ශ්රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සඳහා ප්‍රමුඛයකු වන SLASSCOM- ආයතනය IFC (ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව) සහ ජපාන රජය සමඟ එක්ව තාක්ෂණික ක්ෂේත්‍ර යේ නිරත, කාන්තා ව්‍යවසායිකාවන් සම්ප්‍රදායෙන් බැහැරට ගෙන බලගැන්වීම ඉලක්ක කරගත් සුවිශේෂී තරඟයක් සංවිධානය කර තිබුණි.
'Hack like a Girl' ලෙස මෙම තරඟය සංවිධාන කර තිබුණේ තාක්ෂණික ව්‍යවසායිකාවන්ගේ දියුණුව වේගවත් කිරීමේ අරමුණින්. ඔවුන් හෙට දිනයේ පෙරළිකාර විසඳුමක් වෙනුවෙන් සූදානම් කිරීම ද මෙමඟින් අපේක්ෂා කෙරේ. සහභාගිවූවන්ට අන්තර්ජාල සැසිවාර සහ පුහුණු වැඩසටහන් හරහා ක්ෂේත්ර යේ ප්‍රවීණයන් සහ උපදේශකයින් සමඟ අන්තර් ක්‍රියාකාරකම් සඳහා ද අවස්ථාව හිමි වූ අතර එහිදී අදහස් හෝ සංකල්ප ගොඩනැගීම,වලංගුකරණය,වෙළඳ නාමකරණය,මූල්‍ය කළමනාකරණය සහ කුසලතා සංවර්ධනය වැනි විෂයන් පිළිබඳව දැනුම ලබා ගැනීමේ විශේෂ අවස්ථාවක් ද ඔවුන්ට හිමි විය.
මෙම සුවිශේෂී අවස්ථාව කාන්තා ක්‍රමලේඛිකාවන්ට (programmers) නව්‍ය අදහස් පුබුදුවාලීමට සහ ඒවා භාවිතයට අගනා ආරම්භයකි. තිහකට අධික සහභාගිවීම් වලින් යුතු වූ Hackathon තරඟයේ, අවසන් වටයට 15ක් සුදුසුකම් ලැබුහ. තොරතුරු තාක්ෂණ /BPM සමාගම්වල කාන්තා ක්‍රමලේඛිකාවන් මෙන්ම කලාප කිහිපයක දේශීය විශ්ව විද්‍යාල ආධුනික තාක්ෂණික ව්‍යවසායිකාවෝද ද මේ සඳහා සහභාගී වූහ.
Hackathon තරඟය හරහා, ඊට සහභාගිවන්නන්ට ඔවුන්ගේ තාක්ෂණික විශේෂඥතාව ප්‍රදර්ශනය කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ බාධක බිඳ දමමින් පෙරළිකාරී විසඳුම් නිර්මාණය කිරීමට ද හැකියාව ලැබේ. වැඩිදියුණු කල ජාලකරණයක් සහ තාක්ෂණික කාන්තාවන් අතර ශක්තිමත් සහයෝගීතාවක් සඳහා සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීමට ද මෙමඟින් ලැබෙන හැකියාව විශේෂිතයි.
ජිනා රාජපතිරණ, අමිරා ගෆෝර්, ඉමේෂ් ලියනගේ, ක්රිටතිකා තුෂ්ය න්ත, ෆියෝනා නානායක්කාර, ෂහීකා සිරාජ්, අනෝජන් කනේෂතස්, තරිඳු දසනායක, ප්ර භාත් පෙරේරා, දිමූතු පොන්නම්පෙරුම, කවීන් මුහන්දිරම්ගේ, සංජීව පතිරණ,කෞශල්යාස බටවල සහ ඉස්මයිල් සහුර්දීන් වැනි ක්ෂේතයේ ප්‍රවීණයෝ අවසන් කණ්ඩායම් 15 ට උපදේශකත්වය ලබාදුන්හ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
SLASSCOM කාන්තා ව්‍යවසායිකාවන් බලගන්වයි