IMG-LOGO

මොරටුව විශ්වවිද්‍යාලය සහ DP පදනම අවබෝධතා ගිවිසුමක

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මොරටුව විශ්වවිද්‍යාලය සහ ඩී.පී. පදනම  Dhammika & Priscilla Perera (DP Foundation) අතර විවෘත මාර්ගගත තොරතුරු තාක්ෂණ පාඨමාලා සංවර්ධනය සහ බෙදාහැරීම සඳහා සහයෝගිතාව ලබා දීමෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින්නා වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ලෝලීන් සඳහා නොමිලේ ඉගෙනීමේ අවස්ථා සඳහා ප්‍රවේශයක් ලබා දීමයි. ඩී.පී. පදනම එහි ඩී.පී. එඩියුකේෂන් (DP Education) අංශය හරහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත මෙම නව මුලපිරීම තුළ මාර්ගගත පාඨමාලා නිෂ්පාදනය සඳහා අවශ්‍ය අරමුදල්, මානව සම්පත් ඇතුළු සියලු‍ම පහසුකම් සපයනු ලැබේ.

මේ වනවිටත් යූ ටියුබ් වෙබ් අඩවිය තුළ දියත් කර ඇති “යුනිවර්සිටි ඔෆ් මොරටුව - බිට් ඔන්ලයින් යූ ටියුබ් නාලිකාව හරහා සියලු‍දෙනාට මැතමැටික්ස් ෆෝ අයි.සී.ටී. වෙබ් ප්‍රෝග්‍රෑමින් ඩේටාබේස්  මැනෙජ්මන්ට් සිස්ටම්ස් සහ අයි.සී.ටී. ඇප්ලිකේෂන්ස් වැනි විෂය ධාරා නොමිලේ අධ්‍යයනය කිරීමට පහසුකම් සලසා ඇත.

ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා යුවළගේ පරිත්‍යාගශීලී මුලපිරීමක් වන ඩී.පී. පදනම දැනුම පදනම් කරගත් සමාජයක් බිහිකිරීමට මෙන්ම සෑම ශ්‍රී ලාංකිකයකුගේම කුසලතා වැඩිදියුණු කිරීම උදෙසා කැපවී සිටී.



අදහස් (1)

මොරටුව විශ්වවිද්‍යාලය සහ DP පදනම අවබෝධතා ගිවිසුමක

චරක Wednesday, 26 January 2022 11:35 PM

සැබෑ නිදහස් අධ්‍යාපනය. විශිෂ්ඨ ඇරඹුමක්..!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 99 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 541 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 970 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site