
- 2025 අවසානයේ රජය සතු සමස්ත ණය රු.බි. 29,994 ක්
- රු.බි. 18,675ක් දේශීය ණය රු. බි. 11,319 ක් විදේශීය ණය
2025 වසර අවසන් වනවිට රජය සතු සමස්ත ණයෙහි වටිනාකම රුපියල් බිලියන 29,994.69 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 වසර අවසන් වන විට පැවැති රුපියල් බිලියන 28,738.70 ක සමස්ත ණය හා සැසඳීමේදී ණයෙහි රුපියල් බිලියන 1,255.99 ක ඉහළ යෑමකි.
මුදල්, සැලසුම්කරණ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මගින් සකස් කළ දත්ත අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සකස් කළ ආසන්නතම සතියේ ආර්ථික දර්ශකයේ මෙම කරුණු සඳහන්ව තිබේ.
මේ අතරින් රජය සතු සමස්ත දේශීය ණය ප්‍රමාණය 2025 වසර අවසානයේදී රුපියල් බිලියන 18,675.32කි. එය 2024 අවසානයේදී පැවැති රුපියල් බිලියන 18,309.66 හා සැසඳීමේදී රුපියල් බිලියන 365.66 ක ඉහළ යාමකි. එහිදී බාණ්ඩාගාර බිල්පත් හරහා ණය රුපියල් බිලියන 4,061.55 ක සිට රුපියල් බිලියන 3,136.29ක් දක්වා අඩුවීමක් සිදුව තිබේ. කෙසේ වෙතත් භාණ්ඩාගාර බැඳුම්කර හරහා ණය රුපියල් බිලියන 14,079.20 ක සිට රුපියල් බිලියන 15,427.75ක් දක්වා ඉහළ නැග තිබේ.
මීට අමතරව 2025 වසර අවසන් වනවිට රජය සතු සමස්ත විදේශ ණය වටිනාකම රුපියල් බිලියන 11,319.36 ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 වසර අවසානයේදී පැවැති රුපියල් බිලියන 10,429.04 හා සැසඳීමේදී රුපියල් බිලියන 890.32 ක ඉහළ යාමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd