ජෝන් කීල්ස් පදනම සහ ජෝර්ජ් කීට් පදනම එක්ව සංවිධානය කළ කලා පොළ 2021 නත්තල් අදියර, පසුගියදා අතිසාර්ථක ලෙස මාර්ගගත (Online) ක්‍රමයට පැවැත්විණි. මේ යටතේ කලා ශිල්පීන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමටත්, අලෙවි කිරීමටත් www.srilankanartgallery.com ඩිජිටල් වෙබ් ගැලරිය ඔස්සේ අවස්ථාව සලසා දෙන ලදී.
කලා පොළ යනු ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව ආරම්භ වූ වැඩසටහනක් වන අතර, පසුගිය වසර 27ක කාලය තුළ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය එහි ප්‍රධාන අනුග්‍රාහක සහ කළමනාකරු ලෙස කටයුතු කර ඇත. ශ්‍රී ලාංකික කලා ශිල්පීන්ට අත්වැලක් වෙමින්, ඔවුන්ට තම නිර්මාණ දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාමට අවස්ථාව සලසා දෙන මෙම වැඩසටහන, ජෝන් කීල්ස් පදනමේ ප්‍රජා සත්කාර වැඩසටහන් තුළ මූලික අවධානයක් යොමුවන අංශයක් වන ‘කලාව හා සංස්කෘතිය’ යටතේ ක්‍රියාවට නැංවෙන ප්‍රමුඛතම වැඩසටහනකි.
කොවිඩ් තත්ත්වය හේතුවෙන් 2021 පෙබරවාරි හා මාර්තු යන මාසවලදී කලා පොළ වැඩසටහන මුල්ම වරට අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලදී. එහි සාර්ථකත්වය හේතුවෙන් නත්තල් සමය වෙනුවෙන් එහි තවත් අදියරක් පැවැත්වීමට සංවිධායකවරු කටයුතු කළහ. මීට කලාකරුවන් 273 දෙනකු නිර්මාණ 5,034ක් ඉදිරිපත් කර තිබූ අතර, අන්තර්ජාලය ඔස්සේ 64,700කට අධික පිරිසක් මෙම කලා පොළ නැරැඹීමට එක්වූහ. මෙහිදී කලා නිර්මාණ 422ක් අලෙවි කිරීමෙන් ලද ආදායම රුපියල් මිලියන 12.6ක් පමණ විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘කලා පොළ’ NTB අනුග්‍රාහකත්වය සමගින් මාර්ගගත ක්‍රමයට