(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
ඉඩම් ආරවුලක් පිළිබඳව ඇතිවූ මත ගැටුමකදී තම පියාගේ දතක් කැඩෙන්න පහරදුන් අජාසත් පුතකු පොලිසියේදී පියාට වඳින ගාථාව ශබ්ද නගා කියා පියාගෙන් සමාව ගත් පුවතක් හක්මන පොලීසියෙන් වාර්තාවේ.
පහර කෑමට ලක්වූ පනස් දෙහැවිරිදි තිදරු පියකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුගේ පුතෙකු වන තිස් එක් හැවිරිදි දෙදරු පියකු ඉකුත් දෙවැනි දින අත්අඩංගුවට ගෙන ඇත. පහරදීම සිදුකළ පුද්ගලයාගේ බිරිය හා දරුවන්ද පහර කෑමට ලක්වූ පියා සහ අනෙක් දරුවන් දෙදෙනාද පොලීසියට කැඳවා විමර්ශනයක් කෙරිණි.
සිය පියා අහිංසක අයෙකු බව දරුවන් දෙදෙනෙකු පොලිසියේදී පවසා සිටි අතර පහරදීම සිදුකළ පුතා විවිධ කරුණු කියමින් කරමින් පියාට දොස් පැවරීය.
සැකකරු තම පියාට පහරදී ඇති බව විමර්ශනයේදී අනාවරණය වීමෙන් පසු පියාට පහරදී තුවාල සිදුකිරීම බරපතළ වරදක් බව සැකකාර පුතාට පොලිසිය කරුණු පහදා දී සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර නඩු පවරණ බව දැන්වීය. ඒ සමග තම පුතා උසාවියට රැගෙන නොයන ලෙසත් තම පුතාට අවවාද සිදුකර සමාව දෙන ලෙසත් කඳුළු පිරි දෙනෙතින් යුතුව පියා පොලිසියෙන් ඉල්ලා සිටියේය.
සැකකරුට දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු පහරදුන් පුතා පියාට වඳින ගාථාව ශබ්ද නගා කියමින් පියාගේ දෙපාමුල වැඳ වැටී නැවත මෙවැනි වැරදි නොකරන බවට පොරොන්දුවී සමාව අයද සිටියේය.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උසාවිය පෙන්නුවාම ‘අජාසත්ත’ පුතාට දෙලෝ රත්වෙලා