
කොරෝනා ව්‍යාප්තිය, ලොව පුරා රෝගයට ප්‍රතිකාර කිරීමේ සිට හඳුනාගැනීම දක්වා වූ පුළුල් විද්‍යාත්මක පර්යේෂණ දිරිගැන්වූ අතර LOLC ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජීස් සමාගම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) හා එක්ව සිලෝන් නැනෝ ඩයග්නෝස්ටික්ස් පෞද්ගලික සමාගම (CNDL) හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද RT-qPCR කොරෝනා වයිරස් හඳුනාගැනීමේ සම්මත ක්‍රමයේ සීමාවන් ඉක්මවමින් ‘ලෑම්ප්’ (loop-mediated isothermal amplification (LAMP) ක්‍රමවේදය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ හඳුන්වා දෙන ලදී.
මෙම නව ක්‍රියාවලිය සාම්ප්‍රදායික PCR පරීක්ෂණවලට සමාන වන අතර, න්‍යෂ්ටික අම්ල විස්තාරණය එක් උෂ්ණත්වයක දී සිදුවීම එහි විශේෂත්වයයි. එහි ප්‍රතිඵලයක් ලෙස, PCR පරීක්ෂණ සඳහා අනිවාර්ය තාප චක්‍ර වැනි උපකරණ RT-LAMP ක්‍රමවේදයේ දී අවශ්‍ය නොවේ. රෝග විනිශ්චය පිළිබඳ සැලකූ විට මෙම නව ක්‍රමය RT-qPCR පරීක්ෂණවලට වඩා වේගවත්, භාවිතයට පහසු, මෙන්ම ලාභදායී වේ. මෙහිදී පුළුල් PH අගය සහ උෂ්ණත්ව පරාසයන්, ක්‍රියාවලියට ලක් නොවූ සාම්පල විශ්ලේෂණයට ඇති හැකියාව මෙන්ම කියවීමේ ක්‍රමවේදයේ නම්‍යශීලී බව ඇතුළු වාසි රැසක් හිමිවන්නේ PCR පරීක්ෂණවලට සමාන නිශ්චිතතාව සහ සංවේදීභාවය පවත්වා ගනිමිනි.
සිලෝන් නැනෝ ඩයග්නෝස්ටික්ස් පෞද්ගලික සමාගම හවුල් ව්‍යාපාර සමාගමක් ලෙස ස්ථාපිත කරන ලද්දේ RT-LAMP කට්ටල නිෂ්පාදනය ඇතුළු අණුක රෝග විනිශ්චය ක්ෂේත්‍රයට අදාළ අනෙකුත් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙනි. LOLC ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජීස් සමාගම CNDL හි සියයට 50 ක කොටස් හිමිකම් දරන බ්‍රවුන් ෆාමා ලිමිටඩ් වෙනුවෙන් එහි කළමනාකාරිත්ව ආයතනය ලෙස කටයුතු කරන අතර SLINTEC ඉතිරි සියයට 50 කොටස් හිමිකම දරයි.
සංකල්පය තහවුරු කිරීමෙන් පසු, SLINTEC හි RT-LAMP පරීක්ෂණ ක්‍රමවේදය ජ’පුර විශ්වවිද්‍යාලය මගින් දැනට පවතින RT-PCR ක්‍රමය වෙනුවට අනුමත කරන ලදී. එහිදී එම විශ්ව විද්‍යාලය මගින් සපයන ලද 200 කට අධික රෝගීන්ගේ සාම්පලවලින් වෙන්කරගත් RNA විශ්ලේෂණයට ලක් කෙරිණ. ඉන් අනතුරුව ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය (IDH) මගින් සපයන ලද ආසාදිත රෝගීන්ගේ වෛරස් සාම්පල ජ’පුර විශ්ව විද්‍යාලයේ ඇති RT-qPCR භාවිතයෙන් පරික්ෂාවට ලක්කරන ලදී. ඉන්පසු SLINTEC හි RT-LAMP පරීක්ෂණ කට්ටලය එහි ක්‍රියාකාරිත්වය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් එකිනෙකට වෙනස් පරීක්ෂණාගාර තුනක දී (IDH, කරාපිටිය ශික්ෂණ රෝහල සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය) ස්වාධීනව අනුමත කරනු ලැබීය.
යහ නිෂ්පාදන ක්‍රියාවලි (GMP) විගණනයකින් අනතුරුව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, CNDLහි පහසුකම් මගින් RT-LAMP පරීක්ෂණ කට්ටල නිෂ්පාදනය සඳහා අනුමැතිය ලබාදී තිබේ. මීට අමතරව, LAMP තාක්ෂණය ශ්‍රී ලංකාවෙ භාවිතය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ද සිය කැමැත්ත පළකර ඇත.
දැඩි අනුකූලතා විගණනයකින් පසු නිෂ්පාදනාගාරයට යහ නිෂ්පාදන ක්‍රියාවලි (GMP) සහතිකය පිරිනමන ලද අතර අවසානයේ නිෂ්පාදිතය ශ්‍රී ලංකාවේ අණුක රෝග විනිශ්චය වෙළඳපොලේ වාණිජමය භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය හිමිවිය. RT-LAMP පරීක්ෂණ තාක්ෂණය ශ්‍රී ලංකාවට අලුත් වුවද, එය දැනට ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක භාවිතා වේ.
මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් LOLC සමූහයේ නියෝජ්‍ය සභාපති ඉෂාර නානායක්කාර මහතා මෙසේ පැවසීය.“විද්‍යාව, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ LOLC ආයෝජන ඉහළ නැංවීම, දැනුම සහ විද්‍යාත්මක නවෝත්පාදන සඳහා වූ අපගේ නොනිත් ආශාව සහ කැපවීම පිළිබිඹු කරන අතර, එය දේශීය අගය එකතු කිරීම මත කේන්ද්‍රගතවී ඇත. මෙම සහයෝගීතාවෙන් එය සැබැවින්ම ඉටුකර ඇති අතර විශේෂයෙන් පරිණාමය වන ගෝලීය වසංගතයක තීරණාත්මක අවධියකට එළඹ සිටිය දී එය සිදුකිරීමට හැකිවීම පිළිබඳ බෙහෙවින් සතුටු වෙමි. ප්‍රමුඛ සමාගම් සමූහයක් ලෙස, දේශීය විද්‍යාඥයන්ට සහ පර්යේෂකයන්ට ඔවුන්ගේ කුසලතා සහ දැනුම ප්‍රයෝජනයට ගනිමින් ගවේෂණයන්හි යෙදීමට වේදිකාවක් සපයමින්, එවැනි අගය එකතු කිරීම් සඳහා අඛණ්ඩව ආයෝජන සිදුකිරීමට අපි කැපවී සිටිමු.”
LOLC ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජීස් යනු LOLC සමූහයේ පර්යේෂණ හස්තයයි.
2025 නොවැම්බර් මස 04
349
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2153
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
LOLC ඇඩ්වාන්ස්ඩ් කොවිඩ් හඳුනාගැනීමට RT-LAMP පරීක්ෂණ කට්ටලය දියත් කරයි
sam Sunday, 19 December 2021 12:25 PM
ශ්‍රේෂ්ඨයි...!