන ඇමතුමක් ලබාදී තමන්ට ද සීනි කිලෝවක් රැගෙන ආවොත් තමන්ට නිදහසේ පෙම් සුව විඳීමට අවස්ථාවක් ලැබෙන බව ස‍ඳහන් කළේය.


ඒ අනුව සීනි ලබා ගත් ඔවුන් දෙදෙනා යා යුතු තැනක් නොවූයෙන් බිරිය තවමත් පෝලීමේ සිටී නම් නිවෙසට යා හැකි බවට තීරණය කළේය. වහාම ඈ වෙත දුර කතන ඇමතුමක් ලබාගත් ඔහුට සවස් කාලය වන විටත් ඇයට නිවෙසට ඒමට නොහැකි බව පැවසුවාය. 


ඒ ඇසූ ඔහු තීරණය ඉබ්බා දියේ දැමුවාසේ ඇය ත්‍රි රෝද රථයක  නංවාගෙන ත්‍රිරෝද රථයේ සිටම අසල හෝටලයකින් දිවා ආහාර පැකට්ටුවක් ද රැගෙන අනියම් භාර්යාව නිවෙසට කැටුව ගියේ සවස් කාලය වන තුරු ඇය සමඟ පෙම් සුව විඳිනු රිසියෙනි.

 



අදහස් (0)

බිරිය දිග පෝලිමක තියා සැමියා හොර ගෑනිත් එක්ක ජවුසන් නටයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site