IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


හම්බන්තොට වරායෙන් සමූද්‍රීය ගෑස් ඉන්ධන ළඟදීම

සමූද්‍රීය ගෑස් ඉන්ධන (MGO) මෙට්‍රික් ටොන් 15,000ක් රැගත් ඉන්ධන නෞකාව වන ‘සනී බේ’ පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) සේන්දු විය. මෙය, වරායේ ඉන්ධන ගබඩා පර්යන්තයේ ගබඩා කිරීම සඳහා MGO රැගෙන ආ පළමු නෞකාව වේ.

HIP තම ගෝලීය හවුල්කරු සයිනොපෙක් සමාගම සමඟ, අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් (VLSFO) තොග වශයෙන් සැපයීමේ මෙහෙයුම පසුගිය වසරේ ආරම්භ කළේය. ඉන්ධන ගබඩා පර්යන්තය සමඟ එහි තෙල් ජැටි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර, ලෝක ප්‍රකට ලොයිඩ්ස් රෙජිස්ටර් සමාගම විසින් FSS සුරක්ෂිත සහතිකය ද (Fitness for Service - සේවා සැපයීමට යෝග්‍යතාව) හිමි කර ගැනීමෙන් අනතුරුව, හම්බන්තොට වරාය දැන් MGO සහ  මැරීන් ඩීසල් තෙල්  (MGO) සැපයීමට සුදානම්ව සිටී. මෙම MGO සේවා ආරම්භයත් සමඟ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, පාරිභෝගිකයන්ගේ සියලු ඉන්ධන අවශ්‍යතා සපුරාලමින් කලාපයේ ප්‍රමුඛ ඉන්ධන තොග සැපයුම්කරුවකු ලෙස ස්ථානගත වනු ඇත.

හම්බන්තොට වරාය, ජාත්‍යන්තර ප්‍රමිතීන්, මිණුම් දණ්ඩක් කරගනිමින්, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අති නවීන ඛනිජ තෙල් පරීක්ෂණ රසායනාගාරයක් ද පිහිටුවා ඇත. ප්‍රමුඛ පෙළේ ගෝලීය පරීක්ෂණ සේවා සපයන්නකු වන ඉන්ටර්ටෙක් ලංකා පෞද්ගලික සමාගම සමඟ එක්ව පිහිටුවා ඇති රසායනාගාරය තුළින් නාවික ඉන්ධන, LPG ගෑස්, LNG ගෑස් සහ අනෙකුත් ඛනිජ රසායනික නිෂ්පාදන, සහතික කිරීම සහ පරීක්ෂා කිරීම ආදී සේවා සපයනු ඇත. වරාය පරිශ්‍රය තුළ පිහිටා ඇති රසායනාගාරය IMO 2020 හෙවත් ගෝලීය සල්ෆර් රෙගුලාසිය පරීක්ෂා කිරීමේ හැකියාව ඇති ජාත්‍යන්තර ලෙස වර්ගීකරණය වූවකි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ පවසන්නේ, ලොයිඩ්ස් රෙජිස්ටර් සමාගම මඟින් සහතික ලත් ඉන්ධන ගබඩා පර්යන්තය මෙන්ම, නවීනතම රසායනාගාර පහසුකම් වලින් ද සමන්විත හෙයින් HIP හට සේවාලාභීන්ට, විශාල වටිනාකමක් ලබාදීමට හැකි වන බවයි. “ලෝකයේ නාවික ඉන්ධන වලින් සියයට 50 ක වෙළඳාම් සිදු වන ඉන්දියානු සාගරයේ, උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති හම්බන්තොට වරාය, ඉන්ධන සැපයීම, LPG සහ අනාගත LNG මෙහෙයුම්, ආදී  සියලු සේවා සඳහා ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස නිසි තැන ගැනීමට සුදානම්ව සිටී.”



අදහස් (7)

හම්බන්තොට වරායෙන් සමූද්‍රීය ගෑස් ඉන්ධන ළඟදීම

sena Wednesday, 09 February 2022 06:33 PM

කවුරු හරි මට කියනවද ඕකෙන් අපේ රටට ඇති වැඩේ මොකක්ද කියලා..?

:       78       11

AwankaFriday, 11 February 2022 07:46 AM

ආයෝජනයක් ලැබෙන සාමන්‍ය දේවල් තමයි. ටික දෙනෙක්ට රස්සාවල් ලැබෙනවා. රජයට බදු ගන්න පුලුවන්. අපේ ළමයින්ට අන්තර්ජාතක මට්ටමේ පුහුණුවීම් ගන්න පුලුවන් . SLPA එකට 15% ලැබෙනවා ලාබෙන්. සේවා ගාස්තු ලැබෙනවා SLPA එකට. වරාය දියුණු වුනාම FDI ටිකක් එයි ලාංකාවට. අපේ දේශීය සමාගම් වලට sub වැඩ වත් හම්බෙයිනේ. අපේ මිනිස්සු හරියට සැලසුම් කරලා මේ ව්‍යාපාරය කලා නම් මි්ට වඩා හොද ආදායමක් අපිට ගන්න තිබ්බා.

:       1       40

akalanka Thursday, 10 February 2022 11:33 AM

නම අපේ,බිසනස් එක එයාලගේ .ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඕකට තමයි

:       36       8

වෙනුර Thursday, 10 February 2022 08:18 PM

පෝට් සිටියෙත්ත් වෙන්නේ ඔය දේමයි. ඔක්කොම ප්‍රතිලාභ චීනෙට. අපිට හුළං.

:       25       6

චන්දිම Friday, 11 February 2022 12:10 AM

මම ආයෙත් අහනවා මේ ලිපිය ලිව්ව කෙනාට හරි කියන්න මේ වරායෙන් අපේ රටට ඩොලර් ලැබෙනවාද කියල

:       2       10

Sampath Friday, 11 February 2022 08:56 AM

ඕක දැං චීනයේ නේද? දන්නා එකෙක් කියනවද ඔය දේවල් වලින් අපට ලැබෙනේ මොනවද කියලා. ඔය තරම් වටිනා සම්පතක් තමයි තුට්ටු දෙකට විකුණලා දැම්මේ

:       2       14

සුජීව Thursday, 17 February 2022 01:09 PM

ඔය වවගේ ව්‍යාපෘති කීයක් ලංකාවට ආවද? කෝ අපේ රට දියුණු උනාද?

:       10       2

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 188 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 188 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 140 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 258 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 49 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 432 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 668 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2188 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1885 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site