මුදල් ඇනවුම් සම්පත් බැංකුවෙන් ගන්න පහසුකම්
ඕනෑම තැපැල් කාර්යාලයකින් යවන මුදල් ඇනවුමක් එම මුදල් ඇනවුම ලබාගන්නා අයට සම්පත් බැංකුවේ ටෙලර් මැෂින් හරහා පැය 24 පුරා , දින 365 හේ දීම ලබාගැනීමේ අවස්ථාව සලසමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හා සම්පත් බැංකුව එක්ව ’’ E - Pay Mobile Cash ’’ සේවාව ආරම්භ කිරීම තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්.එච්.එ.හලීමි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සිදුකෙරිණි.