විහිළුවට විහිළුවක් කර පනස්දාහක් නැති කරලා පණට පණසේ එකට කන බොන මිතුරා කළ විහිළුවකට ප්‍රති විහිළුවක් කරමින් මිතුරාට පනස්දහසක් පාඩු කොට එය විහිළුවකට ගත් අපූරු යහළුවකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 07 December 2022
සැමියාට හොරෙන් ගත්ත ණය ඉල්ලන්න ආවාම පොලිසිය ගෙන්වලා ගම්බද ණය දෙන සමිතියකින් ලබාගත් ණය වෙනුවෙන් එහි මාසික වාරිකය ගෙවීම ප්‍රමාදවීම නිසා ණය වාරිකය ඉල්ලා ගෙදරට පැමිණි ණය දෙන මහත්තයා එළවා දැමීමට පොලිසියේ පිහිට පැතූ කාන්තාවක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතෙන් වාර්තාවේ. 06 December 2022
මළ ගෙවල් හුටපටෙන් නෝනා අන්දුන් කුන්දුන් වෙලා එහා හන්දියේ තිබූ මළ ගෙදරත් මෙහා හන්දියේ මළ ගෙදරත් නිසා අන්දුන්කුන්දුන් වූ කාන්තාවක පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. 05 December 2022
‘කෙහෙල් තැරියක්’ පටලැවී ‘මුදලාලි අයියාට’ නැගලා විවිධ පළාත්වල හා ජන වර්ග අතර ව්‍යවහාර වන භාෂාව හරිහැටි තේරුම් නොගැනීම නිසා සිදු වූ කලබගෑනියක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ එක්තරා පෙදෙසකින් වාර්තා වෙයි. 03 December 2022
පාසල් මුනුපුරා උදව්වට මනාලියක් ගේන්නදැයි ආච්චිගෙන් අහලා දාසය හැවිරිදි පාසල් මුණුපුරා ගෙදර දොරේ වැඩ කර ගන්න මනමාලියක් ගේන්න දැයි මිත්තනියගෙන් අසා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 02 December 2022
පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 01 December 2022
අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි. 30 November 2022
හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත් වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරුණු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි. 29 November 2022
මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත් තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි. 28 November 2022
මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත් මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 26 November 2022
ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 25 November 2022
බස් රියේදී මිතුරියට තට්ටුවක් දැම්මාම කනේ පහරක් බසයේදී කාලයකින් හමුවූ පාසල් මිතුරියට පොඩි විහිළුවක් කර ලොකු අමාරුවක වැටුණු අයකු ගැන දකුණේ ගමකින් අසන්නට ලැබේ. 24 November 2022
සාදයේදී පසුම්බිවලින් මුදල් ඇද්ද හොරා දන්තාලේපයෙන් මාට්ටු කාර්යාලයක සේවය කළ සේවකයෙක් අලුත් කාර් රථයක් මිලදී ගත් සතුට සමරන්නට සිය කාර්යාල මිතුරන්ට සූදානම් කළ සාදයට ආ පිරිසගේ මුදල් පසුම්බිවලට විද්ද හොරා දන්තාලේපයෙන් අල්ලාගත් පුවතක් බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තාවේ. 23 November 2022
සිසු පොළට ආ ප්‍රධාන ආරාධිතයා රුපියල් 10 කින් ඇඟ බේරාගෙන පාසල් දරු දැරියන් විසින් සංවිධානය කරනු ලැබූ සිඟිති පොළ විවෘත කිරීම සඳහා පාසල් තූර්ය වාදක කණ්ඩායම පෙරටු කරගෙන ගරු ගාම්භීරව පොළ භූමියට කැඳවා ගෙන ගිය ප්‍රධාන ආරාධිතයා රුපියල් 10 ක් ලබා දී ගොටුකොළ මිටියක් පමණක් ලබාගත් පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවේ. 22 November 2022
පාසලේ ගෝරි දැමු ගුරුන්ට දරුවන්ගෙන් යස පාඩමක් තමන් ගෝරි දමා ගත් විටදී මෙන් පාසලේ දී ගෝරි කරගත් ගුරුවරුන් දෙදෙනකුගේ මවුපියන් පාසලට කැඳවීමට දිවගිය සිසු පිරිසක් පිළිබඳ අපූරු පුවතක් අම්බලන්ගොඩ ප්‍රධාන පාසලකින් අසන්නට ලැබේ. 21 November 2022
දුවට පෙම්වතා එක්ක පැන යන්න අම්මා බත් මුල් දෙකක් බැඳ දීලා මහරෑ තම පෙම්වතා සමඟ පැනගිය දියණියකට බත් මුල් බැඳ දුන් මවක පිළිබඳ මේ අපූරු පුවත පසුගියදා ආරංචි වූයේ දකුණු පළාතේ හිනිදුම පැත්තෙනි. 19 November 2022
රෑට රෑට වගාව කන හොරුන් රැළ අතේ මාට්ටු අඹුසැමි යුවළකගේ එළවළු වගාවේ අස්වැන්න සොරකම් කළ අපූරු සොරුන් කණ්ඩායමක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 19 November 2022
මෝටර් සයිකලේ ලියුම් බෙදන්න බයිසිකල් කබලේ බෙල් එකක් හයිකරගෙන දිගු කලක් පාපැදියෙන් ගොස් ලියුම් බෙදූ ගම්බද ප්‍රදේශයක සේවය කළ තැපැල් පියුන් මහත්මයකු ඉතා අමාරුවෙන් මිලදී ගත් අලුත්ම අලුත් යතුරුපැදියට මළකඩ කෑ පාපැදි බෙල් එකක් සවිකර ගැනීමට සිදුවූ පුවතක් මොර සමග ගලක් යන අරුත් දෙන නමක් ඇති දකුණේ ප්‍රදේශයකින් වාර්තා වේ. 19 November 2022
දොස්තරගෙන් ලාන්සරයක් වටිනා බිල්පතක් ඇවිද ගැනීමට නොහැකි කකුල් දෙකම පණ නැති වී ගිය රෝගියෙක් දොස්තර හමුවට ගියේය. 19 November 2022
ලෙඩ බලන්න ගිය ඥාතියා රෝගියාගේ ඇඳේ දමලා ලෙඩා බලන්න ගිය ඥාතිවරිය ලෙඩා ඇඳෙන් බස්සවා තමන් ඇඳේ වැතිර සිටීමේ පුවතක් ගමේ ගොඬේ කතා බහකින් අසන්නට ලැබුණේ මෙසේය. 19 November 2022
වාහනය ඇඟේ හැපුණැයි බොරු චෝදනා කළ ‘අපතයාට’ වැඩ වරදී වාහනය තමාගේ ඇඟේ ගැටුණු බවට බොරුවට චෝදනා කරමින් රියැදුරන්ගෙන් මුදල් ගසා කෑමේ කූට ජාවාරමේ නිරත පුද්ගලයන් පිළිබඳව කොළඹ පමණක් නොව වෙනත් නගරවලින්ද නිරන්තරව අසන්නට ලැබේ. 19 November 2022
කුඩ්ඩෙකුට පෙම්කර මූණත් නරක් කරගෙන කුඩ්ඩකු සමග නොදැන අනියම් ඇසුරක් පැවැත් වූ තරුණියකට මුහුණෙන් පැත්තකුත් රන් ආභරණත් අහිමිවීමේ පුවතක් අනුරාධපුරයට නුදුරු ගමකින් ඇසෙයි. 18 November 2022
පූසාගේ මළගමදා ආරක්ෂක නිලධාරින් කුලියට හඬලා විදේශික යුවළ ආසියානුවෝය. තරමක් දිගු සංචාරයකට පැමිණ සිටි ඔවුන් නැවතී සිටියේ කොළඹට ආසන්න පෙදෙසක නවාතැනකය. ඔවුන්ගේ සුරතල් පූසා නිදා ගත්තේ ඔවුන්ගේ ඇඳේය. පසුගියදා අසනීප වූ පූසා සත්ව රෝහලක දී මිය ගියේය. මරණය ඇසූ දෙදෙනාම හඬා වැළපෙන්නට වූහ. පූසා වැළලීමට වළක් කැපූ ආරක්ෂක නිලධාරියාට රුපියල් පන් දහසක් ලැබිණ. 17 November 2022
සුද්දිට උදව්වට ගිහින් රස්සාවත් නැතිවෙලා වෙරි මතින් වැල්ලේ වැටෙන්න ගිය සුදු කතට ආධාරකයක් වී තමා ඇතුළු දරු පවුලම අනාථ කරගත් පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 16 November 2022
බලු තොප්පියක් දාගෙන ජෝඩුවක් බලුවෙලා දිනපතා පාහේ උදේ නිවස ඉදිරිපිට පාරේ බල්ලන් කැතකර තිබෙනු දුටු නිවැසි කාන්තාව මේ බල්ලන්ගෙන් බැල්ලියන්ගෙන් පුදුම කරදරයක් තමයි තියෙන්නේ කියා කියනු ඇසුණු අල්ලපු ගෙදර නෝනා ඒ බලු කතාව පටලවාගෙන හොඳින් ඇසුරු කළ පවුල් දෙක අතර විරසකයක් හදාගත් සිද්ධියක් පන්නිපිටිය දෙපානම ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. 15 November 2022
මනමාලි මනාලයාගේ කනින් රිංගලා මනාලියක බැලීම සඳහා ගිය මනාලයාගේ රුපියල් ලක්ෂ තුනක මුදලක් අතුරුදන් වීමේ පුවතක් ලංකාදීපයට වාර්තා වෙයි. 14 November 2022
බලු ගනුදෙනුවෙන් අසල්වැසියා බලුවෙලා අල්ලපු ගෙදර බල්ලා නමත් එක්කම රුපියල් 20000 කට හොරෙන් විකුණා මාට්ටු වූ පුවතක් දකුණු පළාතේ එක්තරා ගමකින් ඉකුත්දා අසන්නට ලැබිණ. 12 November 2022
මැඩම්ගේ විනෝදාංශය මාට්ටු වී මුදලාලි හාමිනේ රෙදි ගලවයි විනෝදාංශයක් ලෙස ඉතා සූක්ෂම අන්දමින් වෙළෙඳ සල්වලින් බඩු සොරකම් කරන ධනවත් කාන්තාවකට අපූරු පාඩමක් ඉගැන්වීමේ පුවතක් හසලක ප්‍රදේශයෙන් වාර්තා විය. 11 November 2022
ඇහැ බේරාගන්න ගිහින් අමුතු කුණක් කන්න වෙලා අක්ෂි වෛද්‍ය පරීක්ෂණයේ දී දෝස සහිත ඇස, දෝස රහිත ඇසෙන් ආවරණය කිරීමට ගොස් අලි අමාරුවක වැටුණු රියැදුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 10 November 2022
සාදයට ඇවිත් බිරියට බැල්ම දැමූ තරුණයන් දෙදෙනාට වැඩ වරදී සුහද හමුවකට ඇරියුම්කොට කට වරද්දාගත් මිතුරන් දෙදෙනෙකුට පොල්ලක් අරන් එළවා දැමූ පුවතක් අම්පාරේ ඈත එපිට එක් හේන් යායකින් වාර්තා වේ. 09 November 2022
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026