ශ්රී ලාංකීය සනීපාරක්ෂක හා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයන් අතර විශ්වසනීය වෙළෙඳ නාමයක් වන වෙලෝනා විසින්, ඔවුන්ගේ නවතම අලෙවි ශාඛාව කොළඹ 05 පිහිටි ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරන ලදී.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Thread Works (Pvt.) Ltd.හි සභාපති, ආචාර්ය ගෙහාන් ද සොයිසා මහතා සහභාගි විය. තව ද Thread Works (Pvt.) Ltd.හි නිලධාරීන් සහ ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේ සහ Melsta Healthහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
“ශ්‍රී ලංකාවේ විශ්වසනීයම සන්නාමයක් ලෙස අපගේ ප්‍රමුඛ අරමුණ වන්නේ මවුපියන්ට මෙන්ම ළදරුවන්ට අවශ්‍ය සුවපහසුව රැගත් නිෂ්පාදන තිළිණ කිරීමයි. සියවසකට ආසන්න කාලයක් පුරා කාන්තා හා ළමා සෞඛ්‍යය වෙනුවෙන් ඇපකැප වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහලක් වන ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල, අපගේ නවතම නිෂ්පාදන අලෙවි ශාඛාව විවෘත කිරීමට සුදුසුම ස්ථානයක් බව අප විශ්වාස කරනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ පැතිරීමත් සමග, අපට වැදගත් වනුයේ පාරිභෝගික ආරක්ෂාවයි. මෙම නවතම අලෙවිසල හරහා අපගේ පාරිභෝගිකයන්ට කිසිදු ගැටලුවකින් තොරව, ඉතාමත් කඩිනමින් තමන්ට අවශ්‍ය නිෂ්පාදන ආරක්ෂිතව මිලදී ගැනීමේ හැකියාව හිමි වෙනවා.” යනුවෙන් මෙම අවස්ථාවට සහභාගි වූ Thread Works (Pvt.) Ltd. සභාපති, ආචාර්ය ගෙහාන් ද සොයිසා මහතා පැවැසීය.
මෙම නවතම අලෙවි ශාඛාව Velona Clothing සන්නාමය යටතේ විවෘත කළ තෙවැනි අලෙවි ශාඛාව වන අතර, අනෙකුත් ශාඛා කොළඹ ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණය තුළ සහ මොරටුව ප්‍රදේශයේ පිහිටා ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෙලෝනා නවතම අලෙවි ශාඛාව ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී