IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


මැණිකේගේ අම්මා පොල්ලකුත් අරන් කොල්ලා ළඟට ඇවිත්

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
පදම ඉක්මවා යනතෙක් මත්පැන් පානය කර නිවෙසක් ඉදිරිපිට නැවතී වර්තමානයේ මුළු ලෝකයේම ජනාදරයට පත් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරමින් සිටින අවස්ථාවේ දී නිවසේ කාන්තාව දර ලීයක් රැගෙන එන අයුරු දැක දිව ගොස් ඇතැයි කියන අවිවාහක තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


එය කෑගල්ල නගරයේ පිහිටි තරමක් දුෂ්කර ගම්මානයකි. මෙම ගම්මානයේ 26 හැවිරිදි අවිවාහක තරුණයෙක් පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් මව්පියන් ද සමග ජීවත් විය.


මෙම තරුණයා පාසල් යන අවදියේ සිට ගම්මානයේ මව්පියන් සමග ජීවත් වෙමින් සිටින තරමක් සුරූපී පාසල් ශිෂ්‍යාවකට පෙම් බඳින්නට විය. තරුණයා 12 පන්තියේ ඉගනුම ලබන අවස්ථාවේ දී ශිෂ්‍යාව ඉගෙනුම ලැබුවේ ඊට පංති දෙකකට පහළ පන්තියකය. තරුණයත් තරුණියත් එකල පාසල් ආවේ ගියේ, කතා බහ කර එකම පාර දිගේය. දිනක් පාසල් සිසුවාට සිසුවිය කෙරෙහි ආදර හැඟීමක් පහළ විය.  


දිනක් පාසල් ශිෂ්‍යයා පාසල ඇරී සිසුවිය සමග නිවෙස් බලා පැමිණෙමින් සිටියදී කාලයක් තිස්සේ හදවතෙහි කැකෑරෙමින් පවතින ආදරය පිළිබඳ ඈ දැනුවත් කළේය. එහිදී පාසල් සිසුවිය තරුණයාට කියා ඇත්තේ කරුණු කිහිපයකින්ම දෙදෙනා නොගැලපෙන බවත්, මව්පියන් දැන ගත්තොත් තමන්ගේ පාසල් ගමන පවා නතර කරන බවත්ය. දින සති මාස ගෙවී ගියේය. කොපමණ කරුණු කාරණා තරුණයාට පහදා දුන්නද ඔහුගේ එම ඉල්ලීම් පාසල් සිසුවිය ඒ හැම අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කළාය. බැරිම තැන ඒ සම්බන්ධයෙන් ඇය වරෙක මව්පියන් ද දැනුවත් කර සිටියාය.


දැනට තරුණයාගේ වයස අවුරුදු 26 කි. ඔහු රැකියාවක් කර උපයා ගන්නා වැටුපෙන් නවීන පන්නයේ යතුරු පැදියක් ද මීට වසර දෙකකට පමණ ඉහතදී මිලට ගත්තේය. ජීවිතයේ පළමුවරට හිත ඇදී ගිය කෙල්ලගෙන් සතුටුදායක පිළිතුරක් තවමත් නොලැබීම නිසා තරුණයා වසර අටක පමණ කාලයක සිටින්නේ දැඩි කනස්සල්ලෙන්ය.


මීට දින කිහිපයකට ඉහතදී දිනක තරුණයාගේ උපන් දිනය යෙදී තිබුණි. තරුණයා එදින සවස මිතුරන් පිරිසක් සමග පදම ඉක්මවා මත්පැන් පානය කළේය. සෙසු තරුණ පිරිස නිවෙස් වෙත පිටත්කර යැවූ තරුණයා නිවස බලා යාමට පිටත් විය. කලක සිට සිතෙහි ඇල්මක් ඇති කරගෙන සිටින තරුණියගේ නිවස ඉදිරිපිටට පැමිණි තරුණයා මේ දිනවල මුළු ලෝකයම ජනාදරයට පත් ‘මැණිකේ මගේ හිතේ’ කියන ගීතය ගායනා කරමින් තාර පාරේ සිට නටන්නට ගයන්නට පටන් ගත්තේය.


පසුව 24 හැවිරිදි තරුණියගේ පියා පැමිණ මෙතන ගීත ගයා නටන්නේ නැතිව යන ලෙස කීපවතාවක්ම තරුණයාට කීවේය. එහෙත් තරුණයා ඒ කිසිවක් ගණන් නොගෙන ගීතය කිහිප වරක්ම මහ හයියෙන් ගායනා කරන්නට විය. පසුව තරුණියගේ මව දර ලීයක් රැගෙන එන අයුරු දැක ගැනීමෙන් පසුව තරුණයා ගීතය ගායනා කිරීම පසෙකලා නිවස බලා දිව ගොස් ඇති බවත් වාර්තා වෙයි.

 



අදහස් (0)

මැණිකේගේ අම්මා පොල්ලකුත් අරන් කොල්ලා ළඟට ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 700 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 704 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 763 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 962 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 554 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 904 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site