දශක තුනකට පමණ පෙර කොළඹ විභාග දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස සේවය කළ පුද්ගලයකුට නිතර අගහිඟකම් දැනෙන්නට ගත්තේය. දිනක් ඔහුගේ කාර්යාලයේ කාර්ය සහායකයකුගේ මාර්ගයෙන් ධනවත් මුදලාලි කෙනෙකු ඔහු හමුවන්නට පැමිණියේ තමා ආවේ පොඩි ගනුදෙනුවකට යයි මුදලාලි කාර්යාල කාර්ය සහායකයා අත කියා එවා තිබුණි. ලිපිකරුවා එම පුටුවෙන් නැගිට මුදලාලි හමුවට ගියේය. මුදලාලිට ලිපිකරු මහතාගෙන් අවශ්‍ය වූයේ තමාගේ පුත්‍රයාට ඇස්..ඇස්.සී. විභාගයෙන් (මෙකල අ.පො.ස. සා.පෙ. විභාගයට වෙනුවට එකල තිබුණේ එම විභාගයයි) පළමු වතාවේම සමත් කරවන්නටය.
‘‘මහත්තයට ලකුණු ටිකක් එහා මෙහා කරල දෙන්න පුළුවන්නං, මහත්තයගෙ අමාරුකං ගැන මම බලා ගන්නං’’ මුදලාලි කීවේය.
එය කළ නොහැකි උදව්වක් බව දැන දැනම ලිපිකරුවා ඊට අකමැත්තෙන් එකඟ වූයේය. ඔහු ලොකු ගණනක් කීවේය. එසැණින්ම තම පොකැට්ටුව ඉවතට ඇදගත් මුදලාලි ඔහු කී ගණනින් භාගයකුත් ඔහුට ගෙව්වේය. ඉතුරු භාගය ‘‘වැඩේ කළාට පස්සෙ’’ ගෙවන්නට ඔහු පොරොන්දු වූයේය. ඒ කාලයේ අද මෙන් නොව ප්‍රතිඵල එන්නට මාස ගණනක් ගතවේ. ටික දිනක් ගත වෙද්දී ලිපිකරුවාට මුළු සිද්ධියම අමතක වී ගියේය. එක් ඉරිදා දිනක උදෑසන මුදලාලිගේ සද්දන්ත කාර් රථය ලිපිකරුවාගේ බෝඩිමේ ගේට්ටුවෙන් ඇතුළට හැරෙව්වේය. මුදලාලිව දැක ගෙතුලට මාරු වී යන්නට උත්සාහ දැරූ සැනින් ලිපිකරුවාව මුදලාලි දුටුවේය.
රථයෙන් බැසගත් මුදලාලි කට දෙකොන කන් දෙක ළඟට ඇදෙන තරමට ප්‍රබල සිනාවක් පා ලිපිකරුවා සමග සිනාසුනේය. ලිපිකරුවා තුෂ්නීම්භූතව බලා සිටියේය.
‘‘හරි මහත්තයා, වැඩේ හරියට හරි! හැමදේම හරියට හරි ගියා මහත්තය. බොහොම ඉස්තූතියි මහත්තයට. බොහොම ස්තුතියි. මට කවදාවත් කරපු උදව්වක් අමතක වෙන්නෙ නෑ.
‘‘ඕක මොකද්ද මුදලාලි’’ තරමක් ඉස්පාසුවක් ලබමින් ලිපිකරුවා කීවේය.
‘‘නෑ. නෑ. එහෙම කියන්න එපා මහත්තය’’ කී මුදලාලි පොකැට්ටුව ඉවත ඇද ඉතිරි ගාන ලිපිකරුවාට ගෙවා දැමුවේය.
‘‘මං පොඩි තෑග්ගකුත් ගෙනාවා මහත්තය හිතේ සංතෝසෙට’’ නැවත කාර් රථයට ගිය මුදලාලි විස්කි බෝතල් දෙකකුත් ඉන් ඉවතට ගෙන ආවේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පුතා පාස්කරගන්න මුදලාලිගෙන් සන්තෝෂමක්