(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
මිතුරියක හමුවීමට යන බව පවසා නිවෙසින් ගිය තරුණියක සිය පෙම්වතා සමඟ එළවළු වෙළෙඳාමේ යෙදී සිටිනු ඇයගේ පියාටම හසුවීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද ඇතැමෙක් මිතුරු මිතුරියන් සමඟ දුරකතනය මගින් නිරන්තරයෙන් සම්බන්ධ වීමට උත්සාහ කරති. එසේ ඇති කර ගන්නා සම්බන්ධතාව මත දිගු කලක් නොදුටු තම මිතුරු මිතුරියන් හමුවීමේ අවස්ථාවන් උදාකර ගැනීමට ද ඔවුහූ පෙළෙඹෙති.
කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංව සිටින මෙම තරුණිය ද සිය මිතුරියන් සමඟ නිරන්තරයෙන් කතා බහ කළාය.
නගරයේ පුද්ගලික ආයතනයක සේවය කළ මෙම තරුණියට මිතුරු මිතුරියන් රැසක් ඇසුරු කරන්නට ද අවස්ථාව ලැබී තිබිණ. ඒ අතර ඇයට පෙම්වතකු ද සිටි නමුත් එය නිවැසියන් දැන සිටියේ නැත. ඔහු අසල ගමක පදිංචි සුළු වෙළෙඳාමක් කර ගෙන දිවි ගෙවූ අයෙකි. පසුගිය දිනෙක මෙම තරුණිය අසල නිෙවසක සිය මිතුරිය හමුවන්නට යන බව පවසා නිෙවසින් ගියාය. ටික වේලාවකින් වෙනත් අවශ්‍යතාවක් සඳහා ගමින් ටික දුරකට ගොස් සිටි ඇයගේ පියාට මාර්ගය අසල එළවළු විකුණමින් තිබූ ත්‍රීරෝද රථයක් දැක ගන්නට ලැබී තිබේ. එම ත්‍රීරෝද රියෙන් නිවෙසට එළවළු මිල දී ගැනීමට සිතා එයට ළංවී බලද්දී පියාට දැක ගන්නට ලැබී ඇත්තේ තම දියණිය එළවළු විකුණමින් සිටින අයුරුය.
මෙය දැක තුෂ්ණිම්භූත වූ පියා පැමිණ සිය බිරිඳට සිද්ධිය පවසා දෙස් දෙවොල් තියන්නට පටන් ගත්තේය. කෙසේ නමුත් ටික වේලාවකින් නිවෙසට පැමිණි සිය දියණියගෙන් දැන ගන්නට ලැබී ඇත්තේ එළවළු විකුණමින් සිටි තරුණයා ඇයගේ පෙම්වතා බවත් ඔහුගේ සහායකයා එදින නොපැමිණි නිසා ඔහුට උදව් කිරීම සඳහා ගොස් ඇති බවත්ය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොක්ඩවුන් අස්සේ ගෙදරට හොරෙන් පෙම්වතා එක්ක එළවළු විකුණලා