(තිහගොඩ උපසේන ලියනගම)
අසල්වැසි නිවෙසකට උදව්වක් කිරීමට ගිය මැදිවියේ පුද්ගලයකුට පොලිසියට යාමට සිදුවීමේ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ ‘‘ගහකට ගහක් හමුවෙනවා’’ යැයි ප්‍රකට නගරය අසල නිවසකිනි.
ඔහු අසල්වැසි නිවෙසට උදයේම ගියේ ‘‘ඉඟුරු’’ කැබැල්ලක් ඉල්ලා ගැනීමටය. ගෙදර සිටියේ බිරිඳ හා දරුවන් පමණකි. සැමියා වැඩට ගොස්ය.
ඉඟුරු කැබැල්ලක් ගැලවීමට ගිය ඇය ‘‘එන්න ගෙයින් වාඩිවෙන්න’’ කීවේ හිතවත් කමටය. ගෙයි වාඩි වූ ඔහුට බිත්ති ඔර්ලෝසුවේ වේලාව දහය ලෙස පෙනුණත් සැබෑ වෙලාව උදේ නවය වූ බව තම දුරකතනයෙන් දුටු ඔහු ඉඟුරු කැබැල්ල තමාට දෙන ගමන් මේ වෙලාවේ වරද ගැන ඇයට කීවේය.
‘‘ඔව්, අනේ මම කීප දවසක් මහත්තයට කීවත් ඒක හැදුවේ නැහැ.’’‘ ‘‘ඇය කීවෙන් දිරිමත් වූ ඔහු මම හදල දෙන්නම්.’’ කියා අසල වූ ප්ලාස්ටික් පුටුවක් ගෙන එහි නැග බිත්ති ඔර්ලෝසුව ඇල්ලුවා පමණකි. පුටුවක් කඩාගෙන ඔහු බිම වැටුණේ බිත්ති ඔර්ලෝසුව ද බිම වැටී කුඩු කරගෙනය. නිවසේ කාන්තාව ‘‘කමක් නෑ’’ කියා ඔහුට නැගිටීමට උදව් කළත් ගෙදර ආ සැමියා බලවත් කෝපයට පත්ව ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේ අලුත් පුටුවක් හා බිත්ති ඔර්ලෝසුවක් ගෙනත් නුදුන්නොත් පොලිසිය යන බව පවසමිනි.
මෙය විහිළුවකැයි ඔහු සිතුවත් මෙය ඇත්තටම කළ ඉල්ලීමක් බව ඒත්තු ගියේ දුරකතන සංවාදය අවසානයේ තර්ජනයක් බවට පත්වීම නිසාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අල්ලපු ගෙට ගොඩවෙලා ඉල්ලාගෙන පරිප්පුවක් කාලා
arschfikaa Saturday, 09 October 2021 12:01 AM
ඔච්චරද කතාව ?මමනම් බලාපොරොත්තු වුනේ වෙන දෙයක් .