පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමක් CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී’ තවත් ගෞරවණීය සම්මානයක් දිනා ගැනීමට පසුගිය දා සමත් විය.
ඒ පීපල්ස් ලීසිං සමාගම එම සම්මාන උළෙලෙහි 2020/21 වසර සඳහා Finance Companies and Leasing Companies (Total Assets above LKR 20 Billion) යන අංශය වෙනුවෙන් පිරිනමන රිදී සම්මානය දිනා ගැනීමෙනි.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ගණකාධිකරණ ආයතනය වන ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් සංවිධානය කළ CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙල’ විවිධාංගීකරණ ව්‍යාපාරික අංශ අතර පැවැත්වෙන ශී‍්‍ර ලංකාවේ වඩාත් පැරණි හා ගෞරවනීය ආයතනික සම්මාන උළෙලක් සේ පිළිගැනෙන්නකි.
පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව අඛණ්ඩව දේශීය මෙන්ම විදේශීය ඇගයීමට ලක්වීමෙන් මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් සමාගම පවත්වාගනු ලබන විනිවිදභාවය, විශ්වාසනීයත්වය හා සමාජ සත්කාරක මෙහෙවර විදහාපාන්නකි. පීපල්ස් ලීසිං සමාගම මෙවර හිමි කරගත් සම්මානය ඉහත සඳහන් අංශවල ඉහළ ගුණාත්මකභාවය පවත්වා ගැනීම කෙරෙහි දක්වන කැපවීම තවදුරටත් සනාථ කරන්නක් ද විය.
පීපල්ස් ලීසිං සමාගම හිමි කරගත් මෙම සම්මානය පිළිබඳව අදහස් දැක් වූ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි, ෂමින්ද්‍ර මර්සිලින් මහතා මෙසේ පැවසීය. පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව බොහෝ අවස්ථාවල දේශීය හා විදේශීය වශයෙන් ඇගයීමට ලක්වූවක්. එය අප පීපල්ස් ලීසිං සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය, සමාගම් ව්‍යූහය, යහපාලනය, ආයතනික සමාජීය වගකීම් හි මුලපිරීම්, උපාය මාර්ගික යොමුවීම් හා සමාගම් දැක්ම මැනවින්ම විදහා පාන්නකි. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ගණකාධිකරණ ආයතනය වන ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් සංවිධානය කළ වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්වීම අප සමාගමේ වාර්ෂික වාර්තාකරණය හා සන්නිවේදන හැකියාව මෙන්ම යහ පාලනය නැවත වරක් සනාථවීමකි.
-සටහන- චමින්ද මුණසිංහ
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පීපල්ස් ලීසිං වාර්ෂික වාර්තාවට CA Sri Lanka ගෞරවනීය සම්මානයක්