‘‘වෘත්තීය පුහුණු ක්ෂේත්රයේ පුනරුදයක් ඇති කළ යුතුයි‘‘ වෘත්තීය පුහුණු ක්ෂේත්රයේ පුනරුදයක් ඇති කර ඉහළ නිපුණතාවලින් සමන්විත ශ්‍රමිකයන් දේශීය සහ අන්තර්ජාතික රැකියා වෙළෙඳපොළට හඳුන්වාදීමේ වගකීම ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 27 December 2019
මුල්‍ය ගැටලුවට විසඳුම් සොයන්න ආණ්ඩුවේ අවධානය ආර්ථිකය තුළ නව පිබිදීමක් ඇති කිරීමට සහාය දෙන අතරවාරයේදී මූල්‍ය ක්ෂේත්රයේ දීර්ඝකාලීන ගැටලුවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා කොළඹ දී අද (27) පැවැසීය. 27 December 2019
ආනයනික අර්තාපල් මිල පහළ බසී ආනයනික අර්තාපල් කිලෝවක මිල රුපියල් 25 කින් අඩු කිරීම අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 50 කින් පමණ අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 27 December 2019
ප්‍රතිපත්ති පොළී අනුපාතිකය වෙනස් කරන්නේ නැති බව මහබැංකුව කියයි ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මේ වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (27) ප්‍රකාශ කළේය. 27 December 2019
ඇඟලුම් නිෂ්පාදනයට කෙසෙල් කෙඳි ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා කෙසෙල් කෙඳි භාවිත කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පේෂකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ. 26 December 2019
ලංකාවේ නිෂ්පාදිත නියමු යාත්‍රා 2 ක් කොළඹ වරායට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව නියමු යාත්‍රා 2ක් කොළඹ වරායට එක් කිරීම නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) සිදු කෙරුණි. 23 December 2019
ඇමැති ප්‍රසන්නගෙන් ආයෝජන මණ්ඩලයට උපදෙස් මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ආයෝජන අවස්ථාවන් සිදුකිරීමට අවසර ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා කඩිනමින් නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට උපදෙස් දී ඇත. 22 December 2019
‘ආර්ථික කටයුතුවලදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව දෙන්න’ ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව යන දෙරටටම පොදු ඉතිහාසයක් පැවතීම, විශිෂ්ට ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා පැවැත්වීම හා බහුපාර්ශ්විය ක්ෂේත්රයේදී දෙරට සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් ආර්ථික කටයුතුවලදී ශ්‍රී ලංකාවට නැවත වරක් ප්‍රමුඛතාව දෙන්නැයි විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉකුත් දා ඉල්ලීය. 20 December 2019
ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයකු වන සුසන්ත රත්නායක මහතා පත් කරනු ලැබ ඇත. 19 December 2019
සංචාරක ආදායමේ කඩාවැටීමක් මෙම වසරේ පළමු මාස දහය ඇතුළත සංචාරක ක්ෂේත්රයේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2806 ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 17 December 2019
වැසි වතුර ගලා නොයාමෙන් කරන්දෙණියේ කුරුදු වගාව විනාශයි මාස ගණනාවක් තිස්සේ සිය වගා බිම්වල රැඳී පවතින වැහි වතුර ගලා නොබැසීම හේතුවෙන් කරන්දෙණියේ කුරුඳු අක්කර දහස් ගණනක් විනාශ වී ඇති බව කරන්දෙනියේ කුරුඳු ගොවීහු කියති. 17 December 2019
ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ එක්ව ගුවන් ගමන් අරඹයි ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ එක්ව යුරෝපය,උතුරු ඇමෙරිකාව,දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග දක්වා නවතම ගමනාන්ත 18 ක් කරා ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීමට පියවර ගෙන තිබේ. 16 December 2019
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ඉහළට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවලු ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් සියලුම එළවලු වර්ගවල මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. 16 December 2019
කොළඹ නැව් තටාකාංගනයේ ශාඛාවක් හම්බන්තොට වරායේ විවෘත කෙරේ කොළඹ වරායට අනුබද්ධ නැව් තටාංගනයේ (ඩොක්යාඩ්) ශාඛාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ අද (10) විවෘත කෙරිණි. 10 December 2019
ඝර්මකලාපීය රටවල හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල මේදිනවල පවතින ශීත දේශගුණයෙන් ඈත් වී නිවාඩුව ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත 20 අතරින් පළමු ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර ඇත. 10 December 2019
සුළු අපනයන භෝග ආනයනය තහනම් කිරීමෙන් ගම්මිරිස් මිල වැඩිවෙලා ගම්මිරිස් කුරුඳු ඇතුළු සුළු අපනයන බෝග නවයක් ආනයනය කිරීමත් ප්‍රති අපනයනයත් වත්මන් රජය විසින් තහනම් කිරීමට ගත් තීරණය නිසා මේ වන විටත් ගම්මිරිස් මිල ඉහළ ගොස් ඇති බවත් ඉදිරියේදී ගොවීන්ට තවත් සහන ලැබෙනු ඇති බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේත්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පි. හීන්කෙන්ද මහතා කීය. 09 December 2019
දුරකතන ගාස්තු සඳහා අයකළ බද්ද අඩුකෙරේ වැට් බදු හා විදුලි සංදේශ බදු අඩු කිරීම සහ අනිකුත් බදු සංශෝධනය කිරීම හේතුවෙන් දුරකතන ගාස්තු අඩුවීමේ සමස්ථ බදු ප්‍රතිශතයන් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අද (9) ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ. 09 December 2019
ව්‍යාපාරකරණයට ෆේස්බුක් ගූගල් ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාරවලට ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු යොදා ඇත. 09 December 2019
‘ලංකාපුත්‍ර‘ බැංකු බලපත්‍රය අහෝසියි බැංකු ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් වෙත ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 09 December 2019
කොළඹ වරාය නගරයෙන් හෙක්ටයාර 269 ක් එක්වෙයි කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකරමින් ඉදි කරන ලද හෙක්ටයාර 269ක භූමිය කොළඹ නගරයට එක් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7) සිදු කෙරුණි. 08 December 2019
ණය නොගෙවීමෙන් මූල්‍ය සමාගම් රැසක් දැඩි දුෂ්කරතාවයකට ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින බවට ජනපති අපේක්ෂකයන් පොරොන්දු දීමෙන් ණය හිමියන් ණය නොගෙවීම නිසා මූල්‍ය සමාගම් රැසක් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි මූල්‍ය සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි. 07 December 2019
ඉවතලන ප්ලාස්ටික් බෝතල් වලිනුත් ටී ෂර්ට් ඉවතලන ප්ලාස්ටික් බෝතල් මගින් පරිසරයට සිදුකරන හානිය අවම කිරීම සඳහා එම බෝතල් උපයෝගී කරගනිමින් රයිසර් (Rizer) නමින් ටී ෂර්ට් පෙළක් හඳුන්වාදීමේ උත්සවයක් කොළඹ ලිබර්ටි ප්ලාසාහිදී අද (07) පැවැතිවිණි. 07 December 2019
ත්‍රිකුණාමලය වරායට නව කර්මාන්ත ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළක් ත්‍රිකුණාමලය වරායට නව කර්මාන්ත ආකර්ෂණය කරගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව වරාය, නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යාංශයේදී පැවැසීය. 05 December 2019
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ කටයුතු කඩිනම් කරන්න යයි කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කාර්යයන් කඩිනමින් ආරම්භ කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් කඩිනමින් සකස් කර තමන් වෙත දෙන්නැයි වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 05 December 2019
ආයෝජන ව්‍යාපාරික සමුළුව 10 වැනිදා ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකුවන ආචාර්ය මාක් මෝබියස් මහතා ගේ ප්‍රධානත්වයෙන් අයෝජන ව්‍යාපාරික සමුළුවක් ලබන 10 වැනිදා කොළඹදී පැවැත්වේ. 04 December 2019
ඇඟළුම් කර්මාන්තය ‘හරිත කර්මාන්තයක්’ බවට පත්කිරීමේ ව්‍යාපෘතියක් දේශීය ඇඟළුම් කර්මාන්තය ‘හරිත කර්මාන්තයක්’ බවට පත් කිරීමේ අරමුණින් එච්.එස්.බී.සී. බැංකුව සහ සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වූ අන්තර්ජාතික සංවිධානය කොළඹදී අද (3) නව ව්‍යාපෘතියක් ආරම්භ කළේය. 03 December 2019
ණය තොරතුරු කාර්යාංශයට නව ගණනය කිරීමේ පද්ධතියක් ලබන වසරේ සිට ණය තොරතුරු කාර්යාංශයට නව ගණනය කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 29 November 2019
‘විස්තාරා’ගුවන් සේවය කොළඹට ගමන් අරඹයි ඉන්දියාවේ හොඳම ගුවන් සේවය ලෙස සැලකෙන විස්තාරා ගුවන් සේවය අද (25) සිට ඉන්දියාවේ මුම්බායි නුවර සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව එම සමාගම නිවේදනය කරයි. 25 November 2019
ඕමානය-කටුනායක අතර ගුවන්සේවා ඇරැඹෙයි ඕමානයේ මස්කට් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් සේවයක් ආරම්භ කළ සලාම් එයා ගුවන් සේවයේ මංගල ගුවන් ගමන් සිදු කරමින් ප්‍රථම ගුවන් යානය අද (25) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගා විය. 25 November 2019
සංචාරක කර්මාන්තයේ ව්‍යවසායකයන්ට අත හිත පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයේ බිඳවැටීමෙන් ආර්ථික වශයෙන් දුෂ්කරතාවයට පත්ව සිටින මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුකම් සැලැසීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක සහ ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ‘ලංකාදීප’ යට අද (24) පැවැසීය. 24 November 2019
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026