IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇක්විටි පාට්නර්ස් සමාගමට නව නියමුවෝ

 

DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන තිමල් පෙරේරා මහතා, ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබේ. ඇක්විටි පාට්නර්ස් යනු DFCC බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ සම-හිමිකාරීත්වය යටතේ පවතින, පූර්ණ-සේවා ආයෝජන බැංකුවකි.

මෙම පත්කිරීමට අමතරව, ලලිත් විතාන සහ සචිත් එන්. පෙරේරා යන මහත්වරු එම සමාගමේ නව ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරු ලෙස පත්කර සිටිති. ඇක්විටි පාට්නර්ස් සමාගම මේ වනවිට ආයතනික මූල්‍ය, කොටස්, ස්ථාවර ආදායම් සුරැකුම්පත්, ‘වෙන්චර් කැපිටල්’ සේවා සහ වත්කම් කළමනාකරණ සේවා ඇතුළු සේවා රාශියක් පිරිනමයි.

බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයකු වන තිමල් පෙරේරා මහතා 2022 ජනවාරි 01 දින ඇක්විටි පාට්නර්ස් හි සභාපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාරගත්තේ ය. මූල්‍ය සේවා හා බැංකුකරණ ක්ෂේත්‍රවල දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දශක දෙකකට අධික පළපුරුද්දක් ඒ මහතා සතු වේ. මීට පෙර ඒ මහතා හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරමින් එම බැංකුවේ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණ සේවා අංශයේ මෙහෙයවීය.

ලලිත් විතාන මහතා, බැංකු, නිෂ්පාදන හා වෙළඳ ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු දැරූ, වසර 25 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි. බ්‍රැන්ඩික්ස් ගෲප්, අර්න්ස්ටි ඇන්ඩ් යූත් යනාදී සමාගම් රාශියක ඒ මහතා විවිධ තනතුරු දරා ඇත. මීට පෙර ඒ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමූහ ප්‍රධාන මූල්‍ය හා පරිපාලන නිලධාරී ලෙසත්, ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් කටයුතු කර තිබේ.

බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයකු වන සචිත් එන්. පෙරේරා මහතා, වසර 26 ක කාලයක් HSBC ආයතනයෙහි සේවය කර ඇති අතර, ඉන් වසර 12 ක කාලයක් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ HSBC ආයතනයේ භාණ්ඩාගාරික සහ ගෝලීය වෙළඳපොළ ප්‍රධානී ලෙස සේවය කළේ ය. නව පත්කිරීම් සමගින් ඇක්විටි පාට්නර්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තිමල් පෙරේරා (සභාපති), රේ අබේවර්ධන (කළමනාකාර අධ්‍යක්ෂ), රජීව දිසානායක, දමිත් පල්ලෙවත්ත, සංජේ විජේමාන, ලලිත් විතාන සහ සචිත් එන්. පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.

-සටහන- චමින්ද මුණසිංහ

තිමල් පෙරේරා අධ්‍යක්ෂ මණ්ඩල සභාපති - ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගම


ලලිත් විතාන අධ්‍යක්ෂ - ඇක්විටි පාට්නර්ස් සමාගම


සචිත් එන්. පෙරේරා අධ්‍යක්ෂ - ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගම



අදහස් (0)

ඇක්විටි පාට්නර්ස් සමාගමට නව නියමුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site