IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අක්කාගේ මල් කැඩිල්ලෙන් නංගීත් මල්ලිත් බඩගින්නේ

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
අක්කාගේ ප්‍රේම දුරකතන ඇමතුම නිසා නිරෝධායනය වෙමින් සිටි මල්ලිට හා නංගිට දහවල බත් බඩගින්නේ ඉන්නට සිදු වූ අපූරු පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් වාර්තා වේ.


තාත්තා විදේශ රටක සේවය කළේය. අම්මා කොරෝනා නිසා කොරෝනා මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියාය. ඒ, කොරෝනා රෝග තත්ත්වය උත්සන්න වීමත් සමගමය. ඒ සමගම ඇයගේ ආශ්‍රිතයන් වන ලොකු දුවත්, පොඩි දුවත්, පුතාත් නිවෙස් නිරෝධායනයට ලක් කර සිටියහ.


ලොකු දුව පාසල් අධ්‍යාපනය නිමා කර රැකියාවක් අපේක්ෂාවෙන් සිටියාය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළා මිසක් ගෙදරදොරේ ඉවුම් පිහුම් කිසිවක් ඉගෙන නොගත්තාය. මේ නිසාම නිවෙස් නිරෝධායනයට යොමු කොට සිටි ඔවුන් තිදෙනාටම තුන් වේලටම අවශ්‍ය ආහාරපාන ගෙන ආවේ ඥාතීන් ඇතුළු හිතවතුන්ය. ඊට බාධාවක් නොවූයේ ඔවුනට යමක් කමක් තිබූ අය වීමත් පියා විදෙස් රටක සේවය කිරීමත්ය.


එදා දහවල් කෑම රැගෙන පැමිණියේ ඥාති අයියා කෙනෙකි. නිවෙසේ ගේට්ටුව ළඟ තබා තිබූ පුටුව උඩ කෑම පාර්සල් තුන තියා ඔහු ලොකු දුවට දුරකතන ඇමතුමක් ගත්තේ ඒ බව දැන්වීමටය. දුරකතනය කාර්යබහුලය. කිහිප අවස්ථාවක් ඒ සඳහා උත්සාහ කළත් එය එසේමය.


නිවෙස ගේට්ටුවේ සිට දුරින් පිහිටා තුබූ නිසාත්, එහි ඉදිරිපස දොර වසා තිබූ නිසාත් දිවා ආහාරය රැගෙන ආ බව දැන්වීමට ඔහුට වෙනත් විකල්පයක් නොතිබිණ. ඒ එක්කම ඒ අවස්ථාවේදී යෙදී තිබූ හදිසි අවශ්‍යතාවක් නිසා ඔහු යතුරුපැදියේ නැගී ගියේ මගදී ඒ පිළිබඳව දුරකතන ඇමතුමක් ලබාදෙන බවට සිත්හි රඳවාගෙනය. මගදී ද ඇමතුම් ලබාගත්ත ද එය කාර්යබහුල විය.


විනාඩි තිහ හතළිහකට පමණ පසුව යාන්තම් ලොකු දුවගේ දුරකතනයට සම්බන්ධ වී “නංගි, අන්න දහවල් කෑම ගෙනත් පුටුව උඩ තියලා ඇති” යයි ඔහු කීවේය. ඒ සමගම වහාම ක්‍රියාත්මක වූ ලොකු දුව දහවල් කෑම පාර්සල් රැගෙන ඒමට ගිය විට දක්නට ලැබුණේ කෑම පාර්සල් තබා තිබූ පුටුව ආසන්නයේ දිව කට ලෙවමින් සිටිනා සුනඛ රැලකි. වැඩේ හමාර බව ඇය වැඩි දුරක් නොගොස්ම තේරුම් ගත්තාය. පුටුව උඩ තබා තිබූ කෑම පාර්සල් බිම දමා සුනඛයන් ඒවා ආහාරයට ගත්තේ නිරෝධායනය වෙමින් සිටි මේ තිදෙනාම දහවල බත් බඩගින්නේ හිඳුවාලමිනි.


මේ බව කාටවත් පවසා දහවල් කෑම ගෙන ඒම ලජ්ජාවක් යයි සිතූ ලොකු දුව ලැබී තිබූ විස්කෝතු පැකට් කඩාගෙන මල්ලිට හා නංගිට දී කෑවේ මේ බව කාටවත් නොකියන ලෙස ඔවුන් දෙදෙනාගෙන් ඉල්ලා සිටිමිනි. එහෙත් සවස සිය දූ දරුවන්ගේ සැප සනීප ඇසීමට මව දුරකතන ඇමතුමක් ගත් විට පොඩි පුතා සුරතල් වෙමින් “අම්මේ, අද හරි වැඩක් වුණේ. අක්කා යාළු අයියත් එක්ක ෆෝන් එකෙන් මල් කඩ කඩ හිටිය නිසා දහවල් බත් බඩගින්නෙත් ඉන්න සිද්ධ වුණා” යයි මේ සිද්ධිය කීවේ අම්මාට ද දෙවියන් බුදුන් සිහි කරමිනි.


අම්මාගේ බ්‍රේක් නැති කටෙන් මේ සම්බන්ධයෙන් ලොකු දුවට දොස් තැබුවේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටියවුන් ද දැනුම්වත් කරමිනි.

 



අදහස් (1)

අක්කාගේ මල් කැඩිල්ලෙන් නංගීත් මල්ලිත් බඩගින්නේ

himal Thursday, 07 October 2021 03:40 PM

මෙතන මල් කඩන්නෙ නැතුව අම්මා එක්ක කෝල් එකක හිටියත් මේ වැඩේ වෙන්න පුළුවන්නේ. වැ‍රැද්ද තියෙන්නේ කෑම එක බල්ලන්ට එන්න බැරි වෙන්න තියන්න තැනක් නැති එක.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site